ස්වභාවික ව්‍යසන, දේශගුණ විපර්යාසයන්ට ඍජුව වගකිව යුත්තේ බටහිර රටවල් වුණත් ඔවුන් ඒ ගැන කිසිම අවධානයක් යොමු කරන්නේ නැහැ. – හිටපු කතානායක කරු ජයසූරිය
- Sujeewa Senerath
- January 5, 2026
- දේශපාලන, විශේෂාංග
- 0 Comments
“මම මුලින් සඳහන් කළ ආකාරයට මේ ආකාරයේ ස්වභාවික ව්‍යසන සිදුවීමට සහ එහි විනාශකාරී බව ඉහළ යාමට දේශගුණ විපර්යාස ඍජුව දායක වී තිබෙනවා. මේවට වගකිව යුත්තේ බටහිර රටවල් වුණත් ඔවුන් ඒ ගැන කිසිම අවධානයක් යොමු කරන්නේ නැහැ. අනෙක් අතින් අපි අපේ පරිසරය, වනාන්තර, ජල පෝෂක ආදි ස්වභාවික පරිසරයේ සමතුලිතතාවය විනාශ කිරීමත් ප්‍රධාන හේතුවක්.“
රටක් ලෙස ගත් අපි ඉතාම දරුණු ස්වභාවික ව්‍යසනයකට මුහුණ දුන්නා. මේ හරහා සිදු වුණ විනාශය අපට පහසුවෙන් හානිපූරණය කර ගැනීම අසීරු බවට සැකයක් නැහැ. රටෙත් ජනතාවගෙත් යහපත දිහා බලලා මේ තත්ත්වයෙන් ගොඩඒමට, නැතිනම් රට යළි ස්ථාවර කිරීමට අපි අනුගමනය කළ යුතු පියවර මොනවාද ?
ඇත්තටම දිට්වා සුළි කුණාටුව හරහා ඇති වූ විනාශය සම්බන්ධයෙන් අපි දැඩි ලෙස කනගාටු වෙනවා. මම හිතන විදිහට විහාර මහ දේවිය මුහුදට බිලි දීමට සිදු වුණ සිදුවීමට පසුව අපේ ඉතිහාසය තුළ සිදු වුණ දරුණුම ස්වභාවික ව්‍යසනය තමයි මේක. 2004 සුනාමි ව්‍යසනයෙන් 40,000කට අධික පිරිසක් මිය ගියත් රටෙන් වැඩි ප්‍රමාණයක් විනාශයට පත් වුණේ නැහැ. නමුත් මෙවර දිස්ත්‍රික්ක තුනක් හැර මුළු රටම පීඩාවට පත් වුණා. මේ අවස්ථාවේ දී මට සිහිපත් වෙනවා අපි රට පාලනය කළ කාලයේ, ඒ කියන්නේ 2003 දීත් මේ ආකාරයෙන්ම දැවැන්ත ගංවතුරක් ඇති වුණා. එදා ගාල්ල, මාතර, හම්බන්තොට, කලුතර සහ රත්නපුරයේ විශාල විනාශයක් සිදු වුණා. එදා ජීවිත 200ක් නැති වෙලා නිවාස 48,000ක් පමණ අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන් විනාශ වුණා. ඒ වගේම රාජ්‍ය සහ පෞද්ගලික දේපොළ විශාල ප්‍රමාණයක් විනාශ වුණා.
මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට රජය පත්කළ කමිටුවේ සභාපතිවරයා ලෙස මාව පත් කළා. අපි මෙහි දී ඉතාම දක්ෂ කණ්ඩායමක් තෝරා ගෙන දින 180ක් වැනි කාලයක් තුළ විපතට පත් ජනතාවගේ ජීවිත යළි ස්ථාවර කිරීමට සමත් වුණා. මෙහිදී තවත් වැදගත් කරුණක් සිහිපත් කළ යුතුයි, එදා අපට විශාල වශයෙන් විදේශ ආධාර ලැබුණා. ඉන්දියාව, ජපානය, යුරෝපා සංගමය ඇතුළු ලෝකයේ බොහෝ රටවල් අපට නොසෑහෙන්න උපකාර කළා.
ආපදා කළමනාකරණ පනත කෙටුම්පත් කිරීම ආරම්භ වුණෙත් මේ කාලයේ දී නේද ?
ඔව්, මේ ගංවතුර තත්ත්වය සමඟ ආපදා කළමනාකරණයට වඩාත් කාර්යක්ෂම සහ විධිමත් යාන්ත්‍රණයක අවශ්‍යතාව මතු වුණා. ඒ අනුව තමයි අද බොහෝ දෙනකුගේ දැඩි ඇගයීමට හා ප්‍රසාදයට ලක්ව ඇති ජාතික ආපදා කළමනාකරණ පනත කෙටුම්පත් කිරීම ආරම්භ කළේ. මේ පනත කෙටුම්පත් කරමින් තිබිය දී 2004 දී පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සමඟ අපට බලයෙන් ඉවත් විමට සිදු වුණ නිසා පනත ගැසට් කිරීමට හැකි වුණේ නැහැ. නමුත් ඊට පසුව බලයට පත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 2005 දී 2005 අංක 13 දරණ ආපදා කළමනාකරණ පනත සම්මත කළා. මේ පනත කෙටුම්පත් කිරීමේ දී චම්පික රණවක ඇමැතිතුමා විශාල සහායක් ලබා දුන්නා.
එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු සමයේ අපි ආපදා කළමනාකරණයට අදාළව ප්‍රාදේශීය ලේකම් කාර්යාල දක්වා ඉතාම ශක්තිමත් යාන්ත්‍රණයක් සකස් කළා. ගංවතුර අවදානම පවතින ප්‍රාදේශීය ලේකම් කාර්යාවලට බෝට්ටු පවා ලබා දුන්නා. නමුත් කාලයත් සමඟ මේ යාන්ත්‍රණය දුර්වල වෙලා ගිය බව පසුගිය දිට්ටා සුළි කුණාටු සමයේ පැහැදිලිව පෙනුණා. මේක රටක් ලෙස කනගාටු විය යුතු තත්ත්වයක්. ඒ වගේම තමයි දේශගුණ විපර්යාස වල බලපෑම දිගින් දිගටම තීව්‍රර වෙමින් තිබෙනවා. ඒ නිසා මීට වඩා බිහිසුණු ස්වභාවික ආපදා තත්ත්වයන්ට ඉදිරියේ මුහුණ දීමට අපට සිදුවෙයි. ඒ නිසා අපේ ආපදා කළමනාකරණ යාන්ත්‍රණය මීට වඩා ශක්තිමත් හා කාර්යක්ෂ එකක් විය යුතුයි. ජපානයේ වාගේ ඕනෑම අවස්ථාවක ඇතිවිය හැකි ස්වභාවික ආපදාවකට මුහුණ දීමට අපි හුරුවිය යුතුයි, ඊට අදාළ කාර්යක්ෂ යාන්ත්‍රණ සකස් කළ යුතුයි.
මේ සම්බන්ධයෙන් යාන්ත්‍රණයකුත් සකස් කළා නේද ?
ඔව්, එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු සමයේ අපි ආපදා කළමනාකරණයට අදාළව ප්‍රාදේශීය ලේකම් කාර්යාල දක්වා ඉතාම ශක්තිමත් යාන්ත්‍රණයක් සකස් කළා. ගංවතුර අවදානම පවතින ප්‍රාදේශීය ලේකම් කාර්යාවලට බෝට්ටු පවා ලබා දුන්නා. නමුත් කාලයත් සමඟ මේ යාන්ත්‍රණය දුර්වල වෙලා ගිය බව පසුගිය දිට්ටා සුළි කුණාටු සමයේ පැහැදිලිව පෙනුණා. මේක රටක් ලෙස කනගාටු විය යුතු තත්ත්වයක්. ඒ වගේම තමයි දේශගුණ විපර්යාස වල බලපෑම දිගින් දිගටම තීව්‍රර වෙමින් තිබෙනවා. ඒ නිසා මීට වඩා බිහිසුණු ස්වභාවික ආපදා තත්ත්වයන්ට ඉදිරියේ මුහුණ දීමට අපට සිදුවෙයි. ඒ නිසා අපේ ආපදා කළමනාකරණ යාන්ත්‍රණය මීට වඩා ශක්තිමත් හා කාර්යක්ෂ එකක් විය යුතුයි. ජපානයේ වාගේ ඕනෑම අවස්ථාවක ඇතිවිය හැකි ස්වභාවික ආපදාවකට මුහුණ දීමට අපි හුරුවිය යුතුයි, ඊට අදාළ කාර්යක්ෂ යාන්ත්‍රණ සකස් කළ යුතුයි.
ඔබ සිතන ආකාරයට මේ ආකාරයෙන් ස්වභාවික ව්‍යසන වඩාත් බිහිසුණු හා තීව්‍රර වෙන්නේ ඇයි ?
මම මුලින් සඳහන් කළ ආකාරයට මේ ආකාරයේ ස්වභාවික ව්‍යසන සිදුවීමට සහ එහි විනාශකාරී බව ඉහළ යාමට දේශගුණ විපර්යාස ඍජුව දායක වී තිබෙනවා. මේවට වගකිව යුත්තේ බටහිර රටවල් වුණත් ඔවුන් ඒ ගැන කිසිම අවධානයක් යොමු කරන්නේ නැහැ. අනෙක් අතින් අපි අපේ පරිසරය, වනාන්තර, ජල පෝෂක ආදි ස්වභාවික පරිසරයේ සමතුලිතතාවය විනාශ කිරීමත් ප්‍රධාන හේතුවක්. අපේ වන ආවරණය ඉතා වේගයෙන් පහළ යමින් තිබෙනවා. ගංඟා නිම්න, කඳු බෑවුම් ආදි අනතුරුදායක ස්ථාන ජනාවාසකරණය වෙමින් තිබෙනවා. මේවා පාලනයට දැඩි නීති සම්පාදනය කළ යුතුයි. ඒ වගේම පරිසර සංරක්ෂණය ආදිය පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කරමින් කුඩා කාලයේ සිටම පරිසරය ආරක්ෂා කර ගැනීමට ජනතාව හුරුකරවිය යුතුයි.
මෙවැනි ආපදා තත්ත්වයකට මුහුණ දීමට අවශ්‍ය විශේෂඥ දැනුම අප සතුව තිබෙනවා ද ?
ඔව්, පරිසරය සම්බන්ධයෙන් නොබෙල් ත්‍යාගය දිනා ගත් මහාචාර්ය මොහාන් මුණසිංහ වැනි ජාත්‍යන්තර මට්ටමේ විශේෂඥයෝ අපේ රට තුළ ඉන්නවා. ඒ වගේම පරිසරය සම්බන්ධ ජාත්‍යන්තර සංවිධානවලට නායකත්වය දෙන ශ්‍රී ලාංකිකයෝ විශාල පිරිසක් ඉන්නවා. නමුත් ඊට පෙර අදාළ පුද්ගලයින් තෝරා ගැනීමේ දී දේශපාලන පක්ෂපාතීත්වය නොව දැනුම හා හැකියාව අනුව අදාළ පුද්ගලයින් තෝරා ගැනීමට අවධානය යොමු කළ යුතුයි. මෙහිදී තවත් වැදගත් කරුණක් පෙන්වා දිය යුතුයි. ආර්ථික සංවර්ධනය මෙන්ම පරිසරය ද ආරක්ෂා කර ගැනීම ඉතාම වැදගත්.
