ණය ප්‍රතිව්‍යුහගතකරන ක්‍රියාවලිය ගැන ආණ්ඩුවේ මතය කුමක්ද ? – මහාචාර්ය ප්‍රසන්න පෙරේරා
- Sujeewa Senerath
- January 6, 2026
- දේශපාලන, පුවත්
- economics analyzers, IMF, prof-prasanna-perera
- 0 Comments
ශ්‍රී ලංකාවේ විදේශිය ණය අත්හිටුවීම සිදුකළ යුතු බව ලෝකයේ පිළිගන්නා සංවර්ධන ආර්ථික විද්‍යාඥයින් 120 ක් දැනුම් දී තිබුණා. ඒ වගේම නැවත වතාවක් ණය ප්‍රතිව්‍යුහගතකරන ක්‍රියාවලියක් ආරම්භ කළ යුතු බවත් ඔවුන් ප්‍රකාශ කර තිබුණා. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ මතය සමගි ජනබලවේගය දැන ගැනීමට කැමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා පැවසිය.
ඔහු ඒ බව කියා සිටියේ, සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ (05) දින පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා මෙසේද පැවැසී ය,
‘‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති එකඟතාවයන් සංශෝධනය කර ගැනීමේ වැදගත්භාවය පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතදීන් ප්‍රකාශ කරනු ලැබුවා. ඒ වැදගත්භාවය ආර්ථික විද්‍යානුකූලව මතුවෙලා තිබෙන තත්ත්වයන් සමඟ කෙතෙක් දුරට අවශ්‍ය වන්නේදැයි සොයා බැලිය යුතුයි.
ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියත් සමඟ ණය තිරසර කිරීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව යම් එකඟතාවලට පැමිණ තිබෙනවා. ඒ වගේම දිනකට ඩොලර් 4.2 කට අඩු ආදායමක් ලැබීම අන්ත දුක්ඛිතභාවයක් බව ලෝක බැංකුව අර්ථ දක්වනවා. ඩොලර් 4.2 ක යනු ජාත්‍යන්තර දරිද්‍රතා ඉම ලෙස හඳුන්වා දෙනවා.
ඒ වගේම 2025 වසරේ දී ශ්‍රී ලංකාවේ දරිද්‍රතා රේඛාව සියයට 22.4 ක් වන බව ලෝක බැංකුව පුරෝකථනය සිදුකරනවා. ඒ වගේම 2027 දී ශ්‍රී ලංකාවේ අන්ත දුක්ඛිත දරිද්‍රතාවයනේ පෙළෙන ප්‍රතිශතය සියයට 20 කට වඩා වැඩි බවත් ලෝක බැංකුව දත්ත මගින් පෙන්වා දී තිබෙනවා.
ඒ වගේම අධ්‍යාපනය , සෞඛ්‍ය සහ ජිවන තත්ත්වය වගේම තවත් දර්ශක 10 ක් මත පදනම්වන බහුමාන දරිද්‍රතා දර්ශකය පිළිබඳවත් ලෝක බැංකුව තොරතුරු වාර්තා කර තිබෙනවා. බහුමාන දරිද්‍රතා දර්ශකයට අනුව ලංකාවේ ජන ගහනයෙන් සියයට 50 ක් පමණ දුප්පත්භාවයෙන් පෙලෙනවා. එ් අතරයින් වතු ආශ්‍රීතව සියයට 68 ක පිරිසත් දුප්පත්භාවයෙන් පෙළෙන බවත් , ග්‍රාමීය දුප්පත්භාවය සියයට 48 ක් සහ නාගරික අංශයේ දුප්පත්භාවය සියයට 38 ක් බවත් ලෝක බැංකු වාර්තාවල සඳහන් වෙනවා.
