වෛද්‍ය පීඨ ශිෂ්‍යයන්ගේ ගැටළු සාකච්ඡා මාර්ගයෙන් විසඳීමට පියවර
- Editor
- May 19, 2026
- අධ්‍යාපන, පුවත්
- medical-faculty
- 0 Comments
වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ගැටළු කිහිපයක් මුල් කරගනිමින් පසුගියදා කොළඹදී විරෝධතාවක් පැවැත්වීමට සැලසුම් කර ඇති බවට වාර්තා වී ඇත.
මේ පිළිබඳව වැඩබලන සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ පෞද්ගලික අවධානය යොමු වී තිබේ.
ඒ අනුව, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ඉදිරිපත් කරන ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කර විසඳුම් සෙවීම සඳහා (18) දින විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කැඳවා ඇත.
වැඩබලන සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සාකච්ඡාව සඳහා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ඇතුළු අදාළ සියලුම පාර්ශ්වයන් වෙත අවස්ථාව ලබා දීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මේ වන විටත් කටයුතු සූදානම් කර ඇත.
මහජනතාවට පීඩාවක් හෝ අපහසුතාවක් ඇති වන ආකාරයෙන් විරෝධතා ක්‍රියාමාර්ගවලට යොමු නොවී, සාකච්ඡා මාර්ගයෙන් අදාළ ගැටළුවලට විසඳුම් ලබාගැනීමට ඉදිරිපත් වන ලෙස අමාත්‍යාංශය ශිෂ්‍ය පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර සිටී.
ප්රජාතන්ත්රවාදී සහ සාමකාමී සාකච්ඡා වටපිටාවක් තුළින් ප්‍රශ්න සඳහා විසඳුම් ලබා ගැනීමට අවශ්‍ය උපරිම සහයෝගය ලබා දීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිරන්තරයෙන් කැපවන බව වැඩබලන සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා අවධාරණය කර සිටී.