අපදා කළමනාකරණය විෂයට වත්මන් ආණ්ඩුව ඇමැතිවරයෙක් පත්කරලා නැති බවට බරපතළ චෝදනාවක් තිබෙනවා. ඔබට ඒ ගැන යම් අදහසක් තිබෙනවා ද ?
ඔව්, ආපදා කළමනාකරණය කියන්නේ වගකිව යුතු පුළුල් විෂයක්. මේ වන විට ආපදා කළමනාකරණයට ආදාළ සියලුම ආයතන ජනාධිපතිවරයා යටතේ තිබෙන්නේ. මම පුද්ගලිකව විශ්වාස කරනවා ආපදා කළමනාකරණයට කැබිනට් අමාත්‍යවරයෙක් සිටිය යුතුයි කියලා. මීට පෙර ආණ්ඩුවල ආපදා කළමනාකරණ විෂයභාරව කැබිනට් අමාත්‍යවරයෙක් හිටියා.
දිට්වා සුළි කුණාටුවෙන් සිදු වුණ භෞතික හානිය පමණක් එක්සත් ජනපද ඩොලර් බිලියන 4.1ක් කියලා ලෝක බැංකුව කියනවා. මේක රටක් ලෙස අපට තනිව දරා ගැනීමට අපහසු මුදලක්. 2027 දී අපි විදේශ ණය ගෙවීම යළි ආරම්භ කළ යුතුයි. මෙවැනි තත්ත්වයක් තුළ අපි මේ හානිය ප්‍රතිපූර්ණය කර ගන්නේ කොහොමද ?
ඔව්, ඩොලර් බිලියන 4.1ක් කියන්නේ ඍජු ආර්ථික හානිය පමණක් වුණත් මේ හරහා මීට වඩා විශාල ආර්ථික හානියක් සහ අලාභයක් සිදුව ඇති බව පැහැදිලියි. මේ හානිය අපට රටක් ලෙස තනිව දරා ගන්න අසිරුයි. මට මතකයි 2003 දී සහ සුනාමි ව්‍යසනයේ දී අපට විශාල වශයෙන් විදේශ ආධාර ලැබුණා. සහන ලැබුණා. නමුත් මේ අවස්ථාවේ දී එවැනි ආධාර ප්‍රමාණයක් හෝ සහන ලැබෙන බවක් දැක ගන්න නැහැ. මේකට හේතු ගණනාවක් තිබෙනවා. ඒ අතර යුරෝපය මේ වන විට බරපතළ ආර්ථික ගැටලුවලින් පීඩාවට පත්ව සිටිනවා, රුසියානු – යුක්ක්‍රේන යුද්ධය, ගාසා යුද්ධය ආදිය නිසා ජාත්‍යන්තර සංවිධාන පීඩාවට පත්ව සිටින්නේ. අපේ කලාපයේ තත්ත්වය වුණත් යහපත් නැහැ. ඒ නිසා මේ අවස්ථාවේ හැකි තරම් ජාත්‍යන්තර සහාය ලබා ගැනීමට පියවර ගත යුතු බව අපි ජනාධිපතිතුමාට යෝජනා කරලා තිබෙනවා.
මෙහි දී රටක් ලෙස අපට, විශේෂයෙන් ජනතාවට යමක් කළ හැකියි නේද ?
ඔව්, දෙවැනි ලෝක යුද්ධයෙන් විනාශයට පත් ජර්මනිය, ජපානය යළි ගොඩනැගුණ ආකාරය අපට හොඳ උදාහරණයක්. ඒ වගේම කොරියන් යුද්ධයෙන් විනාශ වුණ දකුණු කොරියාව යළි ගොඩනැගීමට ඒ ජනතාව විශාල කැප කිරීමක් කළා, ඔවුන් රට ගැන හැඟීමකින් කටයුතු කළා. කොරියානු කාන්තාවෝ තමන් සතු රත්තරං පවා රට යළි ගොඩනැගීමට ආණ්ඩුවට පරිත්‍යාග කළා. ඒ නිසා අපිත් මේක ජාතික ආපදාවක් ලෙස සැලකිය යුතුයි. දේශපාලන දෘෂ්ටිකෝණයෙන් මේ දෙස නො බැලිය යුතුයි. එක්සත්ව, එක්සිත්ව කටයුතු නො කළහොත් අපිට මේ අර්බුදයෙන් ගොඩ ඒමට අසීරුයි.
දේශගුණ විපර්යාස හේතුවෙන් ඇති වන හෝ තීව්‍රර වන ස්වභාවික ආපදා වෙනුවෙන් වන්දි ලබා දෙන හෝ ආධාර කරන ජාත්‍යන්තර සංවිධාන සහ අරමුදල් තිබෙනවා නේද ?
ඔව්, එවැනි අරමුදල් ගණනාවක් තිබෙනවා. නමුත් අපි තාම ඒවාට කතා කරලා නැහැ. මම මුලින් කිව්වා වාගේ මහාචාර්ය මොහාන් මුණසිංහ වැනි ජාත්‍යන්තර අත්දැකීම් හා සම්බන්ධතා තිබෙන විශේෂඥයෝ අපට වැදගත් වන්නේ මේ නිසයි. ඔවුන් දන්නවා මේ ආධාර සංවිධාන තිබෙන්නේ කොහෙද කියලා, ඒවා ලබා ගන්නේ කොහොමද කියලා. යම්කිසි ආකාරයකින් මේ සංවිධානයක සහායෙන් ඩොලර් බිලියනයක් දෙකක් ලබා ගන්න පුළුවන් වුණොත් ඒක අපට විශාල ශක්තියක්.
වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය මේ සම්බන්ධයෙන් අදාළ වෙන්නේ කොහොමද ?
ඒක ඉතාම වැදගත්. මේ වන විට රට තුළ නාස්තිය, දූෂණය අඩු වෙලා තිබෙනවා, ඒක ජාත්‍යන්තරයට ඉතාම හොඳ සංඥාවක්. ඒත් අපේ පරිපාලන ව්‍යුහයේ සැලකිය යුතු වෙනස්කම් සිදුවිය යුතුයි. බොහෝ රාජ්‍ය නිලධාරීන් දැඩි කැපවීමෙන් කටයුතු කළත් තවත් පිරිසක් නීතිය අකුරටම පිළිපැදීම නිසා, බය නිසා සමහර විට තීරණ ගැනීමේ ප්‍රමාදයන් තිබෙනවා. ඒක කනගාටුවට කරුණක්. මෙවැනි දැවැන්ත ආපදා තත්ත්වයක් තුළ පොතේ හැටියටම කටයුතු කිරීම අසීරුයි. මේක මනුස්ස ජීවිතත් එක්ක කරන ගනුදෙනුවක්. මේ සේරටම වඩා අපේ ජනතාව තුළ හැඟීමක් ඇති විය යුතුයි, මේක ජාතික ව්‍යසනයක්, අපට මේක එක්ක සෙල්ලම් කරන්න බැහැ, දේශපාලන භේද, ජාති හා ආගම් භේද අමතක කරලා අපි සියලු දෙනා එකාවන්ව මේ අර්බුදයෙන් ගොඩ ඒමට පියවර ගත යුතුයි. විශේෂයෙන් පක්ෂ – විපක්ෂ මහජන නියෝජිතයෝ මේ යථාර්ථය තේරුම් ගත යුතුයි.
මේ අර්බුදයෙන් ගොඩ ඒමට අවශ්‍ය මුදල් සොයා ගැනීම අසීරුයි නේද ?
ඔව්, මම මුලින් සඳහන් කළ ආකාරයට අන්තර්ජාතික ප්‍රජාවේ සහාය ඉතාම වැදගත්. ඔවුන් සමඟ සාකච්ඡා කිරීම, අදාළ සැලසුම් ඉදිරිපත් කිරීම ආදිය කඩිනමින් හා දැඩි වෘත්තීයභාවයකින් කළ යුතුයි. නමුත් මේ වන විට ආණ්ඩුව සතුව හානිය සම්බන්ධ නිවැරදි ඇස්තමේන්තුවක් පවා නැහැ.
ආර්ථික අර්බුදය හේතුවෙන් කල් දමා ගත් විදේශ ණය ගෙවීම 2027 දී ආරම්භ කළ යුතුයි. ඒ වෙනුවෙන් ආර්ථිකය තුළ විශාල පරිවර්තනයක් හා සංවර්ධනයක් සිදුවිය යුතුයි. එවැනි තත්ත්වයක් ඔබට නිරීක්ෂණය වෙනවා ද ?, අපි ආර්ථිකය යළි ප්‍රකෘතිමත් කිරීම සහ සංවර්ධනය කිරීම වෙනුවෙන් ප්‍රමාණවත් පියවර ගෙන තිබෙනවා ද ?
ව්‍යාපාරිකයින් අතර අපූරු කතාවක් තියෙනවා, ඔවුන් කියනවා, ‘දෙවියන් වහන්සේ ලෝකය මවන විට ලංකාව තමයි නියම ස්ථානයේ තිබ්බේ’ කියලා. අපි පිහිටලා තියෙන්නේ ලෝකයේ හොඳම ස්ථානයේ. නමුත් අපි මේ අති සුවිශේෂ, වාසිදායක ස්වභාවික පිහිටීමෙන් ප්‍රයෝජන ගත්තේ නැහැ. අපට නාවික මධ්‍යස්ථානයක් ලෙස දැවැන්ත දියුණුවක් ලබා ගන්න පුළුවන්කම තිබුණා. සිංගප්පූරුව හෝ ඩුබායි කියන්නේ අපි අසලවටත් එන්න පුළුවන් රටවල් නෙමෙයි, නමුත් අපට ඒ අවස්ථාව අහිමි වුණා. ඒ වගේම ලංකාවට අන්තර්ජාතික අධ්‍යාපන මධ්‍යස්ථානයක් වීමට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා අවස්ථාව, සුදුසුකම් තිබුණා. 1940,50 දශකවල මාලදිවයින ද ඇතුළු බොහෝ රටවල්වල ඉහළ පංතියේ ළමයි, රාජ්‍ය නායකයින්ගේ දරුවෝ ලංකාවේ අධ්‍යාපනය ලැබුවා. සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළත් එවැනි සුවිශේෂ තත්ත්වයක් තිබුණා. බොහෝ රටවල් වලින් ප්‍රතිකාර ලබා ගැනීමට ලංකාවට පැමිණි යුගයක් තිබුණා. නමුත් අපි මේ සියලුම අවස්ථා මග හැරියා. විශේෂයෙන් ගෝලීය සෞඛ්‍ය අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක් වීමට අපට අදත් අවස්ථාව තිබෙනවා. අපේ වෛද්‍යවරු ජාත්‍යන්තර වශයෙන් ඉහළ පිළිගැනීමක් ලබා ගෙන තිබෙනවා. නමුත් පුද්ගලික වෛද්‍ය විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට අප අසමත්ව තිබෙනවා. නමුත් ලෝකයේ බොහෝ රටවල් වල පුද්ගලික වෛද්‍ය විශ්වවිද්‍යාල තිබෙනවා. ඇයි ලංකාවට මේක කරන්න නො දෙන්නේ. අපි මේ ගැන ජනාධිපතිවරයාට කරුණු පැහැදිලි කර දි තිබෙනවා. මේ යල්පැන ගිය අදහස් වෙනස් කළ යුතු කාලය දැන් පැමිණ තිබෙනවා. මම යළි අවධාරණය කරනවා, ලංකාවට ආර්ථික හා සමාජයීය සංවර්ධනය අත්පත් කර ගැනීමට අවශ්‍ය නම් නාවික, අධ්‍යාපන හා සෞඛ්‍ය යන ක්ෂේත්‍ර වල ගෝලීය මධ්‍යස්ථානයක් වීමට වර්තමානයේ පවා අවස්ථාව තිබෙනවා.
