රේන්බෝ අයිතිකරු යළිත් රිමාන්ඩ්

  • බිරිඳ තවදුරටත් අධිකරණය මග හරිමින් සිටියි…

රුමේනියාවේ විදේශ රැකියා ලබාදෙන බව පවසා දිවයිනේ විවිධ පුද්ගලයින්ගෙන් රුපියල් මිලියන 900 කට අධික මුදලක් හෙවත් රුපියල් කෝටි 90 කට අධික මුදලක් වංචා කළ බවට සැකකරන රේන්බෝ මෑන් පවර් ආයතනයේ හිමිකරු යළිත් වරක් ජනවාරි 30 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කරන ලදී. ඒ ඔහු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ දින (2026.01.26) ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

මෙම සැකකරු හා ඔහුගේ බිරිඳ රේන්බෝ මෑන් පවර් නමින් විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන යමින් රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසා, දැවැන්ත මූල්‍ය වංචාවක් සිදුකර ඇති බවට මූලික පරීක්ෂණවලදී හෙළි වූ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

රුමේනියාවේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ බවට මෙම සැකකාර විදේශ රැකියා හිමිකරුට එරෙහිව පැමිණිලි 470 ක් පමණ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලැබි තිබිණි. පසුව මෙම පැමිණිලි සම්බන්ධව ඉදිරි විමර්ශනය සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කාර්යාංශය විසින් එම පැමිණිලි භාරදී තිබුණි. මෙයට අමතරව තවත් පැමිණිලි 400ට අධික ප්‍රමාණයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද ලැබී තිබිණි. මෙම ඒජන්සියේ හිමිකරු පසුගිය ඔක්තෝම්බර් 30 දින අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

එදින සිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ඔහු, නඩුව ඊයේ දින (2026.01.20) යළි කැඳවූ අවස්ථාවේ ගරු මහේස්ත්‍රාතුමිය විසින් මෙම නියෝගය නිකුත් කළේය.

මෙම වංචාකරුවන්ට එරෙහිව නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කිරීමටත්, වින්දිතයින්ට සාධාරණය ඉටුකිරීමටත් කාර්යාංශය හැකි සියළුම පියවර මේ වන විටත් ගෙන ඇති බව කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

Leave A Comment