වින්නඹු කර්මය හා මානසික හෙදකම විභාගය කල්දමයි
- Sujeewa Senerath
- November 24, 2025
- දේශපාලන, පුවත්
- health ministry of sri lanka
- 0 Comments
2025.11.30 දින පැවැත්වීමට නියමිතව තිබූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ඉගැන්වීම සහ අධීක්ෂණය (මාස 12) හා වින්නඹු කර්මය / මානසික හෙදකම (මාස 06) අඩංගු අවුරුදු 01 ½ ක ඩිප්ලෝමා පාඨමාලාව සඳහා පශ්චාද් ප්‍රාථමික හෙද පුහුණුවට බඳවා ගැනීම – 2023 සීමිත ලිඛිත තරඟ විභාගය එදිනට නොපැවැත්වීමට හා අදාළ විභාගය කල්දැමීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
එම විභාගය නැවත පැවැත්වන දිනය පසුව දැනුම්දෙනු ලබන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