ව්‍යාපාරිකයෙක් ලෙස දිට්වා සුළි කුණාටුවෙන් කර්මාන්ත අංශයට සහ ව්‍යාපාරිකයින්ට සිදු වුණ හානිය ගැන ඔබට අදහසක් තිබෙනවා ද ?
දිට්වා සුළි කුණාටුවෙන් ක්ෂුදු, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සහ මහා පරිමාණ කර්මාන්තකරුවන් ද ඇතුළු විශාල පිරිසක් පීඩාවට පත් වුණා. ඔවුන්ට යළි ව්‍යාපාරික හා කර්මාන්ත කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය සහාය සහ යටිතල පහසුකම් නොපමාව ලබාදිය යුතුයි. මොකද කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් අමතක කරලා රටකට ආර්ථික සංවර්ධනයක් අත්පත් කර ගන්න බැහැ. දෙවැනි ලෝක යුද්ධයෙන් බිමට සමතලා වුණ ජර්මනිය සහ ජපානය යළි දියුණුව කරා ගියේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නිසා. මමත් ව්‍යාපාරිකයෙක් නිසා මේ තත්ත්වය ගැන මනා අවබෝධයක් තිබෙනවා. මට මතකයි අපනයනය සඳහා සහාය ලබා දෙන්න ජාතික සංවර්ධන බැංකුව සහ DFCC බැංකුව කියලා සංවර්ධන බැංකු දෙකක් 2000 අවුරුද්ද පමණ වන තෙක් ක්‍රියාත්මක වුණා. නමුත් පසුව මේවා වාණිජ බැංකු බවට පත් කළා. ඒ වන විට මම කැබිනට් මණ්ඩලයේ හිටියා. මම ඉතාම පැහැදිලිව කිව්වා ‘මේක කරන්න එපා, මේවා සංවර්ධන බැංකු ලෙස පවත්වා ගෙන යන්න’ කියලා. ඒ අවස්ථාවේ දී ආණ්ඩුව කිව්වේ මේ බැංකු තුළ සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය අංශ හදනවා කියලා. නමුත් ඒක සිදු වුණේ නැහැ. මේ වාගේ අඩුපාඩුස සහ නොසලකා හැරීම් ගණනාවක් පසුගිය කාලය පුරාම සිදු වුණා. මම මෙහිදී යළි අවධාරණය කරන්නේ විශේෂයෙන්ම අපනයනකරුවන්ට අවශ්‍ය කරන පූර්ණ සහයෝගය ලබා දිය යුතුයි. ප්‍රකට කියමනක් තිබෙනවා, ‘අපනයනය කරනු – නැතිනම් වැනසෙනු !’ කියලා. රටකට අපනයනය ඒ තරමට වැදගත්.

ප්‍රකට ව්‍යාපාරිකයෙක්, කර්මාන්තකරුවෙක් ලෙස ඔබ හිතන ආකාරයට අපනයන කර්මාන්ත සඳහා රජයෙන් ලැබෙන සහාය ප්‍රමාණවත් ද ?
අපනයනකරුවන්ට දීර්ඝ ප්‍රමාදයන්ට මුහුණ දීමට සිදු වෙනවා. අවුරුදු ගණන් ගත වෙන අවස්ථා තිබෙනවා. අපනයනය පදනම් කරගත් කර්මාන්තකරුවන්ට ආයතනික වශයෙන් අති සංකීර්ණ හා කාලය සහ මුදල් වැය වන දීර්ඝ ක්‍රියාවලියකට මුහුණ දීමට සිදුව තිබෙනවා. මම අත්දැකීමෙන් දන්නවා ඉන්දියාව තුළ සතියක් වැනි කෙටි කාලයක් තුළ අපනයනකරුවන්ට සිය අවශ්‍යතා ඉටුකර ගන්න පුළුවන්, චීනයේ දවසක් වැනි ඉතාම කෙටි කාලයක් තුළ ඉතාම ක්‍රියාශීලීව සහ සුහදශීලීව අදාළ කටයුතු ඉටුකර දෙන රාජ්‍ය යාන්ත්‍රණයක් තිබෙනවා.
අපනයන සැකසුම් කලාප ආරම්භ කළ මුල්ම රටවල් කිහිපය අතර ලංකාව ඉදිරියෙන්ම සිටිනවා. ඒත් අපිව ආදර්ශයට ගෙන අපනයන සැකසුම් කලාප ආරම්භ කළ චීනය, සිංගප්පූරුව, මැලේසියාව වැනි රටවල් අපට සිතා ගන්න බැරි තරම් දුරට ගිහින් තිබෙනවා. මේ ආරම්භ ක්‍රියාවලියට ඍජුව සම්බන්ධ වුණ කෙනෙක් ලෙස ඔබ මේ ගැන සිතන්නේ කුමක් ද ?
