ඊශ්‍රායල් ප්‍රායෝගික පරීක්ෂණ නියෝජ්‍ය ඇමතිගේ නිරීක්ෂණයට

ඊශ්‍රායලයේ ප්‍රතිසංස්කරණ ක්ෂේත්‍රයේ රැකියා සඳහා සුදුසු ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් තෝරා ගැනීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් සිදුකරන අවසන් ප්‍රායෝගික පරීක්ෂණ ජනවාරි මස 05 දින මොරටුව, කටුබැද්ද NAITA ආයතනයේදී  ආරම්භ වූ අතර, සිව් දිනක් පුරා පැවති පරීක්ෂණවල අවසන් දිනය වූ(2026.01.08)  දින පරීක්ෂණ කටයුතු සිදුකරන අයුරු විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා විසින් නිරීක්ෂණය කරන ලදී.

Continue Reading

අලුත් අවුරුද්ද නිමිත්තෙන් මුදල් ලබාදෙන ප්‍රචාර අසත්‍යයි – SLBFE

විගමණික ශ්‍රමිකයින්ට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් සිංහල හා දමිල අලුත් අවුරුද්ද වෙනුවෙන් රු.10,000.00 ක මුදලක් ලබාදෙන බව පවසා විදේශ රටක සිට ක්‍රියාත්මක කරන Youtube නාලිකාවක් මගින් සිදුකරන ප්‍රචාරය මුළුමනින්ම අසත්‍ය බව කාර්යාංශය සඳහන් කරයි.

Continue Reading

මහජන දිනය පළමුවරට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී

විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන්  විශේෂ මහජන දිනය පළමුවරට (04) දින විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී පැවැත්විණි. මේ සදහා  විශාල පිරිසක් සහභාගී වූ අතර ඔවුන්ට සෘජුව ගැටලු විසඳා ගැනීමට අවස්ථාවක් උදාකර දීම සිදුවිය. මේ සඳහා නියෝජ්‍ය අමාත්‍යවරයා සමග විදේශ සේවා නියුක්ති  කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ ඇතුළු  කාර්යාංශයේ විවිධ අංශවල නිලධාරීන් ද සහභාගී විය.

Continue Reading