රතු කුරුසයෙන් කොළඹ ළිං පිරිසිඳු කරයි
- Sujeewa Senerath
- January 13, 2026
- දේශපාලන, පුවත්
- red cross
- 0 Comments
පසුගිය දිනවල ඇති වූ අධික වර්ෂාවෙන් හටගත් ගංවතුර නිසා ජල දූෂණයට සහ අපිරිසිදුතාවයට පත් වූ කොළඹ දිස්ත්‍රික්කයේ පානීය ජල ලිං 2150 පිරිසුදු කරදීමේ ව්‍යාපෘතියක් ශ්‍රී ලංකා රතුකුරුස සමාජයේ කොළඹ ශාඛාව ක්‍රියාත්මක කරයි.
ඒ අනුව කොලොන්නාව, හෝමාගම, සීතාවක, කඩුවෙල ප්‍රදේශීය සභා බල ප්‍රදේශවල මෙම ව්‍යාපෘතිය යටතේ මේ වන විට ලිං පන්සියයකට (500) ආසන්න ප්‍රමාණයක් පිරිසිදු කර අවසන් වී ඇතැයි ද සෙසු ලිං පිරිසුදු කිරීමේ කටයුතු මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බව ද ශ්‍රී ලංකා රතුකරුස සමාජයේ අධ්යාක්ෂිකා කුමාරි කොතලාවල මහත්මිය පවසන්නීය.
ඉදිරි මාස දෙක තුළ සෙසු ලිං සියල්ල පිරිසිදු කිරීම අවසන් කරන බව ද මේ සඳහා ජාත්‍යන්තර රතු අඩ සඳ සමාජ සම්මේලනය (IFRC) ආයතනය (රු.112,000,00.00) මූල්‍ය අනුග්‍රහය ලබා දී ඇතැයි කොතලාවල මහත්මිය පෙන්වා දුන්නාය.
ඊට අමතරව ලිං පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියට සහ මෙම ගංවතුර අවහිර වී ඇති කොළොන්නාව ප්‍රදේශයේ (ඇල මාර්ග,කානු පද්ධති) අපජලපවාහන පද්ධතිය විධිමත් කිරීමේ වැඩසටහන සඳහා Chevron ආයතනය (රු. 5,000,000.00 ) අනුග්‍රහය දක්වා ඇතැයි ද ජල ගැල්මට හසු වූ ප්‍රදේශවල වෛද්‍ය සායන පවත්වා ගෙන යෑම ද මේ දිනවල කරගෙන යන බව කොතලාවල මහත්මිය පැවසුවාය.