ඒ වගේම ශ්‍රී ලංකාවේ මන්දපෝෂණයෙන් පෙළෙන ප්‍රතිශතයත් ඉහළ ගොස් තිබෙනවා. අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන සියයට 22.4 ක ප්‍රතිශතයට ඉහළින් සියයට 10 ක් සිටින බව ලෝක බැංකු වාර්තාවල සඳහන් වෙනවා. එම සියයට 10 ක ප්‍රමාණය මොනයම් හෝ අවස්ථාවක දරිද්‍රතා ප්‍රතිශතයට එකතුවීමේ අවදානමක් තිබෙන බවත් ලෝක බැංකුව ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ නමුත් රටේ ජනගහනයෙන් තුනෙන් එකක් පමණ අන්ත දරිද්‍රතාවයෙන් පසුවෙනවා.
ඒ වගේම ලෝක බැංකුව මෙම දරිද්‍රතා දර්ශක පිළියෙළ කර තිබුණේ දිට්වා සුළි කුණාටුව ඇතිවීමට පෙරයි. දිට්වා සුළි කුණාටුවෙන් පසු ඩොලර් බිලියන 4.1 ක සමස්ත පාඩුවක් රටට සිදුවී ඇති බව ලෝක බැංකු වාර්තාවල සඳහන් වෙනවා. දළ දේශිය නිෂ්පාදනයෙන් එය ප්‍රතිශතයක් ලෙස එය සියයට 4 ක පමණ ප්‍රමාණයක් වනවා. විශේෂයෙන්ම මිලියන 2 ක ජනතාවක් මෙම සුළි කුණාටුව හේතුවෙන් ඇතිවුණ ආපදා තත්ත්වයෙන් පීඩාවට පත්ව තිබෙනවා. ඒ වගේම මෙම ආපදා තත්ත්වය හේතුවෙන් පවුල් ලක්ෂ 5 ක් පමණ දැඩි පීඩාවකට පත්ව තිබෙනවා.
ඒ වගේම දරිද්‍රතා රේඛාවේ සිටින පුද්ගලයෙකුට 2021 දී රුපියල් 8000 ක් අවශ්‍ය වුයේනම් අද වනවිට එම මුදල රුපියල් 16,000 දක්වා වැඩි වෙලා තිබෙනවා. ජිවන වියදම දෙගුණයකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ වගේම සුළි කුණාටු තත්ත්වයට පෙර රටේ ජනගහයෙන් සියයට 15 ක පමණ වහලයක් නැහැ. කෙසේ නමුත් දිට්වා සුළි කුණාටුවෙන් පසු මෙම තත්ත්වය තවත් බැරැරුම් ලෙස වර්ධනය වී තිබෙනවා. ඒ වගේම රටේ සියයට 20 කට වැඩි තරුණ තරුණියන් පිරිසක් විරැකියාවෙල් පෙළෙනවා. ඒ වගේම විදුලිබිල , ජලබිල ගෙවා ගැනීමට නොහැකිව තවත් විශාප පිරිසක් අපහසුතාවයන්ට පත්ව තිබෙනවා.
කෙසේ නමුත් ආර්ථික අර්බුදය හමුවේ බැට කමින් සිටි , ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ එකඟතා අනුව දැඩි බදු බරකින් පීඩාවට පත්ව සිටි ජනතාවට ගහෙන් වැටුණ මිනිසාට ගොනා ඇන්නා වගේ වැඩක් සිද්ධවෙලා තිබෙනවා. ඒ නිසා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ඇති කරගෙන තිබෙන ගිවිසුම රටට ඵලදායි ලෙස ප්‍රතිසංස්කරණය කරගත යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළා.
මෙවැනි තත්ත්වයක් තුළ ශ්‍රී ලංකාවේ විදේශිය ණය අත්හිටුවීම සිදුකළ යුතු බව ලෝකයේ පිළිගන්නා සංවර්ධන ආර්ථික විද්‍යාඥයින් 120 ක් දැනුම් දී තිබුණා. ඒ වගේම නැවත වතාවක් ණය ප්‍රතිව්‍යුහගතකරන ක්‍රියාවලියක් ආරම්භ කළ යුතු බවත් ඔවුන් ප්‍රකාශ කර තිබුණා. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ මතය සමගි ජනබලවේගය දැන ගැනීමට කැමැතියි.
