විනය විරෝධී නිලධාරින් රකින නිසා වර්ජනයකට සූදානම් – රජයේ විකිරණ විද්‍යා තාක්ෂණිකවේදීන්ගේ සංගමය
- Sujeewa Senerath
- January 13, 2026
- දේශපාලන, පුවත්
- health ministry of sri lanka
- 0 Comments
විනය විරෝධී සහ විෂමචාරී ලෙස කටයුතු කරන මාලිගාවත්ත රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාට (රා. ආ.) එරෙහිව ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණිකවේදීන්ගේ සංගමය සෞඛ්‍ය ලේකම්වරයා වෙත ලිපියක් යවමින් අවධාරණය කර ඇත.
එම ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ,
සංගමයේ අංක 16/TUA/25-26 හා 2026.01.06 දිනැති ලිපිය හා බැදේ.
මාලිගාවත්ත වෘක්කවේද කාන්දු පෙරීම හා වකුගඩු බද්ධ කිරීමේ ජාතික මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ තනතුරේ රාජකාරී ආවරණය සිදුකරන චාල්ස් නුගවල මහතා දිගින් දිගටම සිදුකරන විනය විරෝධී සහ විෂමාචාරී ක්‍රියාවන් සම්බන්ධයෙන් දැනුම් දුන්නද මේ වනතෙක් ඒ පිළිබඳව කිසිදු ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ක්‍රියාකර නොමැත.
එමනිසා 2026 ජනවාරි 21 වෙනිදා උදේ 8.00 සිට දිවයින පුරා රෝහල්හි එක් දින වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට විධායක සභාව තීරණය කර ඇති බව දන්වමි
මෙලෙස දිගින් දිගටම ඔහුට විරුද්ධව ක්‍රියා නොකර එම පුද්ගලයාව ආරක්ෂා කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කිරීම දැඩි කණගාටුවට කරුණක් වන අතර එමගින් තවදුරටත් ඔහුට එලෙස රාජ්‍ය සේවය අපහසුතාවයට පත්කරන විෂමාචාර හැසිරීමට උනන්දු කරවන්නක් බව කිව යුතුය.
එම නිසා පහත කරුණු පිළිබඳව ඔබතුමාගේ කඩිනම් අවධානය යොමු කරන ලෙස ඉල්ලමි.
- විෂමාචාරී සිද්ධීන් වලට අදාල ලිඛිත සාක්‍ෂි ආරක්ෂා කිරීමට කඩිනමින් උපදෙස් දීම.
- සිදුවීම් වලට අදාල CCTV දර්ශන ආරක්ෂා කිරීමට උපදෙස් ලබාදීම.
- සිද්ධීන් පිළිබඳව සාක්ෂි දරන පුද්ගලයන්ට සිදුකරන බලපෑම් ඉවත් කිරීම සහ ඔවුන්ට ආරක්‍ෂාව ලබාදීම.
ඉහත කී නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා වහාම එම තනතුරු වලින් සහ රෝහලෙන් ඉවත් කොට විධිමත් පරීක්‍ෂණයක් කඩිනමින් ආරම්භ කරන ලෙස ඉල්ලා සිටී. එමෙන්ම මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කඩිනමින් අවස්ථාවක් ලබා දෙන ලෙසද ඉල්ලා සිටිමි.
තවදුරටත් මේ පිලිබදව කටයුතු නොකරන්නේ නම් වර්ජන ක්‍රියාමාර්ගය තීව්‍ර කිරීමට සිදුවන බව කණගාටුවෙන් වුවද දන්වමි.
පිටපත්
- වෛද්‍ය නලින්ද ජයතිස්ස – ගරු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යතුමා
- අතිරේක ලේකම් (පාලන 1)
- අතිරේක ලේකම් ( වෛද්‍ය සේවා)
- අතිරේක ලේකම් (පාලන 2)
- සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්
- නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් (විමර්ශන)
- නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් (පාලන 3)

