ජනමාධ්‍ය නියාමනය සඳහා වන ස්වාධීන කොමිසමක් වහා ස්ථාපිත කිරීම ක්ෂේත්‍රයට අදාළ ගැටලු රැසකට විසඳුමයි – FMMTU
අසත්‍ය පුවත් විකාශනය කරන ලදැයි චෝදනා එල්ල වී ඇති විද්‍යුත් මාධ්‍ය ආයතන කිහිපයක විකාශන බලපත්‍ර ආපසු කැඳවීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවට හෝ එසේ කළ යුතු බවට සමාජය තුළ ගොඩනැගී ඇති කතිකාව සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ මෙන්ම එහි වෘත්තීය සමිතියේද දැඩි අවධානය යොමුව තිබේ.
Continue Reading
පාර්ලිමේන්තු වරප්‍රසාද පනත මාධ්‍ය මර්දනයේ අවියකි. මහින්ද ඉලේපෙරුම පොලීසියට කැඳවීම වරදකි. – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
පසුගිය රාජ්‍ය පාලන සමයන්හිදීද මාධ්‍යවේදීන් බිය ගැන්වීමට සහ මර්දනයට යොදා ගත් පාර්ලිමේන්තු වරප්‍රසාද පනත අහෝසි කරන මෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දිගින් දිගටම ඉල්ලා සිටින ලදී. එසේ තිබියදී එවැනි මර්දන නීතිවලට එරෙහිව වීදි බැස සටන් කළ දේශපාලන ව්‍යාපාරයක් මූලිකත්වය ගෙන කටයුතු කරන වත්මන් ආණ්ඩුව පාර්ලිමේන්තු වරප්‍රසාද පනත භාවිතා කරමින් මාධ්‍යවේදීන් බිය ගැන්වීමට හෝ මර්දනයට උත්සාහ දැරීම හෙලා දැකිය යුතු තත්ත්වයකි.
Continue Reading
සුබ ගමන් – ගමන් සගයාණෙනි
සිය දිවිසැරිය නිමා කළ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ සහ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ වෘත්තීය සමිතියේ විධායක සභික හා භාණ්ඩාගාරික තාහා මුසම්මිල් සහෝදරයාට සමස්ත සාමාජිකත්වය වෙනුවෙන් අපගේ ආචාරය පුද කර සිටිමු.
Continue Reading