මෙරට ප්‍රමුඛතම රෙදි පිළි සහ ඇඟලුම් කර්මාන්ත ප්‍රදර්ශනය  මාර්තු 05 සිට 07 දක්වා කොළඹ දී

ශ්‍රී ලංකාවේ අපනයන ආදායමෙන් 35% ප්‍රතිශතයක් නියෝජනය කරන ඇඟලුම් හා රෙදි පිළි ආශ්‍රිත කර්මාන්ත ක්ෂේත්‍රයට අදාල මෙරට පවත්වන විශාලතම සහ ප්‍රමුඛතම ප්‍රදර්ශනය වන Textile Series 15 වන වරටත් මාර්තු 05  සිට 07 දක්වා කොළඹ SLECC හිදී පැවැත් වේ.

CEMS-Global USA විසින් සංවිධානය කරනු ලබන මෙම ප්‍රදර්ශනය තුළින් රෙදි පිළි හා ඇඟලුම් ක්ෂේත්‍රයට අදාළ ගෝලීය නව තාක්ෂණය, විකල්ප මූලාශ්‍ර සහ උපාය මාර්ගික හවුල්කාරීත්වයන් සඳහා වේදිකාවක් සපයන බව CEMS-Global USA හි විධායක අධ්‍යක්ෂ එස්.එස්.සර්වර් මහතා පැවසීය.

| එස්.එස්.සර්වර් මහතා
| එස්.එස්.සර්වර් මහතා

පසුගියදා (24) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා කියා සිටියේ මෙම ප්‍රදර්ශනයට රටවල් 18 ක හවුල්කරුවන් සහභාගි  වන බවයි.2009 සිට මෙරට ඇඟලුම් සහ රෙදිපිළි ක්ෂේත්‍රයේ දීර්ඝ කාලීන ආර්ථික පුනර්ජීවන දැක්මක් සහිතව මෙරට ව්‍යාපාර සහයෝගිතා කටයුතු ආරම්භ කළ CEMS-Global ආයතනය මෙවර පවත්වන ප්‍රදර්ශනය සමඟ මෙම ක්ෂේත්‍රයට අදාළ උපායමාර්ගික කර්මාන්ත හමුවක්ද සංවිධානය කර ඇතැයි පැවසීය.මෙම ප්‍රදර්ශනය තුළින් ශ්‍රී ලංකාවේ රෙදි පිළි හා ඇඟලුම් අංශයේ  දිගු කාලීන ඔරොත්තු දීමේ හැකියාව සහ වර්ධනය සහතික කිරීම සඳහා ගෝලීය සහභාගිත්වය සහ නවෝත්පාදනය ඇති උපාය මාර්ගික වැදගත්කම මැනවින් ඉස්මතු කරන බව ඔහු පැවසීය.

මෙම මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ, ශ්‍රී ලංකා ඒකාබද්ධ ඇඟලුම් සංසදයේ සභාපති ෆීලික්ස් ප්‍රනාන්දු,ශ්‍රී  ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ සංගමයේ සභාපති රාජිත ජයසූරිය මහත්මිය, CEMS-Global හි සමූහ අධ්‍යක්ෂ අභිෂේක් දහස් මහතා ද සහභාගි වූහ.

| උපුල් ජනක ජයසිංහ

Leave A Comment