ජනමාධ්‍ය නියාමනය සඳහා වන ස්වාධීන  කොමිසමක් වහා ස්ථාපිත කිරීම ක්ෂේත්‍රයට අදාළ ගැටලු රැසකට විසඳුමයි –  FMMTU

අසත්‍ය පුවත් විකාශනය කරන ලදැයි චෝදනා එල්ල වී ඇති විද්‍යුත් මාධ්‍ය ආයතන කිහිපයක විකාශන බලපත්‍ර ආපසු කැඳවීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවට හෝ එසේ කළ යුතු බවට  සමාජය තුළ ගොඩනැගී ඇති කතිකාව සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ මෙන්ම එහි වෘත්තීය සමිතියේද දැඩි අවධානය යොමුව තිබේ.

Continue Reading

පාර්ලිමේන්තු වරප්‍රසාද පනත මාධ්‍ය මර්දනයේ අවියකි. මහින්ද ඉලේපෙරුම පොලීසියට කැඳවීම වරදකි. – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

පසුගිය රාජ්‍ය පාලන සමයන්හිදීද මාධ්‍යවේදීන් බිය ගැන්වීමට සහ මර්දනයට යොදා ගත් පාර්ලිමේන්තු වරප්‍රසාද පනත අහෝසි කරන මෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දිගින් දිගටම ඉල්ලා සිටින ලදී. එසේ තිබියදී එවැනි මර්දන නීතිවලට එරෙහිව වීදි බැස සටන් කළ  දේශපාලන ව්‍යාපාරයක් මූලිකත්වය ගෙන කටයුතු කරන වත්මන් ආණ්ඩුව පාර්ලිමේන්තු වරප්‍රසාද පනත භාවිතා කරමින් මාධ්‍යවේදීන් බිය ගැන්වීමට හෝ මර්දනයට උත්සාහ දැරීම හෙලා දැකිය යුතු තත්ත්වයකි.

Continue Reading

නිර්මාපිත බුද්ධියේ (Generative Artificial Intelligent) තර්ජනයන් හා අවස්ථාවන් හඳුනා නොගත්තොත් වෘත්තීය සමිතිත් ගමනක අවසානය සනිටුහන් කරනවා – ජයශ්‍රී ප්‍රියලාල්

Generative Artificial Intelligence  පිළිබඳ ශ්‍රී ලාංකික සමාජයේ පවතින අවබෝධය පිළිබඳ ඔබගේ අදහස කුමක්ද? ChatGPt කියන දේ නූතනම පැත්තකට යොමුව තිබෙන්නේ. ChatGPT හඳුන්වාදීමට ප්‍රතම GPt කුමක්ද යන්න වටහා ගනිමු. Generative Pre-Trained Transformer කෙටියෙන් GPT ලෙස අර්ථ දැක්වෙනවා. නමුත්, Artificial Intelligence ( AI) තමයි මෙහි විකාශනයේ  ආරම්භය.

Continue Reading

මාධ්‍යවේදියා සහ අලෙවිකරණ නියෝජිතයා අරමුණු දෙකක් අතර ගැටෙනවා – බිඟුන් මේනක ගමගේ (video)

පුවත්පත් කලාවේ දී කර්තෘවරුන්ගේ අරමුණු සහ වෙළඳ දැන්වීම් පාර්ශවයේ අරමුණ ඒකිනෙක ගැටෙන්නට බොහෝ විට ඉඩ ඇතැයි මාධ්‍යවේ දී බිගුන් මේනක ගමගේ පැවසී ය.

Continue Reading

RTI පනත ඵලදායී ලෙස ක්‍රියාත්මක කරන්න – ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියානු සහයෝගීතාව

ශ්‍රී ලංකාවේ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ (RTI) පනත ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා සභාපතිවරයාගේ අඛණ්ඩතාව අත්‍යවශ්‍ය බව මෙල්බර්න්හි සිවිල් සමාජ සංවිධානයක් වන ශ්‍රී ලංකාවේ යහපාලනය සඳහා වූ ඕස්ට්‍රේලියානු සහයෝගීතාව (AAGGSL), ශ්‍රී ලංකාවේ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් කොමිසමට (RTI කොමිසම) සභාපති කෙනෙකු පත් කිරීමේ පවතින ප්‍රමාදය පිළිබඳව දැඩි කනස්සල්ල පළ කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර ඇත.