රාජ්‍ය – පුද්ගලික හවුල්කාරීත්ව / Public-Private Partnerships කියන සංකල්පය ආසියාවේ මුලින්ම පටන් ගත්තේ ජේ.ආර්. ජයවර්ධන මහත්තයා, ඒ 1978 දී. ඒ අනුව රජයට හිමි සම්භාණ්ඩ සංයුක්ත මණ්ඩලය දකුණු කොරියාවේ සමාගම් දෙකක් සමඟ ඒකාබද්ධ කරලා ආසියාවේ ලොකුම පාවහන් කම්හල ස්ථාපිත කළා. ඒක විවිධ හේතු නිසා අසාර්ථක වුණත් මේ සංකල්පය ආසියාවට ආකෘතියක් / model වුණා. මේ ක්‍රියාවලියට මටත් ඍජුව දායක වෙන්න අවස්ථාව ලැබුණා. මට මතකයි, ඒ කාලේ චීනයේ නායක Deng Xiaoping මේ ගැන සොයා බලන්න විශේෂ නියෝජිතයෙක් ලංකාවට සහ සිංගප්පූරුවට එව්වා. Deng Xiaoping පසුව චීනයේ ක්‍රියාත්මක කළේ ජේ.ආර්. ජයවර්ධන 1978 දී ක්‍රියාත්මක කළ Public-Private Partnerships ආකෘතිය. නමුත් ජනවාර්ගික යුද්ධය ඇතුළු හේතු නිසා අපි අර්බුද රැසකට මුහුණ දෙන කොට චිනය, මැලේසියාව සහ පසුව ඉන්දියාව මේ ආකෘතිය ඉදිරියට ගොස් සාර්ථක වුණා.
කාර්මිකරණයට තිබුණ අවස්ථාව අපෙන් ගිලිහී ගියේ ඇයි ?
මූලික වශයෙන් ජනවාර්ගික යුද්ධය නිසා අපි රටක් ලෙස බරපතළ පසුබෑමකට ලක් වුණා. ඒ වගේම නිදහස දිනා ගත්ත දා සිට අපිට ජාතියක් ලෙස සාර්ථක විමට නොහැකි වුණා. ජනවාර්ගික අසමගිය, දකුණේ සන්නද්ධ නැගිටීම් දෙකක්, තිස් අවුරුදු සිවිල් යුද්ධය අපේ ආර්ථික සංවර්ධනය බරපතළ ලෙස අඩාල කළා. විශේෂයෙන්ම ජාතීන් අතර සමගිය සහ සංහිඳියාව බිහි කිරීමට අප අසමත් වුණා. අද අපි, සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය රට පුරා විවිධ වැඩසටහන් කරමින්, සම්මන්ත්‍රණ පවත්වමින් කරන්න හදන්නේ මේ රටේ ජාතීන් අතර සාමය සහ සංහිඳියාව ගොඩනැගීම සහ ශක්තිමත් කිරීමයි.
රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී පරිසරය පුළුල් කිරීමටත්, වඩා යහපත් දේශපාලන සංස්කෘතියක් බිහි කිරීමටත් අවශ්‍ය දේශපාලන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ඔබතුමා සහ සාධාරණ සමාජය අඛණ්ඩව පෙනී සිටිනවා. ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීම, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව බලාත්මක කිරීම වැනි කාරණාවලදී අපි යම් ප්‍රගතියක් ලබා තිබෙනවා. ඔබ විශ්වාස කරන ආකාරයට අපි තව දුරටත් අවධානය යොමු කළ යුතු කාරණා මොනවාද ?
මම නිදහසට පෙර උපත ලැබූ පුද්ගලයෙක්. ඒ නිසා ගෙවී ගිය කාලයේ සියලුම දේශපාලන ප්‍රවණතා සහ අර්බුද මම දැක්කා. ඒ කාලයෙත් මැතිවරණවලදී යම් යම් අයථා ක්‍රියා සිදු වුණා. කොඩි කපනවා, ඡන්ද ගණන් කරන අයව පැහැර ගෙන යනවා, පක්ෂ කාර්යාලවලට ගිනි තියනවා, මේ වගේ දේවල් සිදු වුණා. රාජ්‍ය නායකත්වයේ හැසිරීම අනුව යම් යම් අයථා කටයුතු සිදු වුණා. නමුත් අපි දැක්ක කාලය තුළ ඉතාම අසාධාරණ මැතිවරණය තමයි 1997 වයඹ පළාත් සභා මැතිවරණය. ඒක තමයි ලංකාවේ තිබුණ දූෂිතම මැතිවරණය, ප්‍රචණ්ඩම මැතිවරණය. මම එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස මේ මැතිවරණය මෙහෙයවපු නිසා මේ ප්‍රචණ්ඩත්වය ඇස් දෙකෙන් ම දැක්කා. මේ බිහිසුණු ප්‍රචණ්ඩත්වය දැක්කට පස්සේ සමාජය තුළින් විශාල ඉල්ලීමක් ආවා මේ ක්‍රමය වෙනස් කරලා, නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය පසුබිම සකස් කරන්න කියලා. එවකට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ වෙනුවෙන් සහාය දුන්නා. ඒ අනුව තමයි සිවිල් සමාජ නායකයින් කිහිප දෙනකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළේ. ඒ කමිටුව හරහා 17 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යෝජනා කළා, ඒ තුළ ස්වාධීන මැතිවරණ කොමිෂම ඇතුළු කොමිෂන් සභා යෝජනා කළා. එවකට මම කොළඹ නගරාධිපතිවරයා ලෙස මේ කටයුතුවලට සහභාගී වුණා. ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් විමල් වීරවංශ මහතා විශාල සහායක් මේ වැඩපිළිවෙළට ලබා දුන්නා. සිවිල් සමාජ නායකයින්, විශේෂයෙන් එල්මෝ පෙරේරා ඇතුළු පිරිසක් මේ වෙනුවෙන් විශාල සහායක් ලබා දුන්නා.
