ගල්අඟුරු සැපයීම සම්බන්ධයෙන් පා. ම. ඩී.වී. චානක දැක්වූ කරුණු රජය ප්‍රතික්ෂේප කරයි

2025.01.07 දින විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා ගල්අඟුරු සැපයීම සම්බන්ධයෙන් දැක්වූ කරුණු ප්‍රතික්ෂේප කරමින්, ලංකා ගල්අඟුරු සමාගම දක්වන ප්‍රතිචාරය පිළිබඳව බලශක්ති අමාත්‍යංශය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනය පහතින් දැක්වේ.

ලක්විජය බලාගාරය වෙත ගෙන්වන ලද ගල්අඟුරු නැව් තොගය බාල ගල්අඟුරු බවට සහ මෙමගින් රුපියල් කෝටී දහසක පාඩුවක් සිදුව ඇති බව ඇතුළු කරුනු සම්බන්දයෙන් පාර්ලිමේන්තුවේදී ගරු ඩී.වී.චානක මන්ත්‍රීතුමා විසින් කරන ලද ප්‍රකාශය සම්බන්ධවයි

  • සැපයුම්කරු තෝරා ගැනීම-

ගල්අඟුරු සැපයුම්කරුවන් තෝරාගැනීමේදී අනුගමනය කරන ජාත්‍යන්තර තරඟකාරී සීමිත ලංසු ක්‍රමය යටතේ සැපයුම්කරුවන් ලියාපදිංචි කර ගැනිම සඳහා අනුගමනය කරන ලද්දේ එකම  ක්‍රමවේදයකි. ඒ අනුව මේ වනවිට සැපයුම්කරුවන් විසි (20) දෙනෙකුම ලියාපදිංචි කර ඇති අතර කිසිම සැපයුම්කරුවකු වෙනුවෙන් පිරිවිතර වෙනස් කර නොමැති බව තහවුරු කල හැක.

පසුගිය රජයේ සමයේදී ලබාදුන් ටෙන්ඩරයේ නම් කැබිනට් අනුමැතිය සුදුසුකම් ලෙස සලකා ඒ අනුව තෝරාගත් සැපයුම්කරුට ටෙන්ඩරය ලබාදී ඇති බව සඳහන් කල හැකිය

ලංසු කාලය –

ලියාපදිංචි සැපයුම්කරුවන් අතරින් ලංසු කැඳවීමේ කාලය වෙනස් කිරිම සම්බන්ධව ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ උපදෙස් ලබා ගෙන සිදුකර ඇත. මෙම ප්‍රසම්පාදනයට අදාලව මෙතෙක් වැඩිම ලංසුකරුවන් ප්‍රමාණය වු ලංසුකරුවන් 10 දෙනෙකුම ඉදිරිපත්වීමෙන් ලංසු කාලයේ දින ගනන වෙනස්වීමෙන් බලපෑමක් වී නැති බව පැහැදිලිය.

  • කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරිම හා කාර්ය සාධන බැඳුම්කරය තැබීම අතර කාල

ප්‍රසම්පාදන ලේඛණවලට අදාලව කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරිමට පසු කාර්ය සාධන බැඳුම්කරය තැබිය යුතු කාලය  අතර  එම කටයුත්ත සිදුවී ඇති අතර එහි ප්‍රමාදයක් සිදුව නැත. කොන්ත්‍රාත්තුව ප්‍රදානය කල දින සිට දින 14 ක් තුළ සැපයුම්කරු  කාර්ය සාධන ඇපකරය තබා ඇත.

  • ලක්විජය බලාගාරයේ රසායනාගාරය

ප්‍රසම්පාදනයට අදාල ගිවිසුමට අනුව පැටවුම්වරායේ තත්ව වාර්තාව සහ ගොඩබෑම් වරායේ තත්ව වාර්තාව අනුව ගල්අඟුරු සැපයුම් ක්‍රියාවලිය සහ ගෙවීම් ක්‍රියාවලිය සිදුවේ.  ප්‍රසම්පාදන ක්‍රියාවලියට අදාලව ලක්විජය බලාගාරයේ රසායනාගාර ප්‍රමිතිකරණය කල (Accredited) රසයනාගාරයක් නොවේ.

