නව විගණකාධිපතිනිය ලෙස එල්. එස්. පී. ජයරත්න

42 වැනි විගණකාධිපති තනතුරට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපති එල්.එස්.අයි. ජයරත්න මහත්මිය පත් කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (03) ඒකමතිකව අනුමැතිය ලබා දුන්නේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව දහවල් 12.00 ට කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්විය.

Leave A Comment