ඒ වගේම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහෝදර ආයතනයක් වන ලෝක බැංකු දත්ත අනුව රටේ දරිද්‍රතාවය ඉහළ ගොස් තිබෙනවා. ඒ වගේම දුප්පත් ජනතාවගේ ප්‍රමාණය දිනෙන් දින වැඩි වෙනවා. ඒ වගේම නිවාස නැති විශාල පිරිසක් රටේ සිටිනවා. ඒ වගේම ජිවන වියදම ඉහළ ගොස් තිබෙනවා. මේ තත්ත්වයන්ට ආණ්ඩුවේ ආර්ථික මොඩලයෙන් ලැබෙන පිළිතුර කුමක්ද?
ඒ වගේ ආර්ථිකය වර්ධනය වී එහි ප්‍රතිලාභ ජනතාව ලැබේවේ යැයි පිරිසක් සිතනවා. නමුත් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ ලැබෙන්නේ ණය දුන්න පිරිසටයි. ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ සාමාන්‍ය ජනතාවට ලැබෙන්නේ නැහැ. යම් යම් සුළු ප්‍රතිලාභ ජනතාවට ලැබුණත් එහි වැඩි ප්‍රතිලාභයක් ලැබෙන්නේ ණය ලබාදුන් පිරිසකට. සියයට 40 කට වඩා වැඩි ප්‍රතිශතයක් ණය හිමිකරුවන්ට ලැබෙනවා. ඒ වගේම මෙම තත්ත්වය ඉදිරියට ගියහොත් ණය කපාහැරිම් ප්‍රතිශතය සියයට 15 සිට සියයට 7 දක්වා අඩුවිය හැකියි.
ඒ වගේම ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ඇති කරගෙන තිබෙන එකඟතා හොඳින් ක්‍රියාත්මක කරන බවත් ශ්‍රී ලංකාව ධනාත්මක වෙනස්කම් අත්කරගෙන තිබෙන බවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ප්‍රකාශ කර ගෙන තිබෙනවා. ඒ වගේම අවදානම් සහිත තත්ත්වයන් වැඩි වී ඇති බවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සඳහන් කරනවා.
කෙසේ නමුත් රටේ ඇතිවී තිබෙන අවදානම් තත්ත්වයන් මොනවාද කියලා ආණ්ඩුව පැහැදිලි කළ යුතුයි. ඒ වගේම ප්‍රාථමික ගිණුමේ හිඟය ගණනය කරද්දී දේශිය වශයෙන් කොන්ත්‍රාත්කරුවන්ට සහ සැපයුම්කරුවන්ට ගෙවිය යුතු ණය සහ පොලි අත්හැරදමා තමයි ගණය කර තිබෙන්නේ.
ඒ වගේම වර්තමාන රජයේ ආර්ථික මොඩියුල තුළ සියලුදෙනා අන්තර්ගතවන තත්ත්වයක් පෙනෙන්න නැහැ. දුප්පත් ජනතාවගේ දුප්පත්භාවය වැඩි වෙමින් පවතිනවා. පහළ මධ්‍යම පාන්තිකයින්ට ආර්ථික පීඩාව දැනෙනවා. බදු ගෙවන්නන්ට ඉහළ බදු ප්‍රතිශතයක් ගෙවන්න සිදුවෙලා තිබෙනවා. මෙවැනි තත්ත්වයක් තුළ ආර්ථිකය සියලුම දෙනාට අත්කර දෙනවා වෙනුවට ණය දුන්න පුද්ගලයින්ට වැඩි වාසියක් හිමි වන බවත් තමයි පෙනෙන්න තිබෙන්නේ. ඒ නිසයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ඇති කරගෙන තිබෙන එකඟතාවය පිළිබඳව නැවත සාකච්ඡා කර ණය ප්‍රතිව්‍යුහගතකරන ක්‍රියාවලිය සාදා ගතයුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරන්නේ.‘‘

