ජාතික විදුලි ප්‍රතිපත්තිය සඳහා මහජන අදහස් විමසයි

2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධිත) පනතේ 4 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාරව, ජාතික විදුලිබල ප්‍රතිපත්තියේ (National Electricity Policy) කෙටුම්පත සකස් කර ඇති අතර, ඒ සඳහා මහජන අදහස් ලබා ගැනීම මේ වන විට ආරම්භ කර ඇත.

Continue Reading

සූර්යබල ගබඩාකරණ බැටරි සදහා තිබූ සියයට 46ක බද්දත් අහෝසියි – බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි

2026 ජූනි මස වන විට සම්ප්‍රදායික නොවන පුනර්ජනනීය (සූර්ය හා සුළං) මෙගාවොට් 2695ක ප්‍රමාණයක් ස්ථාපිත කළ බවත් එය 2025-2044 දිගුකාලීන විදුලි ජනන සැලැස්මට අනුව ඉලක්ක කර තිබුණු මෙගාවොට් 1848ට වඩා සැළකිය යුතු ප්‍රමාණයකින් වැඩි බවත් ඒ අනුව මෙම වසරට අදාළ අපේක්ෂිත ඉලක්ක අභිබවා පුනර්නනීය විදුලිබලය නිෂ්පාදනය කර ඇති බවත් බලශක්ති අමාත්‍යවරයා (19) දින පාර්ලිමේන්තුවේදී හෙළි කලේය. එමෙන්ම ඉදිරි 2026 හා …

Continue Reading

බලශක්ති නියෝජ්‍ය  අමාත්‍යවරයා  අර්කම් ඉල්යාස් බලශක්ති අමාත්‍යංශයේදී සිය ධූරයේ වැඩ ආරම්භ කරයි

නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් මහතා සිය මූලික අධ්‍යාපනය මාතර ඉල්මා විද්‍යාලයෙන්ද, උසස් අධ්‍යාපනය මාතර රාහුල විද්‍යාලයෙන්ද ලබා ඇති අතර මොරටුව විශ්ව විද්‍යාලයෙන් සිවිල් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ (ගෞරව) උපාධිධාරියකුද වේ.

Continue Reading

විදුලිබල සංශෝධන පනත යටතේ පිහිටුවනු ලැබූ ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල පත්කරයි

2024 අංක 14 දරන ලංකා විදුලිබල (සංශෝධිත) පනත අනුව පිහිටුවන ලද පූර්ණ රාජ්‍ය හිමිකාරීත්වය සහිත පහත සඳහන් ආයතන හතර සඳහා පත්කෙරුණු අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා ඊට අදාළ පත්වීම් ලිපි ලබාදීම බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා බලශක්ති අමාත්‍යංශයේදී සිදු කරන ලදී.

Continue Reading

විදුලිබල පනත සංශෝධනය නොකළා නම් මණ්ඩලයේ සේවකයින් 12,000කගේ රැකියා නැතිවෙන්න ඉඩ තිබුණා – බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි

“පසුගිය රනිල්-රාජපක්ෂ රජය විදුලිබල ක්ෂේත්‍රය පුද්ගලිකකරණ වැඩපිළිවෙලක් හරහා විශේෂයෙන්ම සේවක වරප්‍රසාද, අයිතිවාසිකම් සම්බන්ධයෙන් සැලකිල්ලක් දක්වන්නෙ නැතුව ක්‍රියාත්මක කරපු වැඩ පිළිවෙල අපි පරාජය කළා විතරක් නෙවෙයි, ආපසු හැරෙව්වා. ඒ වගේම බලශක්ති ක්ෂේත්‍රයේ රාජ්‍ය හිමිකාරීත්වය තහවුරු කළා. රටේ සංවර්ධන ඉලක්ක සමග සමගාමීව විදුලිබල ක්ෂේත්‍රය සංවර්ධනය කරන්න අවශ්‍ය ව්‍යුහාත්මක වෙනස්කම් කරමින් 100%ක් පූර්ණ රාජ්‍ය හිමිකාරීත්වය තියෙන ආයතන පිහිටුවා අවසන්. ඒ අනුව සැළසුම් කළ …

Continue Reading

හම්බන්තොට ඉදිවන බැටරි ගබඩාකරණ ව්‍යාපෘතියේ ඉදිකිරීම් නිරීක්ෂණයට

සූර්ය බලශක්ති ගබඩාකරණය සඳහා හම්බන්තොට ඉදිවන මෙගාවොට් 5/මෙගාවොට් පැය 10.7 බැටරි ගබඩාකරණ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාගේ නිරීක්ෂණයට ලක්වේ.

Continue Reading

නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයට සිසිලන පද්ධතියට සහ බොයිලර් පෝෂක ජල සැපයුම් පද්ධතියක්

මෙරට විදුලිබල පද්ධතියේ ස්ථායිතාවය පවත්වාගෙන යාමේදී ඉතා වැදගත් කාර්යයක් ඉටුකරන නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු විදුලි බලාගාරයේ ප්‍රධාන දුර්වල කමක් වුයේ රට පුරා විදුලිය බිඳ වැටීමකදී බලාගාරයේ සිසිලන පද්ධතියට සහ බොයිලර් පෝෂක ජල සැපයුම් පද්ධතියට ආධාරක විදුලි සැපයුම අකර්මන්‍යය වීමයි. එවැනි තත්වයකදී සිසිලනය සඳහා දින හතරක හෝ පහක කාලයක් මෙහෙයුම් කටයුතු අත්හිටුවීමට සිදු වීමයි. එ නිසා සැළකිය යුතු මූල්‍ය අලාභයක් ද …

Continue Reading

ඕමාන තානාපති බලශක්ති අමාත්‍යවරයා හමුවෙයි

බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා සහ ශ්‍රී ලංකාවේ ඕමාන තානාපති අහමඩ් අලි සයීද් අල් රාශිඩ් (Ahmed Ali Said Al Rashid) මහතා අතර හමුවක් බලශක්ති අමාත්‍යංශයේදී (14) දින පැවැත්විණි.

Continue Reading

ශ්‍රී ලංකාවේ බලශක්ති ආයෝජන සඳහා ඉන්දියානු ආයෝජකයින්

ඉන්දියානු බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් සහ ආයෝජකයින් ඇතුළු දූත කණ්ඩායමක් පසුගියදා බලශක්ති අමාත්‍යාංශයේදී අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා හමුවිය.

Continue Reading

විදුලිය කප්පාදුව නිමා කලා – විදුලිය පද්ධතිය ශක්තිමත් කිරීමට පියවර – බලශක්ති අමාත්‍යාංශය

නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් මේ වන විට ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්යමණ්ඩලය විසින් කටයුතු කර ඇති අතර, ඒ අනුව මෙතෙක් පැවැති විදුලි කප්පාදුව අවසන් වේ. එසේම එහි ඉතිරි ජනන යන්ත්‍ර දෙක ඉදිරි දින කිහිපය තුළ ක්‍රමයෙන් පද්ධතියට එක් කිරීමට නියමිත බව බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

Continue Reading