ණය ප්‍රතිව්‍යුහගතකරන ක්‍රියාවලිය ගැන ආණ්ඩුවේ මතය කුමක්ද ? – මහාචාර්ය ප්‍රසන්න පෙරේරා
ශ්‍රී ලංකාවේ විදේශිය ණය අත්හිටුවීම සිදුකළ යුතු බව ලෝකයේ පිළිගන්නා සංවර්ධන ආර්ථික විද්‍යාඥයින් 120 ක් දැනුම් දී තිබුණා. ඒ වගේම නැවත වතාවක් ණය ප්‍රතිව්‍යුහගතකරන ක්‍රියාවලියක් ආරම්භ කළ යුතු බවත් ඔවුන් ප්‍රකාශ කර තිබුණා. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ මතය සමගි ජනබලවේගය දැන ගැනීමට කැමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා පැවසිය.
Continue Reading
උන්මත්තක ට්‍රම්ප් ගේ වෙනිසියුලානු ආක්‍රමණය සහ වෙනිසියුලාවේ ප්‍රජාතන්ත්‍රවාදය
පුලිට්සර් සෙන්ටර් එකට අනුබද්ධ Ocean Reporting Network සංවිධානයෙ අනුග්‍රහයෙන් එක්සත් ජාතීන්ගෙ සාගර සමුළුවට සහභාගි වෙන්න ගිය අවුරුද්දෙ ප්‍රංශයෙ නීස් නගරයට ගිය වෙලාවෙ වෙනිසියුලාවෙ මාධ්‍යවේදිනියො දෙන්නෙක් මට හමුවුණා. ඒ දෙන්නම ජාත්‍යන්තර සම්මාන දිනපු, ඉතාමත් දක්ෂ ගවේෂණාත්මක මාධ්‍යවේදීන්.
Continue Reading
ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව ඉතිහාසයේ වර්ෂයක් තුළ ඉපැයූ වැඩිම වාර්ථාගත ආදායම වාර්තා කරයි
-
Sujeewa Senerath
-
January 5, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
වත්මන් නිවැරදි නායකත්වය, නිසි කලමණාකාරීත්වය, සේවක කැපවීම මෙන්ම අනවශ්‍ය වියදම් හා නාස්තිය අවම කර ගැනීම තුළ ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව ආරම්භ කිරීමෙන් පසු සංස්ථා ඉතිහාසයේ මෙතෙක් වර්ෂයක් තුළ ඉපැයූ වැඩිම වාර්ථාගත අළෙවි ආදායම ලෙස රුපියල් මිලියන 1688 ක් පසුගිය 2025 වර්ෂයේ දී උපයා ගැනීමට ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව සමත්ව ඇත.
Continue Reading
ස්වභාවික ව්‍යසන, දේශගුණ විපර්යාසයන්ට ඍජුව වගකිව යුත්තේ බටහිර රටවල් වුණත් ඔවුන් ඒ ගැන කිසිම අවධානයක් යොමු කරන්නේ නැහැ. – හිටපු කතානායක කරු ජයසූරිය
“මම මුලින් සඳහන් කළ ආකාරයට මේ ආකාරයේ ස්වභාවික ව්‍යසන සිදුවීමට සහ එහි විනාශකාරී බව ඉහළ යාමට දේශගුණ විපර්යාස ඍජුව දායක වී තිබෙනවා. මේවට වගකිව යුත්තේ බටහිර රටවල් වුණත් ඔවුන් ඒ ගැන කිසිම අවධානයක් යොමු කරන්නේ නැහැ. අනෙක් අතින් අපි අපේ පරිසරය, වනාන්තර, ජල පෝෂක ආදි ස්වභාවික පරිසරයේ සමතුලිතතාවය විනාශ කිරීමත් ප්‍රධාන හේතුවක්.“
Continue Reading
බානගල නා හිමි 76 වන ජන්ම දිනය සැමරේ
ජපානයේ ප්‍රධාන සංඝනායක, ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ සභාපති, දඹදිව සාංචි චේතියගිරි විහාරය, බානගල උපතිස්ස පිරිවෙන, සපුගස්කන්ද අබේසේකරාරාමය සහ මාලිගා කන්ද අග්‍රශ්‍රාවක මහාබෝධි විහාරය යන සිව් මහා විහාරයන් හි විහාරාධිපති අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන්ගේ හැත්තෑ හයවන ජන්ම දින සමරුව අදට (05) යෙදී ඇත.