  • රසායනාගාර පරීක්ෂණ වාර්තා

පැටවුම් වරායේ රසායනාගර වාර්තාව

පැටවුම් වරායේ රසායනාගර වාර්තා අනුව අදාල පටවන ගල්අඟුරු තොග ලක්විජය බලාගාරයේ අවශ්‍යතාවයට සරිලන ගිවිසුමේ සඳහන් උපමානයන්ගෙන් යුත් පරාසය තුළ පවතින්නේනම් පමණක්  ගල්අඟුරු නැව් තොග ගෙන්වීමට අදාල  පිලිගැනිම (Letter of Acceptance ) නිකුත් කර  ගොඩබෑම් ක්‍රියාවලිය ඉදිරියට ගෙන යනු ලබයි. දකුණු අප්‍රිකාවේ Richareds Bay Coal Terminal  (RBCT) වරායේ (පැටවුම් වරායේ) ගල්අඟුරු සාමපල පරීක්ෂා කරන රසායනාගාරය තෝරාගැනීමට ගිවිසුම අනුව සැපයුම්කරු විසින් නම් 03ක් යෝජනා කරන අතර ඒවා අතරින් අදාල රටවල ශ්‍රී ලංකා තානාපති/මහකොමසාරිස් කාරියාලය මගින් එම රසායනාගාරය ප්‍රමිතිකරණය කල රසායනාගාරයක් (Accredited lab) බවට ලබාදෙන තහවුරුව අනුව තෝරාගෙන ඇත. එලෙස තෝරාගන්නා ලද පැටවුම්වරායේ තත්ව පරීක්ෂණ වාර්තා දෙනු ලබන්නේ Mithra SK ආයතනය විසිනි. මෙම විවාදිත ගල්අඟුරු තොගය ලක්විජය බලාගාරයේ අවශ්‍යතාවයට සරිලන ගිවිසුමේ සඳහන් උපමානයන්ගෙන් යුත් පරාසය තුළ පවතින බවට පැටවුම් වරායේ රසායනාගාර වාර්තාව මගින් තහවුරු කර ඇත.

ඒ අනුව ගල්අඟුරු තොගය සඳහා 80%ක ගෙවීම සිදුකල යතු වුවත් මේ දක්වා අදාල ගල්අඟුරු තොගයට ගෙවීම් කර නැත.

ගොඩබෑම් වරායේ තත්ව පරීක්ෂණ වාර්තාව

ලක්විජය බලාගාරය වෙත ගෙන්වන ලද ගල්අඟුරු  සඳහා අවසාන ගෙවීම කරනු ලබන්නේ ගොඩබෑම් වරායේ තත්ව පරීක්ෂණ වාර්තාව අනුවය. එම වාර්තාව නිකුත් කරනු ලබන්නේ ලක්විජය බලාගාරය මගින් තෝරාගන්නා ලද ප්‍රමිතිකරණ රසායනාගාරයක් (Accredited lab) මගිනි. මෙම වාර්තාව නිකුත් කරනු ලබන්නේ ගල්අඟුරු මෙ.ටො. 60,000 තොගයෙන්, මෙ.ටො. 5000න් 5000 ට අහඹු ලෙස ලබාගන්නා සාම්පල 12ක් මිශ්‍ර කිරිමෙන් ගනු ලබන අවසාන සාම්පලය මගිනි.එම වාර්තාව නිකුත් වීමට ගල් අඟුරු නැව් තොගය ගොඩබා අවසන් කර දින 10ක පමණ කාලයක් ගතවෙයි. එනම් 2026.01.16 දිනට පෙරයි.

එම වාර්තාව මෙතෙක් නිකුත්ව නොමැති නිසා ලක්විජය බලාගාරය වෙත ලැබුනු ගල්අඟුරු තොග වල ගුණාත්මය පිලිබඳ නිවැරදි අදහසක් පලකිරිමට නොහැකිය. ගිවිසුමට අනුව නියමිත පරාසයන් තුළ ගුණාත්මයේ  ඉහල -පහල යාම් සම්බන්ධව ගිවිසුමට අනුව දඩ මුදල් අයකරන අතර , නියමිත පරාසයෙන් පිටත ගුණාත්මයේ නම් දෙගුණයක දඩමුදල් අයකිරිම් සිදුවේ.

රුපියල් කෝටී දාහක පාඩුවක් සිදුවීම

ගොඩබෑම් වරායේ  රසායනාගාර වාර්තා නිකුත් නොවී ඇති තත්වය තුළ මෙම ගණනය කිරිම්  මන:කල්පිත ගණනය කිරිම් වෙයි.  තවද  ගොඩබෑම් වරායේ රසායනාගාර වාර්තාවට අනුව මෙම ගල්අගුරු තොගය අදාල මන්ත්‍රීවරයා සඳහන් කරන ආකාරයට  අවශ්‍ය ගුණාත්මයේ නොතිබුණත් දඩ මුදල් දෙගුණයකින් අයකරන නිසා ගිවිසුමට අනුව මුල්‍ය පාඩුවක් සිදු නොවෙයි.

කෙසේ වුවද නිල රසායනාගාර වාර්තාව 2026.01.16 ට පෙර  ලැබෙනු ඇති අතර එහිදී මෙම ගල්අඟුරු සැපයුම්ට අදාල ගිවිසුම පරිදි කටයුතු කරනු ඇත.

 

Leave A Comment