ඔබ ඇතුළු සිවිල් සමාජ නායකත්වය කෙටුම්පත් කළ පනත නේද ජවිපෙ ජනාධිපතිනී චන්ද්‍රිකා සමඟ පරිවාස ආණ්ඩුව බිහි කිරීමට යොදා ගත්තේ ?
ඔව්, ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම කේන්ද්‍රීය කරුණ වුණ 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියට ගෙන ගියේ ජනතා විමුක්ති පෙරමුණයි. ඔවුන් ආණ්ඩුවට එක්වීමට එය සම්මත කර ක්‍රියාත්මක කිරීම මූලික කොන්දේසිය කර ගත්තා. මේ හරහා දේශපාලනයේ ‘ලොකු වෙනසක්‘ වුණා. විශේෂයෙන් මැතිවරණ දූෂණ විශාල වශයෙන් අඩු වුණා, පොලිසිය නිර්දේශපාලනීකරණය වුණා, රටට විශාල සේවයක් වුණා.
අල්ලස් පනත කෙටුම්පත් කිරීමට සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ලබා දුන්න සහාය ගැන පැහැදිලි කිරීමක් කළ හැකි ද ?
අපි මේ වෙනුවෙන් විශාල සහාය ලබා දුන්නා. ඒ සඳහා හිටපු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහත්මයා අපට විශාල ශක්තියක් ලබා දුන්නා. ඒ වගේම ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහත්මයා අපට ලබා දුන් සහාය අගය කළ යුතුයි.
19 වැනි ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කිරීම හා සම්මත කර ගැනීම සම්බන්ධ ඔබගේ අත්දැකීම් මොනවාද ?
ඒක ඉතාම අසීරු හා සංකීර්ණ කටයුත්තක් වුණා. 2015 ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළත් අපේ ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ තිබුණේ මන්ත්‍රී ධුර 50ට වඩා අඩු සංඛ්‍යාවක්. 19 සංශෝධනය කෙටුම්පත් කරන විට විවිධාකාරයෙන් බාධා එල්ල වුණා. ඒ අභියෝග මැද අපි කොහොම හරි 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගත්තා. ව්‍යවස්ථාදායක සභාව පිහිටුවීම මෙහි දී ඉතාම තීරණාත්මක ජයග්‍රහණයක් වුණා. අදත් ව්‍යවස්ථාදායක සභාව ඔවුන්ගේ බලතල අනුව ස්වාධීනව කටයුතු කරනවා. නමුත් අපට දැන් බලයක් තියෙනවා මේ සිවිල් සමාජ නියෝජිතයින් ඉවත් කරලා ආණ්ඩුවේ හෙංචයියන් ඒකට පත් කරයි කියලා.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි කියන ස්ථාවරයේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය හැමදාම හිටියා. මේ වන විට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳ සාකච්ඡාව නැවත කරළියට පැමිණ තිබෙනවා. ඔබතුමා මේ තත්ත්වය දකින්නේ කොහොමද ?
මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ආරම්භ කළේම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට බලපෑම් කිරීමේ පරමාර්ථයෙන්. උන් වහන්සේ දැන ගත්තා අපි රටක් ලෙස මුහුණ දෙන සියලුම ප්‍රශ්නවලට මුල මේ එක පුද්ගලයෙක් වටා අසීමිත ලෙස බලය ගොනුවීම කියලා. මේ අසීමිත බලතල අදාළ පුද්ගලයා පමණක් නොවෙයි ඔහුගේ පවුල, ඥාති මිත්‍රාදීන්, සමීපතමයින් ද අභ්‍යාස කරනවා. කොටින්ම ඔහුගේ කෝකියා පවා මේ බලතල අපයෝජනය කරනවා. ඒ තරමට මේ බලය පිරිහීමට ලක්ව තිබෙනවා. ලංකාව වැනි රටකට මෙවැනි අසීමිත බලතල සහිත පාලකයින් ගැළපෙන්නේ නැහැ. අපට ගැළපෙන්නේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පමණයි. ඒක ඉන්දියාවට, මහා බ්‍රිතාන්‍යයට කරන්න පුළුවන් නම් ඇයි අපට බැරි. අපට ඒක කරන්න පුළුවන්. අපි මේ ව්‍යාපාරයට ආරම්භ කළේ පුද්ගලයෙකුට විරුද්ධව නෙමෙයි, ක්‍රමයට විරුද්ධව. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි කියන මතයේ අපි අදත් දැඩිව ඉන්නවා. අපි විශ්වාස කරනවා මේ ආණ්ඩුව විසින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරයි කියලා. ඒකට හේතුව තමයි ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ඒ වෙනුවෙන් පොරොන්දුවක් දීලා තිබෙනවා. යළිත් මේ රටේ විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගන්නා මැතිවරණයක් නොපැවැත්වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපි විශ්වාස කරනවා ඉදිරි ජනාධිපතිවරණයට අවුරුද්දකට කලින් හෝ ජනාධිපතිතුමා දුන්න පොරොන්දුව ඉෂ්ඨ කරයි කියලා.
මේ විශ්වාසයට පදනම් වෙන තවත් හේතු තිබෙනවා ද ?
ඔව්, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ වැඩපිළිවෙළේ 80%ක් පමණ මේ වන විට අවසන්ව තිබෙනවා. ඒ වෙනුවෙන් මූලිකත්වය ගෙන ක්‍රියා කළේ වත්මන් ආණ්ඩුවේ ද ඉහළ පිළිගැනීමක් තිබෙන නීතිඥ ලාල් විජේනායක මහතා. අපි කියන්නේ ලාල් විජේනායක මහතා අවසන් කළ තැනින් පටන් ගන්න. අපි ආණ්ඩුවට කියන්නේ මේ වැඩපිළිවෙළ කල් දමන්න එපා, කඩිනමින් මේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන්න කියලයි.
