සෞඛ්‍ය අමාත්‍යංශය කාසල් වීදියට

කාසල් වීදියේ පිහිටුවා ඇති සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ගොඩනැගිල්ලේ පිහිටුවා ඇති අංශයන් හි සේවා ලබාගැනීමට අවශ්‍ය වන සේවාලාභීන්ගේ පහසුව සඳහා නව දුරකථන අංකයක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ විසින් හඳුන්වා දී තිබේ. එය 011 – 2112700 වේ.

එය අදාල සියලු අංශ වෙත ඇමතිය හැකි පොදු දුරකථන සම්බන්ධතාවක් වන අතර, මහජනතාවට හා සේවා ලබාගැනීමට අවශ්‍ය සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට මෙම අංකය ඇමතීමෙන් අදාල අංශය සම්බන්ධ කර ගැනීමට හැකිය.

සුවසිරිපා පරිශ්‍රයේ සිට කාසල් වීදියේ නව ගොඩනැගිල්ල වෙත රැගෙන ගොස් පිහිටුවා ඇති අංශ මෙසේය.

බිම් මහල – තැපැල් ඒකකය, සැපයීම් ශාඛාව, නඩත්තු ඒකකය, අභ්‍යන්තර විගණන අංශය.

පළමු මහල –  මහජන සෞඛ්‍ය සේවා 1 ශාඛාව, මහජන සෞඛ්‍ය සේවා 11 ශාඛාව, මහජන සෞඛ්‍ය සේවා (හෙද අධ්‍යක්ෂ), තරුණ, වැඩිහිටි හා ආබාධිතවුවන් පිළිබඳ අධ්‍යක්ෂ, වතු හා නාගරික සෞඛ්‍ය අධ්‍යක්ෂ, ලියාපදිංචි වෛද්‍ය නිලධාරි අංශය, ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඇතුළු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ කාර්යාලය, පාරිසරික, වෘත්තීය සෞඛ්‍ය හා ආහාර ඒකකය, පෞද්ගලික සෞඛ්‍ය සේවා අංශය, බන්ධනාගාර සෞඛ්‍ය සේවා   අංශය, ප්‍රාථමික සෞඛ්‍ය සේවා අංශය

දෙවන මහළ – නිරෝධායන අංශය, හදිසි වැටලීම් ඒකකය, විමර්ශන ඒකකය, ප්‍රසම්පාදන ඒකකය, වතු සෞඛ්‍ය අංශය, දන්ත සේවා අංශය,

තෙවන මහල – පරිපාලන හා ආයතනික අංශය, විශ්‍රාම වැටුප් අංශය, කාර්මික සේවා ශාඛාව, කාර්මික නොවන සේවා අංශය, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පාලන) 02, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පාලන) 03, හෙද පාලන 01/02 ශාඛා,

සිව්වන මහල –  විභාග අංශය, ප්‍රවාහන අංශය, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පාලන) 1 අංශය, මධ්‍යම පරිපාලන ශාඛාව, පාලන 04 ශාඛාව, අධ්‍යක්ෂ (පාලන) 06 ශාඛාව,

Leave A Comment