ටෝස්ට්මාස්ටර්ස් කථන තරඟාවලියේ ත්‍යාග ප්‍රදානය අරුනාසලම් බාල්රාජ්ගේ ප්‍රධානත්වයෙන්
- Sujeewa Senerath
- November 11, 2025
- අධ්‍යාපන, පුවත්
- 0 Comments
වසර 101 පැරණි ජාත්‍යන්තර ටෝස්ට්මාස්ටර්ස් (Toastmastets International ) සංගමයට අනුබද්ධ ශ්‍රී ලංකාවේ ටෝස්ට්මාස්ටර් දිස්ත්‍රික් 82 මෙහෙය වූ 2025 පොදු අවකාශ කථන තරඟාවලියේ (Public Speaking) ත්‍යාග ප්‍රදානෝත්සවය එම සංගමයේ හිටපු අන්තර්ජාතික සභාපති අරුනාසලම් බාල්රාජ් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කොළඹ දී පැවැත්වුණි.
එහි දී ඇගයීම් කථන (Evaluation Speech Contest) හාස්‍යජනක කතා (Humorous Speech Contest) යන අංශවල තරග කාණ්ඩ හතරකින් මෙම තරග පැවැත් වූ බව කලාපීය අධ්‍යක්ෂ කසුන් විජේතිලක (Kasun Wijetilleke) මහතා පැවසීය.
මෙහි දී Division F අංශයේ හාස්‍යජනක කතා තරඟයේ (Humorous Speech) ප්‍රථම ස්ථානය ටීනා ඇන්ඩර්සන් ( Tina Anderson ) ද ඇගයුම් කතා අංශයේ (Evaluation Speech) ප්‍රථම ස්ථානය යාසිව් රසාක් (Yasiv Razzak) ද Division I අංශයේ හාස්‍යජනක කතා තරගයේ (Humorous Speech) ප්‍රථම ස්ථානය (Yuki Ranathilake) යූකී රනතිලක ද ඇගයුම් කතා අංශයේ (Evaluation Speech) ප්‍රථම සථානය අබුබකර් රාසා (Aboobucker Raza) දිනා ගත්හ.




