2035 වනවිට මෙරටින් ලාදුරු රෝගය තුරන් කිරීමට රජයෙන් සෞඛ්‍ය වැඩපිළිවෙලක්

වසර 2035 වනවිට මෙරටින් වාර්තාවන ලාදුරු රෝගීන්ගේ සංඛ්‍යාව බිංදුව දක්වා පහතට ගෙන ඒමට වත්මන් රජය සැලසුම්සහගතව කටයුතු කරමින් සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි.

Continue Reading

දේශීය ආයුර්වේද වෛද්‍ය සේවයට වෛද්‍යවරුන් වැඩිම පිරිසක් බඳවා ගැනීමට යයි

දේශීය ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රය සවිබල ගන්වමින් ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ද ඇතුළුව උපාධිධාරීන් 303 ක් ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සේවය වෙත බඳවා ගැනීමේ නව පත්වීම ප්‍රදානය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්  නොවැම්බර් මස 03 වන දින පෙ.ව. 9.00 ට කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාර පරිශ්‍රයේ (නිල මැදුර) දී  සිදු කෙරේ. 

Continue Reading

රජයේ විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීමේ ක්‍රියාවළියට සාධාරණ සමාජයෙන් පැසසුම්

විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා රජය ගනිමින් සිටින පියවරයන් අගය කරන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ, මහලේකම් සුනිල් ජයසේකර මහතාගේ අත්සනින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයෙන් අවධාරණය කරයි.

Continue Reading

තරුණයෝ පෙරමුණ ගත් ඇමරිකාවේ කඨින පින්කම

ඇට්ලන්ටා ජෝර්ජියා බෞද්ධ මහා විහාරාධිපති උතුරු ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය පනම්වෙල වජිරබුද්ධි නා හිමි අනුශාසනා පරිදි විහාරාධිකාරී පනම්වෙල වජිරබෝධි හිමියන්ගේ මෙහෙයවීමෙන් මෙවර වාර්ෂික කඨින පුණ්‍ය මහෝත්සවය පසුගියදා අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි.

Continue Reading

අවුරුදු 20ක කාලයක් දූරයේ හිටපු කෙනෙක් වැඩ කරන්න තව කාලයක් ඉල්ලන්නේ මෙච්චර කල් වැඩ කරල නෑ කියන එකයි – මහනුවර කතරගම දේවාලයේ බස්නායක නිලමේ දමින්ද බණ්ඩාර උඩුරාවණ

දශක දෙකකට පසු මෙවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරයේ වෙනසක් සිදුවන බව  පස්ගම නාථ දේවාලයේ සහ මහනුවර කතරගම දේවාලයේ බස්නායක නිලමේ දමින්ද බණ්ඩාර උඩුරාවණ මහතා පවසයි.

Continue Reading

දුස් තොරතුරු පතුරවමින් හා චේතනාන්විතව මගහැරීම් කරමින් අනාථ කර ඇති රටේ ප්‍රජාතන්ත්‍රවාදය – සුනිල් ජයසේකර

සෑම පළාතකටම අදාළව පළාත් සභා ස්ථාපිත කරමින්  මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීමට හැකි වන පරිදි වරින් වර මැතිවරණ පැවැත්වීම අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් තහවුරු කර තිබේ. අතීතයේ අවස්ථා ගණනාවක් සැලකිල්ලට ගතහොත් බිහිසුණු යුද ගැටුම් මැද හා වෙනත් ආකාරයේ අතිශය දුෂ්කර වාතාවරණයන් තුළ පවා ශ්‍රී ලංකාව තුළ පළාත් සභා මැතිවරණ පවත්වා තිබේ.

Continue Reading

අධිවේගී මාර්ගවල වාහනවල ගමන් ගන්නා මගීන් ආසන පටි පැළඳීම අනිවාර්ය කිරීමට යයි

අධිවේගී මාර්ගවල සිදු වන රථවාහන අනතුරු දිනෙන් දින ඉහළ යාම හේතුවෙන් මරණ සහ බරපතල තුවාල සිදුවීම් අවම කිරීම පිණිස අංක 2455/29 හා 2025‑09‑25 දිනැති අති විශෙෂ ගැසට් නිවේදනය මඟින් (203 අධිකාරය වූ) මෝටර් වාහන පනතේ විධිවිධාන යටතේ සාදන ලද 2011 අංක 2 දරන මෝටර් වාහන (අධිවේගී මහා මාර්ග) නියෝග සංශෝධනය කරනු ලැබ ඇත.

Continue Reading

විදේස්ගත ශ්‍රමිකයින්ටවිශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් ලබාදෙන්න දැනටමත් මැදිහත්වීමක් කරනවා – අමාත්‍ය විජිත හේරත්

විදෙස්ගත ශ්‍රි ලාංකිකයින්ට විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් ලබාදෙන්න අපි දැනටමත් මැදිහත්වීමක් කරනවා. දැනට ක්‍රියාත්මක වන ක්‍රමවේදය සාර්ථක ක්‍රමයක් නෙවෙයි. වැඩි මුදලක් විශ්‍රාම වැටුපක් විදිහට ගන්න පුළුවන් ක්‍රමයක් අපි ආරම්භ කරනවා. සමාජ සේවා දෙපාර්තමේන්තුවේ තියෙන අරමුදල් භාවිතා කරලා විදෙස් ගත ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ට දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයක් හදුන්වා අවශ්‍ය නෛතික ක්‍රමවේදයක් හඳුන්වා දෙන්න පියවර ගන්නවා.” යනුවෙන් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක …

Continue Reading

ආන්දෝලාත්මක කතිකාවක් වූ නුවරඑළිය තැපැල් කාර්යාලය ප්‍රතිසංස්කරණයට

වසර 130 ක් පැරණි ඓතිහාසික වටිනාකමකින් යුත් නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල විදේශීය සංචාරකයින්ගේ ආකර්ෂණය ලබා ගත හැකි ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියට අදාළ ප්‍රගතිය සහ ඊට අදාළව පෞරාණික වටිනාකමක් සහිත තැපැල් කාර්යාල ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබද විශේෂ සාකච්ඡාවක් පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

Continue Reading

දඹදිව සාංචි චේතියගිරි විහාරයේ වාර්ෂික කඨින පුණ්‍ය මහෝත්සවය අති උත්කර්ෂවත් අන්දමින් පවත්වයි

ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති ජපානයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන්ගේ අනුශාසනා පරිදි  දඹදිව සාංචි චේතියගිරි විහාරයේ වාර්ෂික කඨින පුණ්‍ය මහෝත්සවය අති උත්කර්ෂවත් අන්දමින් පසුගියදා (25/26)  දෙදින තුළදී පැවැත් වුණි.

Continue Reading