සමාජවාදී වියට්නාම් ජනරජයේ නිර්මාතෘ හෝ චි මිං 136 වන ජන්ම සමරුව කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේ පිහිටි පිළිරුව අසලදි

ශ්‍රී ලංකා වියට්නාම් සහයෝගිතාා සංගමය සංවිධානය කළ මෙම හෝ චි මිං 136වන ජන්ම සමරු උත්සවය ශ්‍රී ලංකාවේ වියට්නාම් තානාපතිනි PHAN KIEU THU මැතිණියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි. එහි දී මහජන පුස්තකාල පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති හෝ චි මිං ප්‍රතිමාවට ලංකාවේ වියට්නාම් තානාපතිනි PHAN KIEU THU මැතිණිය ප්‍රමුඛ වියට්නාම් තානාපති නිලධාරීහු ද ශ්‍රී ලංකා වියට්නාම් සහයෝගිතාා සංගමයේ ලේකම් එස්. සුදසිංහ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් වෛද්‍ය පී. වීරසිංහ කොළඹ මහ නගර සභාවේ ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක එම්. මන්සිල්  කොළඹ මහජන පුස්තකාලාධිපතිනි රමණී ගඟබඩආරච්චි මහත්මිය ඇතුළු විශාල පිරිසක් පුෂ්පෝපහාර  දැක්වූහ.

එහි දී අදහස් දැක්වූ වියට්නාම් තානාපතිනිය කියා සිටියේ, හෝ චි මිං තුන්වරක් ලංකාවට පැමිණ ඇති බවත්, වසර පනහකට ආසන්න කාලයක් අප දෙරට අතර ශක්තිමත් බැදීමක් ඇති බවය වියට්නාමයේ වත්මන් ජනාධිපති මෙරටට පැමිණීම ඉතිහාසගත වන සිද්ධියක් බවය. මන්ද එම අවස්ථාව වියට්නාමයේ කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම්වරයෙක් ශ්‍රී ලංකාවට පැමිණි ප්‍රථම අවස්ථාව වන බව තානාපතිනිය මෙහිදී පෙන්වා දුන්නාය.

1890 මැයි 19 වැනිදා වියට්නාමයේ න්ඝේ අන් පළාතේ කිම් ලියෙන් ගම්මානයේ උපත ලද ඔහුගේ මුල් නාමය Nguyễn Sinh Cung ය. පසුව චීනයට පලායාමේදී භාවිතා කළ හෝ චි මිං නම ඔහුගේ නාමය බවට පත්විය.වියට්නාම් කොමියුනිස්ට් පක්ෂය ආරම්භ කළ ඔහු1941 මැයි 19 දා ඔහුගේ 51 වන උපන් දිනය දා වියට්නාමය නිදහස් කර ගැනීමේ “ වියැට් මින්” නම් සංවිධානය පිහිටුවනු ලැබීය.

1945 ප්‍රංශ යටත් විජිත විරෝධි අගෝස්තු විප්ලවයේ ජයග්‍රහණය කර සැප්තැම්බර් 2 දා හෝ චි මිං විසින් බා ඩින්ග් චතුරස්‍රයේදී (විරුවන්ගේ චතුරඝ්‍රය) වියට්නාම් නිදහස ප්‍රකාශනය ප්‍රසිද්ධියට පත් කර සමාජවාදී වියට්නම් ජනරජයේ ප්‍රථම ජනාධිපති  බවට පත් හෝ චි මිං1969 සැප්තැම්බර් 2 වන දා  මිය ගියේය.

මෙහිදී මොහොමඩ් ඉක්බාල් මහතා  හෝ චි මිං සමරු ගීතය ගායනා කළේය.

Leave A Comment