වෙළඳ හා ආයෝජන රාමු ගිවිසුමක් (TIFA) සඳහා අවධානය
- Editor
- May 28, 2026
- ව්‍යාපාරික පුවත්
- jvp, wijitha-hearth
- 0 Comments
නවසීලන්තයේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ නනවසීලන්තයේ වෙළඳ සහ ආයෝජන අමාත්‍ය ගරු ටොඩ් මැක්ලේ (Todd McClay) මහතා ඵලදායී සාකච්ඡාවක නිරත වු බව ඔහුගේ X ගිණුමෙහි සටහන් තබමින් කියා සිටී.
එහිදී දෙරටටම අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු මෙන්ම, වෙළඳ හා ආයෝජන රාමු ගිවිසුමක් (TIFA) සහ දෙරට අතර වෙළඳාම ඉහළ නැංවිය හැකි මාර්ග පිළිබඳව අපගේ අවධානය යොමු වී ඇති අතර, නවසීලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව එරට ආර්ථිකයට ලබා දෙන සුවිශේෂී දායකත්වය ද අමාත්‍ය මැක්ලේ මහතා මෙහිදී අගය කර සිටි බව වැඩි දුරටත් සඳහන් කර තිබේ.

