බදු මුදල් යොදවා කළ ප්රචාරක රූපවාහිනී දැන්වීම් අවලංගු කරන ලෙස විනිසුරුගෙන් ට්රම්ප් පාලනාධිකාරියට නියෝගයක්
ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සිය දේශපාලන පණිවිඩය ප්රචාරය කිරීම සඳහා බදු ගෙවන්නන්ගේ ඩොලර් මිලියන ගණනක මුදලින් අරමුදල් සැපයූ ඉතිරිව ඇති සියලුම රූපවාහිනී වෙළඳ දැන්වීම් අවලංගු කළ යුතු බව ෆෙඩරල් විනිසුරුවරියක් ඉරිදා රාත්රියේ නියෝග කළාය. එසේ වුවද, අදාළ දැන්වීම් ප්රචාරණය අවසන් වෙමින් පවතින බව පාලනාධිකාරිය පවසා තිබුණි.
නිව්යෝර්ක්හි එක්සත් ජනපද දිසා විනිසුරු ජෙනිෆර් එල්. රොචොන් (Jennifer L. Rochon), අදාළ දැන්වීම් නීති විරෝධී ලෙස මුදල් අවභාවිත කිරීමක් ලෙස අභියෝගයට ලක් කළ ‘කොමන් කෝස්’ (Common Cause) නම් පක්ෂග්රාහී නොවන නිරීක්ෂණ සංවිධානය ඇතුළු සන්ධානයේ මතයට එකඟ වූවාය. තාවකාලික වළක්වාලීමේ නියෝගයක් (Temporary Restraining Order) ලබා දෙමින් ඇය පාලනාධිකාරියට දැනුම් දුන්නේ ඉරිදා රාත්රියේ විකාශය වීමට නියමිතව තිබූ දැන්වීම් ද ඇතුළත්ව ඉතිරිව ඇති සියලුම දැන්වීම් අවලංගු කරන ලෙසයි.
“අභියෝගයට ලක්ව ඇති මෙම දැන්වීම් නිර්මාණය කිරීම, සංවර්ධනය කිරීම, ප්රචාරය කිරීම, ස්ථානගත කිරීම හෝ විකාශය කිරීම සඳහා බලය පවරන කිසිදු ගිවිසුමකට එළඹීම, ගිවිසුම් අලුත් කිරීම හෝ දීර්ඝ කිරීම විත්තිකරුවන් විසින් නොකළ යුතුය…”

