2026 නිදහස් දින පණිවිඩය

78 වන ජාතික නිදහස් දිනය අප විසින් සමරනු ලබන්නේ, අභියෝග රැසක් මධ්‍යයේ වුවද රට ආර්ථික වශයෙන් ස්ථාවරභාවයක් අත්පත් කර ගනිමින් ඉදිරියට යමින් සිටින ඓතිහාසික මොහොතකය. ලාංකිකයන් ලෙස අප සැමගේ සාමූහික පොරබැදීමේ ප්‍රතිඵලයක් ලෙස බලපෑම් සහගත ආර්ථික ප්‍රගතියක් සාක්ෂාත් කර ගැනීමට වසර එකහමාරක් වැනි කෙටි කාලයකදී අපි සමත් වීමු. අභියෝග මධ්‍යයේ සාමුහිකව මෙන්ම, අධිෂ්ඨානශීලිව අදුෂිත දේශපාලන සංස්කෘතියක් තුළ ගොඩනැඟෙන ලස්සන ලංකාවක් …

Continue Reading

2026 අයවැය කොහොමද ? මේ ගැන විද්වතුන් කියන්නේ කුමක් ද ?

කඩුල්ල රැක ගන්න නම් ආණ්ඩුව ඉවසීමකින් සහ මනා විනයකින් කටයුතු කළ යුතුයි – චාරුක පීරිස්, පර්යේෂණ නිලධාරී, ‘අරුත’ සංවිධානය 2026 අයවැය ලේඛනය සම්බන්ධයෙන් යම් විචාරයක් කිරීමට පෙර ලංකාවේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් යම් අවබෝධයක් ලබාගත යුතුය. ජාතික ජන බලවේගය ආණ්ඩුව විසින් සිය දෙවැනි අයවැය ලේඛනය ඉදිරිපත් කරන්නේ ආර්ථික අර්බුදයෙන් පසුව ගත වන තෙවැනි වර්ෂයේ දී වන අතර ආර්ථික අර්බුදයෙන් පසු ඉදිරිපත් …

Continue Reading

ජනපති සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය (FUTA) අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය (FUTA) අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී (20) දින සිදු විය.

Continue Reading

159 ක් මොකටද, ඇත්තටම?

යම් පක්ෂයකට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 113 ක් සිටියොත් හැලහැප්පීම් නැතිව ආණ්ඩුවක් පවත්වාගෙන යා හැකිය. චන්ද්‍රිකා බණ්ඩාරනායක එවැනි යාන්තම් පිරිමැසෙන සීමිත පිරිසක් සමග සෑහෙන කාලයක් ආණ්ඩුවක් කරගෙන ගියාය. 1994 ඇගේ පාර්ලිමේන්තුව තුළ ඈට තිබුණේ ආසන 114 ක් පමණි. එවැනි ප්‍රමාණයක් ඕනෑම පක්ෂයකට එදිනෙදා ආණ්ඩුකරණයක් සඳහා සෑහුනත්, ‘පෙරළිකාරී’ වෙනස්කම් කිරීමට එය නොසෑහෙයි.

Continue Reading

පුරවැසි බදු මුදල් සෑම රුපියලක්ම ජනතාව වෙනුවෙන් පරිස්සමෙන් වියදම් කරන බවට සහතික වෙනවා – ජනපති අනුර කුමාර දිසානායක

පුරවැසියාගේ බදු මුදල් සෑම රුපියලක්ම ජනතාව වෙනුවෙන් පරිස්සමෙන් වියදම් කිරීමට වත්මන් ආණ්ඩුව සහතික වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, “ජය නියතයි ගම අපටයි” ජයග්‍රාහී ජනතා රැලි මාලාවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම ප්‍රදේශයේ ඊයේ (29) පැවති ජන හමුවට එක්වෙමිනි.

Continue Reading

ජනපති සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් (06) දින ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

Continue Reading

ශ්‍රී ලංකාවේ 2025 අයවැය පිළිබඳ දැක්මක් – ලයනල් බෝපගේ

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකාවේ 2025 අයවැය, උග්‍ර මූල්‍ය අර්බුදයකින් පසුව රටේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමටත්, රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවය තහවුරු කිරීමටත් අදහස් කරයි. අයවැය දළ දේශීය නිෂ්පාදිතයෙන් 6.7% ක ඌණතාවයක් ඉලක්ක කරන අතර ඒ ඌණතාවය 2025 වසර සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කැමැත්ත වූ 5.2% ක ඌණතාවය ට වඩා මඳක් ඉහළ අගයකි.

Continue Reading

ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගය යනු නිවුන්නු නොවේ

අවුරුදු හැටකට ආසන්න ඉතිහාසයක් ඇති ජනතා විමුක්ති පෙරමුණ, එකී කාලය තුළ පසු කරමින් පැමිණි සමාජ විපර්යාසයන් සහ ඒවාට මුහුණදීමේදී අත්විඳි තීරණාත්මක විනාශයන් තුළින් බොහෝ දෑ උගනිමින්, වැටි වැටී නැඟිටිමින් පන්නරය ලද පක්ෂයකි. ඒ වනාහී, කිහිප දෙනෙකු රැස් වී, අපේ පක්ෂය මේ යැයි නමක් දාගෙන, සභාපති, ලේකම් සහ භාණ්ඩාගාරික ආදී වශයෙන් තනතුරු බෙදාගෙන පක්ෂයක් අටවාගන්නා, වර්තමානයේ ඇතැම් පක්ෂවලට වඩා ඓතිහාසික ජවයක් …

Continue Reading

ක්ලීන් ශ්‍රී ලංකා: ක්‍රම වෙනස සහ අභිලාශීය මධ්‍යම පන්තිය

ජාතික ජනබලවේග ආණ්ඩුවේ ක්‍රියා පිළිවෙතේ ප්‍රධාන මුහුණතක් ලෙස ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය පසුගිය ජනාවාරි පළමුවැනිදා දියත් කෙරිණි. මැතිවරණයේදී ලද අති විශාල ජනවරමේ ගැම්ම වියැකී යාමට නොදී පවත්වා ගැනීමේදී මෙවැනි ව්‍යාපෘති ඉතා වැදගත් වේ.

Continue Reading