සේවක අර්ථසාධක සහ භාරකාර අරමුදල් රු. කෝටි 3000ක් අවභාවිත කරලා

පසුගිය ආණ්ඩු යටතේ සේවක අර්ථසාධක හා භාරකාර අරමුදල් රු. කෝටි 3000ක් පමණ අවභාවිත වී ඇති බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි.

බැඳුම්කර ගනුදෙනු,කොටස් වෙළඳපල ආයෝජන සහ ලැයිස්තුගත නොවන සමාගම්වල ආයෝජනයෙන් මෙම  අවභාවිතය සිදුව ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

මහින්ද ජයසිංහ මහතා මේ බව අනාවරණ කළේ කටුනායක, ආයෝජන මණ්ඩල ශ්‍රවණාගාරයේ පැවති වැඩසටහනකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කළේ සේවක අර්ථසාධක හා භාරකාර අරමුදල් ඒකාබද්ධ පරිපාලනයකට ලක් කිරීම වෙනුවෙන් ශක්‍යතා අධ්‍යනයකට විශේෂ කමිටුවක්ද පත්කර ඇති බවයි.

Leave A Comment