රටේ අනාගතය ගැන සලකන විට ජාතික හා ආගමික සංහිඳියාව ඉතාම තීරණාත්මකයි. ඔබතුමා මේ සම්බන්ධයෙන් පසුගිය කාලය පුරාම කටයුතු කළා. වත්මන් තත්ත්වය තුළ මේ කටයුතු ඉදිරියට යා යුත්තේ කෙසේ ද ?
මෙහිදී ආගමික නායකත්වයට විශාල වගකීමක් තිබෙනවා. නමුත් මේ වන විට ජාති, ආගම් භේද අවුස්සන ආගමික නායකයින් අපි දකින්නේ නැහැ. නමුත් සමහර දේශපාලනඥයෝ කටයුතු කරන ආකාරය ගැටලු සහිතයි. ජාතික සමගිය සම්බන්ධයෙන් කොළඹ නගරයට ලෝකයට පූර්වාදර්ශයක් සපයා තිබෙනවා. රටේ බහුතර ජනතාව වන සිංහල ජනතාව කොළඹ නගරය තුළ සුළුතරය බවට පත්ව සිටිනවා. නමුත් ඔවුන් අතර කිසිම වාදයක්, භේදයක් නැහැ. ඔවුන් සමගියෙන් සහ සහජීවනයෙන් කටයුතු කරනවා. නමුත් පසුගිය දා යාපනයේ යම් සිදුවීමක් වුණා. මම කියන්නේ මෙවැනි අවස්ථාවක දී දේශපාලනඥයින්ට විශාල වගකීමක් තිබෙනවා, ඔවුන් මේ ආකාරයේ ජාතිවාදී හෝ ආගම්වාදී ගිනි නොඇවිල වීමට පියවර ගත යුතුයි. මීට පෙර දිගන යම්කිසි ආකාරයක ආගම්වාදී ගැටුමක් නිර්මාණය වුණ අවස්ථාවේ අපි දිගනට ගිහිල්ලා ජනතාව හමුවෙලා තත්ත්වය පාලනය කළා. එවැනි අවස්ථා ගණනාවක් අපි මැදිහත් වෙලා පාලනය කරලා සංහිඳියාව ඇති කළා.
ජාතික හා ආගමික සංහිඳියාව ඇති කිරීමේ දී අධ්‍යාපනයට යම් කාර්යභාරයක් තිබෙනවා ද ?
ඉතාම පැහැදිලි කිව්වොත් තිබෙනවා. අපි පාසල් යන කාලේ, කොළඹ ආනන්දයට සියලු ජාතීන් සහ ආගම්වලට අයත් සිසුන් ඇතුළත් වුණා. එදා ආගමික හෝ ජාතික පදනමින් සිසුන් ඇතුළත් කර ගැනීම සිදු වුණේ නැහැ. විභාගයක් පවත්වලා තමයි සිසුන් ඇතුළත් කර ගත්තේ. මේ මිශ්‍ර ස්වභාවය නිසා අපිට කුඩා කාලයේ සිටම අනෙකා ගැන හැඟීමක් තිබුණා. ඒ නිසා මම හිතන්නේ ජාති හෝ ආගමික පදනමින් පාසල් ක්‍රියාත්මක නොවිය යුතුයි. පසුගිය ගැටුම් අවස්ථාවල එකම පංතියේ ඉගෙන ගන්නා සිංහල සහ දෙමළ ළමුන්, හෝ සිංහල සහ මුස්ලීම් ළමයි එකිනෙකා සමඟ කතා නො කරන තත්ත්වන් පවා තිබුණා. මේ තත්ත්වයට පිළියමක් ලෙස ආගමික හෝ ජාතික පදනම මත පවත්වා ගෙන යන පාසල්වලට අනෙක් ආගමික හෝ ජාතියට යත් දරුවන් ඇතුළත් කර ගන්න කියලා අපි පාර්ලිමේන්තුවේ දී යෝජනා කළා. එවකට අගමැති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂත් මේ යෝජනාවට අත්සන් කළා. අපි යෝජනා කළේ කොළඹ ආනන්දයට සහ සහීරා විද්‍යාලයට පවා අන්‍යාගමික සිසුන් ඇතුළත් කර ගන්න කියලා. අපි දියුණු රටක් බවට පත්වීමට නම් අධ්‍යාපනය තුළ ජාති හා ආගමික සංහිඳියාව ප්‍රවර්ධනය කළ යුතුයි.
මේ වන විට ජනමාධ්‍ය මර්දනය හෝ ජනමාධ්‍ය වගකීමෙන් කටයුතු කළ යුතු බවට සංවාදයක් තිබෙනවා. මේ ගැන ඔබතුමාගේ අදහස කුමක් ද ?
අපි මාධ්‍ය මර්දනයට විරුද්ධව කටයුතු කළා. මම හිතන ආකාරයට ජනමාධ්‍යවලට රජය බලපෑම් නොකළ යුතුයි. තොරතුරු පනත නිසා මේ සමාජයේ මොන තරම් වෙනසක් සිදු වුණා ද ?, දූෂණ කොපමණ අඩු වුණා ද ?. අපි ඒ ගැන කල්පනා කළ යුතුයි. මාධ්‍ය වැරදි කරනවා නම් ඒවා පෙන්වා දීමෙන් නිවැරදි කළ හැකියි. සාධාරණ සමාජය කිසිම ආකාරයක මාධ්‍ය මර්දනයකට සහාය දක්වන්නේ නැහැ. මාධ්‍ය නිදහස ප්‍රජාතන්ත්‍රවාදී රටක ජනතාව සතු මූලික අයිතියක්.
| තුෂල් විතානගේ

