ජාත්‍යන්තර සෞඛ්‍ය සමීක්ෂණය WHS+ ශ්‍රී ලංකාවේ ආරම්භය

සෞඛ්‍ය අමාත්‍යාංශය, ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ කොළඹ විශ්වවිද්‍යාලය සමඟ එක්ව, ශ්‍රී ලංකාවේ World Health Survey Plus (WHS+) සමීක්ෂණය මේ දිනවල  ක්‍රියාත්මක කරමින් පවතී.

Continue Reading

ක්‍රීඩා සංචාරකයන් ඇදගන්න රජයෙන් ක්‍රමෝපායික සැලැස්මක්

ක්‍රීඩා සංචාරකත්වය දියුණු කිරීම සඳහා අවශ්‍ය කඩිනම් පියවර ගැනීමට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ නිලධාරීන්ගෙන් සමන්විත මෙහෙයුම් කමිටුවක් පිහිටුවීමට අමාත්‍ය විජිත හේරත් මහතා අද (16) උපදෙස් දුන්නේ ය. ඒ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශය, ශ්‍රී ලංකා ක්‍රිකට් හා ක්‍රීඩා සම්මේලන කිහිපයක නියෝජිතයන් ඇතුළු රාජ්‍ය නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ දී පැවැති විශේෂ රැස්වීමක දී ය.

Continue Reading

වෛද්‍යවරුන් ස්ථානගත කිරීම අසාර්ථක වීමෙන් වෛද්‍යවරුන් රටට අහිමිවීමේ තර්ජනයක් – GMOA

විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් රටට අහිමි වීම සහ වෛද්‍යවරුන් ස්ථානගත කිරීමේ ක්‍රියාවලිය අසාර්ථක වීම හේතුවෙන් රෝහල් පද්ධතිය බිඳවැටීම වැළැක්වීමට කාල රාමුවක් සහිත තිරසාර වැඩපිළිවෙලක් වහාම ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

Continue Reading