ඉන්දියාව වෙනිසියුලාව තනි නොකරයි
ප්‍රබල ද්විත්ව භූමිකම්පා දෙකකින් දැවැන්ත ජීවිත හා දේපල හානියකට මුහුණ දී සිටින වෙනිසියුලානු ජනතාවට අත්‍යාවශ්‍ය හදිසි වෛද්‍යාධාර ලබාදීමට ඉන්දියානු හමුදා වෛද්‍ය කණ්ඩායමක් සහ අංග සම්පූර්ණ ක්ෂේත්‍ර රෝහලක් සමග ටොන් තිස්පහකට අධික හදිසි සහන ද්‍රව්‍ය ඉන්දියානු රජය එරටට යවා ඇත.
මෙම මෙහෙයුම නම් කර ඇත්තේ Amistad යනුවෙනි. ස්පාඤ්ඤ බසින් එහි තේරුම “මිත්‍රත්වය” යන්නයි. C – 17 Globemaster ගුවන් යානා දෙකකින් ක්ෂේත්‍ර ගිලන් රථ ඒකක, හතලිස් එක් දෙනෙකුගේ කණ්ඩායමක් මීට යොදවා ඇතැයි වාර්තා වේ.
රැගෙන යන ලද උපකරණ අතර තීරණාත්මක ජීවිත ආරක්ෂක ආම්පන්න, කම්පන සත්කාර උපකරණ, කූඩාරම් සහ බ්ලැන්කට් ද ඇතුළත්ව ඇත.
එකවර රෝගීන් දෙසීයක් දක්වා ප්‍රතිකාර කිරීමට හැකි ක්ෂණිකව ස්ථාපිත කළ හැකි “ආරෝග්‍යා මෛත්‍රි ව්‍යාපෘතිය” යටතේ වැඩි දියුණු කරන ලද දැඩි සත්කාර පවා ලබා දිය හැකි BHISHM කියුබ්ස් මේ සමග යොමු කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.



