විදුලිබල ප්‍රතිපත්තියට යෝජනා අදහස් දෙන්න නැවතත් අවස්ථාවක්
- Editor
- February 17, 2026
- පුවත්, බලශක්ති සහ විදුලිය
- 0 Comments
“විදුලිබල ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ජනතා අදහස් ලබාගන්න දින 21ක් ලබාදුන්නා. එහිදී ඉදිරිපත් කරපු යෝජනා අදහස් සැළකිල්ලට අරගෙන සංශෝධනය කරමින් සැකසූ අවසන් ප්‍රතිපත්ති යෝජනා ඇතුළත් වාර්තාව, දැන් නැවතත් මහජන අදහස් ලබාගැනීම සඳහා ඉදිරිපත් කරල තියෙනවා.
ඉදිරි 19 වන දින දක්වා ඒ සම්බන්ධයෙන් වන අදහස් හා යෝජනා ඉදිරිපත් කරන්න පුලුවන්” යැයි බලශක්ති අමාත්‍යවරයා අද (17) පාර්ලිමේන්තුවේදී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ප්‍රකාශ කර සිටියේය.
එකී විදුලිබල ප්‍රතිපත්තිය මහජන අදහස් ලබා ගැනීම සඳහා බලශක්ති අමාත්‍යාංශයේ www.energymin.gov.lk නිළ වෙබ් පිටුවේ ප්‍රකාශයට පත්කොට ඇත.

