විදේශිකයින්ට ගාස්තු අය නොකරම වීසා කාලය දිර්ඝ කරයි
- Editor
- March 11, 2026
- සංචාරක සහ චාරිකා
- free-visa
- 0 Comments
මැදපෙරදිග හරහා සිදු කරන ගුවන් ගමන් අවලංගු කිරීමෙන් බලපෑමට ලක්වූ විදේශිකයින් සඳහා ගාස්තු අය නොකිරීමේ පදනම මත වීසා වලංගු කාලසීමාව දීර්ඝ කිරීම කැබිනට් අනුමැතිව හිමිව ඇත.
මැදපෙරදිග කලාපයේ මේ වන විට පවතින යුධමය වාතාවරණය හේතුවෙන් එම කලාපය වෙත 2026-02-28 දින සිට ගුවන් ගමන් අවලංගු කිරීම නිසා මෙරටින් පිටත්ව යාමට නියමිතව සිටි ඇතැම් විදේශිකයින්හට ඔවුන්ගේ වීසා බලපත්‍රවල වලංගු කාලය අවසන් වීමට පෙර රටින් බැහැර වීමට නොහැකි වී ඇත.
එම සුවිශේෂී තත්ත්වය සැලකිල්ලට ගනිමින්, එවැනි මගීන්ට විකල්ප ගමන් විධිවිධාන සකස් කර ගැනීමට හැකි වන තෙක් ශ්‍රී ලංකාව තුළ නීත්‍යනුකූලව රැඳී සිටීම සඳහා පහසුකම් සැලසිය යුතුව තිබේ. ඒ අනුව, 2026-02-28 දින සිට මැදපෙරදිග බලා පිටත් වන ගුවන් ගමන් අවලංගු කිරීම හේතුවෙන් මෙරටින් පිටවීමට නොහැකි වූ විදේශිකයින්හට දින 14ක කාලයක් සඳහා ගාස්තු අය කිරීමකින් තොරව වීසා දීර්ඝ කිරීම් ලබා දීමටත්, තවදුරටත් එවැනි ගුවන් ගමන් අවලංගුකිරීම් පවතී නම්, ඔවුන්ගේ වීසා දීර්ඝ කිරීමේ කාලය තවත් දින 14ක් දක්වා ගාස්තුවකින් තොරව දීර්ඝ කිරීමටත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
