ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට වසර 100 යි
- Sujeewa Senerath
- December 17, 2025
- දේශපාලන, පුවත්
- dr nalinda jayathissa, health ministry of sri lanka, slbc
- 0 Comments
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවත් ජනතා ජිවිතත් අතර අත් නොහළ හැකි බැදීමක් පවතින බවත්, ඉදිරි දශකයේ පෙරළිකාර නවීකරණයන් සිදු කිරීමේ වගකීම කාර්ය මණ්ඩලය සතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.
ලොව දෙවැනි පැරණිතම ගුවන් විදුලි ආයතනය සහ ආසියාවේ පැරණිතම ගුවන් විදුලි සේවාව වන ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ (SLBC) සියවස් සැමරුම (16) දිනට යෙදී තිබුණි.
මෙරට විදත් මාධ්‍ය සන්නිවේදනයේ පුරෝගාමියා ලෙස සැලකෙන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සියවස් සැමරුම වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයේ සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් හා මහා සංඝරත්නය සියක් නමක් විෂයෙහිලා සපිරිකර සංඝගත දක්ෂිණාවක් පිළිගැන්වීමට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලය කටයුතු යොදා තිබුණි.
ඒ අනුව සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයෙන් පසු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇතුළු මැති ඇමැතිවරුන් මෙන්ම සංස්ථාවේ ප්‍රගමනයට දායක වූ සම්භාවනීය මාධ්‍යවේදන්, ඉංජිනේරුවරුන්, ප්‍රවීණයන් සහ විද්වතුන්, නිවේදකයින් මෙන්ම සංස්ථා කාර්ය මණ්ඩලයේ ද සහභාගීත්වයෙන් මහා සංඝරත්නය වෙනුවෙන් දහවල් දානය පිරිනැමීම සහ අෂ්ඨ පරිෂ්කාර ඇතුලු සෙසු පිරිකර පුජා කිරීම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයේ දී සිදු විය.
අෂ්ඨ පරිෂ්කාර අනතුරුව ත්‍රෛනිකායික මහා සංඝරත්නය විෂයෙහි අනුශාසනා ත්‍රිත්ත්වයක් සිදු කළ අතර, ඉන් අනතරුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය අදහස් දක්වන ලදි.
එම අදහස් දැක්වීමේ දී අමාත්‍යවරයා කියා සිටියේ මෙය ජාතික වැදගත්කමකින් යුත් අවස්ථාවක් බවත්, මෙරට ජනතාවගේ ජිවිත වලට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවත් සමග අත් නොහළ හැකි බැදීමක් පවතින බව පැවසීය.
පෞඩ ඉතිහාසයක් සහිත ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට තරඟයක් නොවන බවත්, මෙරට සියළු මාධ්‍ය ආයතනවලට ගුණාත්මක දර්ශකයක් සකස් කිරීමේ වගකීම පවතින බවද පෙන්වා දෙන ලද අතර, ගුවන් විදුලි සංස්ථාවේ නිලධාරී මණ්ඩලය සමග 350 ක් පමණ වන කාර්ය මණ්ඩලයට ඉදිරි දශකයේ වැදගත් පෙරළිකාර නවීකරණයන් සිදු කිරීමේ වගකීම වන බවත් එය අභියෝගයක් වන බව ද පැවසීය.