Continue Reading

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය ප්‍රියාන් විජේබණ්ඩාරට

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයට සභාපතිවරයකු සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් තිදෙනකු පත් කරමින් අදාළ පත්වීම් ලිපි ප්‍රදානය කිරීම පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනමාධ්‍ය අමාත්‍යංශයේ දී සිදුකරන ලදී.

Continue Reading

සුබ ගමන් – ගමන් සගයාණෙනි

සිය දිවිසැරිය නිමා කළ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ සහ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ වෘත්තීය සමිතියේ විධායක සභික හා භාණ්ඩාගාරික තාහා මුසම්මිල් සහෝදරයාට සමස්ත සාමාජිකත්වය වෙනුවෙන් අපගේ ආචාරය පුද කර සිටිමු.

Continue Reading

නැවත නැවතත් ඝාතනය වෙන අසරණ ලසන්ත – ගාමිණී වියන්ගොඩ

බලධාරීන් විසින් සිදු කරනු ලබන දේශපාලනික ඝාතන ඉඳුරා අනර්ථකාරී වන්නේ එකී ඝාතනයේ වින්දිතයාට පමණි. ඝාතකයෝ හැමදාමත් නිරුපද්‍රිත වෙති. විජය කුමාරණතුංග, රිචඩ් ද සොයිසා, ධර්මරත්නම් සිවරාම් (තාරකී), ලසන්ත වික්‍රමතුංග සහ ප්‍රගීත් එක්නැලිගොඩ වැනි බොහෝ දෙනා ඊට සාක්ෂි දරති. ප්‍රජාතන්ත්‍රවාදය සාරාර්ථයෙන් මුල් ඇද නැති රටක මෙවැනි පුද්ගලයන් ඔවුන්ගේ පුද්ගල පැවැත්මෙන් කායිකව ඉවත් කිරීම, පවතින බල පද්ධති ව්‍යුහය තුළ අනිවාර්ය කෙරෙන්නේය. ඒ තරමට, …

Continue Reading

නීතිපති තීන්දුව, වළංකාරයාගේ අවුරුද්දක වැඩ පොලුකාරයට එක දවසයි වගෙයි – වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය

පසුගිය කාලය තුළ උතුරේ, දකුණේ මෙන්ම නැගෙනහිරත් ඝාතනයට ලක්වු මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවකයන්ගේ ඝාතකයන් කඩිනමින් නීතිය හමුවට ගෙන ආ යුතුව තිබියදී, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමට අදාළ නඩුවේ සැකකරුවන් තිදෙනෙකු මුදාහැරීමට වත්මන් නීතිපතිවරයා විසින් සිදුකර ඇති නිර්දේශය වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය තරයේ හෙළා දකින බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටී.

Continue Reading

ලසන්ත ඝාතනය, නීතිපති ලිපිය දණ්ඩමුක්තිය නීත්‍යානුකූල කිරීමේ නින්දිත උත්සාහයක් – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඇතුළු මාධ්‍යවේදීන් ගණනාවක් බිහිසුණු ලෙස ඝාතනය කිරීම ඇතුළු අපරාධවලට යුක්තිය ඉල්ලා නිදහස් මාධ්‍ය ව්‍යාපාරයද සෙසු මාධ්‍ය සංවිධානද අනුස්මරණය කරන ලද කළු ජනවාරිය ගෙවී යන මොහොතේම ලසන්ත ඝාතන නඩුවට සම්බන්ධ බවට සැකකෙරෙන තැනැත්තන් තිදෙනෙකු නිදහස් කිරීමට හැකියාව ඇති බවත් ඔවුන්ට එරෙහිව නඩු කටයුත්තක් පවත්වා ගෙන නොයන බවත් සඳහන් කරමින් නීතිපති පාරින්ද රණසිංහගේ අත්සනින් ලිපියක් නිකුත්වීම බරපතල සමාජ කම්පනයක් …

Continue Reading