Continue Reading
ජනමාධ්‍ය නියාමනය සඳහා වන ස්වාධීන කොමිසමක් වහා ස්ථාපිත කිරීම ක්ෂේත්‍රයට අදාළ ගැටලු රැසකට විසඳුමයි – FMMTU
අසත්‍ය පුවත් විකාශනය කරන ලදැයි චෝදනා එල්ල වී ඇති විද්‍යුත් මාධ්‍ය ආයතන කිහිපයක විකාශන බලපත්‍ර ආපසු කැඳවීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවට හෝ එසේ කළ යුතු බවට සමාජය තුළ ගොඩනැගී ඇති කතිකාව සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ මෙන්ම එහි වෘත්තීය සමිතියේද දැඩි අවධානය යොමුව තිබේ.
Continue Reading
බාල ඖෂධ මගින් රෝගීන් මියයෑමට වග කිව යුත්තේ කවුද?
ඖෂධ නියාමනය නාට්‍යයක් වෙද්දී – රෝගියා පරීක්ෂණයක් වෙන්නේ ඇයි? (උක්ත ගැටලුව පිළිබඳව මතුවන ප්‍රධාන ප්‍රශ්න කිහිපයකට ලබා දියහැකි විද්‍යාත්මක පැහැදිලි කිරීමක්) ඉකුත් දින කිහිපය තුළ, එන්නත් 10ක් ඖෂධ නියාමන අධිකාරිය විසින් අත්හිටුවීම සම්බන්ධයෙන් රට පුරා දැඩි කතාබහක් ඇතිව තිබේ. මෙම තීරණයට හේතුව ලෙස මහනුවර ජාතික රෝහලේ සිදු කළ පරීක්ෂණයකදී හමුවූ බව කියන බැක්ටීරියාවක් සඳහන් කළද, එය සම්බන්ධයෙන් සාමාන්‍ය ජනතාවටත් තේරුම් …
Continue Reading
විදුලියෙන් ජීවිත දල්වන රාජාංගණේ සමරනායක – අසේල කුරුළුවංශ
විශ්වවිද්‍යාලයක් කියන්නේ උගතුන්ගේ තෝතැන්නක්. එහෙම නැත්නම් විධිමත් අධ්‍යාපන ක්‍රියාවලිය කියන ඉණිමග දිගේ ඉහළටම නැත්නම් සැලකිය යුතු දුරක් ගිය පිරිසක් ඉන්න තැනක්. ගංවතුරින් විශ්වවිද්‍යාලයට වෙලා තිබුණු හානි නැවත යථා තත්ත්වයට පත් කරගෙන තනියම නැගී සිටින්න මේ අයට විතරක් පුළුවන් කමක් නැහැ. ඒ සඳහා හැමෝගෙම සහය අවශ්‍යයයි. හානියේ තරම ඒ තරම්ම විශාලයි. පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ජලයෙන් යටවුණු ගොඩනැගිලිවල විදුලි පද්ධතියට ලොකු හානියක් …
Continue Reading
ශ්‍රී ලංකාවේ අනාගත මැතිවරණකදී මිනිසා තුළ පවත්නා ආවේනික බය අවියක් සේ හැසිරවීමේ නවතම භාවිතාව
කෘතීම බුද්ධිය පාදක දුස්තොරතුරු ශ්‍රී ලංකාවේ අනාගත මැතිවරණ ක්‍රියාවලිය වෙත කළහැකි බලපෑම පිළිබඳ කෙටි විග්‍රහයක් ”Enemy of the State” යනු වසර 1998 දී නිෂ්පාදනය වූ කදිම චිත්‍රපටයකි. මේ එහි එන ප්‍රකට දෙබසක්. ‘The only privacy left is inside of your head’ මෙහි වරනගන අදහස් ගොන්නක් තිබෙනවා. ප්‍රමුඛතම අදහස තමයි දැනට ලෝකයේ විවිධ අයුරින් ප්‍රතිෂ්ඨාපිත ආවේක්ෂණ (surveillance) ක්‍රමවේද නිසා අපි අනාරක්ෂිත …
Continue Reading
ශ්‍රේෂ්ඨාධිකරණ සහ මහධිකරණ විනිසුරුවරු දඹදිව සාංචි වැඳ පුදා ගනිති
-
Sujeewa Senerath
-
December 25, 2025
-
දේශපාලන, පුවත්
-
0 Comments
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මැතිතුමන් ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පසුගියදා ඉන්දියාවේ සාංචි මහා පුදබිමට පැමිණ අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලා සහ ධර්මාශෝක අගරජු ඉදිකළ සාංචි චෛත්‍ය සංකීර්ණය වැඳ පුදා ගත් බව සාංචි චේතියගිරි විහාරාධිකාරී බානගල විමලතිස්ස හිමියෝ පවසති.
Continue Reading