පිළිකා කලින් හඳුනා ගැනීමේ මධ්‍යස්ථානය ජාතික රෝහලේ නව පරිශ්‍රයක

පිළිකා කලින් හඳුනා ගැනීමේ මධ්‍යස්ථානය 06 ක් මේවන විට දිවයිනේ ප්‍රධාන රෝහල් ආශ්‍රිතව ක්‍රියාත්මකවන බවත්, ඉදිරියේ දී සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි පිළිකා කලින් හඳුනා ගැනීමේ මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇතිබව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා අවධාරණය කරයි.

අමාත්‍යවරයා මේබව අවධාරණය කර සිටියේ  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික පිළිකා මර්දන වැඩසටහන මගින් ක්‍රියාත්මක කෙරෙන පිළිකා කලින් හඳුනා ගැනීමේ නව මධ්‍යස්ථානය (Cencer Early Detection Center- CEDC) විවෘත කිරීමේ අවස්ථාවට (09) දින පෙරවරුවේ එක්වෙමිණි.

එම මධ්‍යස්ථානය කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශ පරිශ්‍රයේ ස්ථාපිත බෝවන රෝග සායන ගොඩනැගිල්ලේ පළමු මහලේ දී  ස්ථාපිත කෙරිණි.

පිළිකා කලින් හඳුනා ගැනීමේ මධ්‍යස්ථානයෙන් ප්‍රධාන වශයෙන්ම පියයුරු පිළිකා, ගැබ්ගෙල පිළිකා සහ මුඛ පිළිකා හදුනා ගැනීම සිදුකරනු ලබන අතර මෙහි දී හදුනා ගන්නා ලබන පුද්ගලයින් කඩිනම් ඉදිරි ප්‍රතිකාර කටයුතු සදහා  විශේෂඥ වෛද්‍ය සායනවලට යොමු කරනු ලබයි.

2004 වර්ෂයේ දී මෙම මධ්‍යස්ථානය රොටරි සමාජයේ හවුකාරීත්වයෙන් නාරාහේන්පිට ප්‍රදේශයේ ස්ථාපිත කරන ලද අතර ගෙවී ගිය වසර 22 කාළය තුලදී ලක්ෂයකට ආසන්න පිරිසක් පරීක්ෂාවට ලක්කර අවශ්‍ය පුද්ගලයන් ඉදිරි ප්‍රතිකාර කටයුතු සදහා යොමුකර ඇත. පසුගිය වර්ෂයේ දී පමණක් මෙම මධ්‍යස්ථානය මගින් නව පිළිකා රෝගීන් 104 ක් හදුනාගෙන ඉදිරි ප්‍රතිකාර සදහා යොමුකිරීමට ද පියවර ඇත.

අතිනවීන වෛද්‍ය උපකරණ පහසුකම් වලින් මෙම පිළිකා කල් ඇතිව හඳුනාගැනීමේ මධ්‍යස්ථානය රජයේ නිවාඩු දින හැර සතියේ දිනවල පෙ.ව. 8.30 සිට ප.ව 3.00 දක්වා විවෘතව පවතී.

Leave A Comment