ශ්‍රී ලංකාවේ අපනයන අංශය 2025 තුන්වන කාර්තුව වන විට ඩොලර් බිලියන 13 කට ආසන්න ආදායමක්

ශ්‍රී ලංකාවේ අපනයන අංශය 2025 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාල පරිච්ඡේදය තුළ ස්ථාවරත්වය සහ ක්‍රමවත් වර්ධනයක් දිගටම පෙන්නුම් කරමින් ඇමරිකානු ඩොලර් මිලියන 12,986.52ක සමස්ත ආදායමක් වාර්තා කරන ලදී. මෙය 2024 අදාල කාලය හා සසඳන විට 7% වැඩිවීමකි.

2025 සැප්තැම්බර් මාසයේදී පමණක් වෙළඳ භාණ්ඩ අපනයන සහ සේවා අපනයන යන දෙකම ඇතුළත් සමස්ත අපනයන ඇමරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 1,469.75ක් දක්වා ළඟා වී ඇත. එය 2024 සැප්තැම්බර් මාසයට සාපේක්ෂව 12.33%ක  වර්ධනයකි. මෙමගින් ශ්‍රී ලංකාවේ අපනයන අංශයේ ශක්තිය සහ වෙළඳපොළ ප්‍රවේශය පුළුල් කිරීම සහ ගෝලීය තරඟකාරිත්වය වැඩි දියුණු කිරීම සඳහා ක්‍රියාත්මක කරන ලද උපාය මාර්ගවල ඵලදායීතාව පෙන්නුම් කරයි.

අපනයන අංශයේ ධනාත්මක ප්‍රතිඵල පිළිබඳව අදහස් දක්වමින් අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා මෙසේ ප්‍රකාශ කළේය:

| මංගල විජේසිංහ
| මංගල විජේසිංහ

” අපනයන ක්ෂේත්‍රයේ වර්ධනය මගින් ගෝලීය වෙළඳාමට ශ්‍රී ලංකාව ගැඹුරින් ඒකාබද්ධ වීම සහ අපනයන තරඟකාරිත්වය වැඩි දියුණු කිරීමට සහ වෙළඳපොළ අවස්ථා විවිධාංගීකරණය කිරීමට අප ගන්නා අඛණ්ඩ උත්සාහයන්ගේ සාර්ථකත්වය පිළිබිඹු කරයි. ගෝලීය අභියෝග හමුවේ අපගේ අපනයනකරුවන් නැවත වරක් කැපී පෙනෙන ස්ථාවරත්වය පෙන්නුම් කර ඇත.

2025 සැප්තැම්බර් වන විට සමස්ත අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් බිලියන 13 ට ළගාවීම අපගේ අපනයන ප්‍රජාවගේ ශක්තිය සහ අධිෂ්ඨානය සනාථ කරන සාක්ෂියකි. තුන්වන කාර්තුව අවසන් වන විට අපගේ වාර්ෂික අපනයන ඉලක්කයෙන් 72%කට වඩා දැනටමත් අත්පත් කර ගෙන ඇති හෙයින් අඛණ්ඩ සහයෝගීතාව සහ උපායමාර්ගික ක්‍රියාමාර්ග තුළින් ශ්‍රී ලංකාව 2025 අපනයන ඉලක්කයට සාර්ථකව ළඟා වන බවට අපි විශ්වාසයෙන් සිටිමු.”

මැණික් ස්වර්ණාභරණ සහ ඛනිජ තෙල් නිෂ්පාදන සඳහා ඇස්තමේන්තු ආදායම ඇතුළුව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ තාවකාලික දත්ත වලට අනුව 2025 සැප්තැම්බර් මාසයේදී පමණක් වෙළඳ භාණ්ඩ අපනයන පෙර වසරේ එම කාලසීමාවට සාපේක්ෂව15.02%ක වර්ධනයක් ලබා එක්සත් ජනපද ඩොලර් මිලියන 1,163.66ක් දක්වා ළඟා විය.

2025 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාල පරිච්ඡේදය සඳහා වෙළඳ භාණ්ඩ අපනයන එක්සත් ජනපද ඩොලර් මිලියන 10,240.52ක් වූ අතර එය 2024 එම කාල පරිච්ඡේදයට සාපේක්ෂව 7.59%ක වැඩිවීමකි.

මේ අතර, සේවා අපනයන සමස්ත අපනයන වර්ධනයේ ප්‍රධාන බලවේගයක් ලෙස මතු වී ඇත. 2025 සැප්තැම්බර් මාසයේදී, සේවා අපනයන මගින් ලැබෙන ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 306.09ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. වසරේ පළමු කාර්තු තුන පුරා සේවා අපනයන 4.48%ක වැඩිවීමක් ලබා ඇතැයි ඇස්තමේන්තු කර ඇති අතර එය එක්සත් ජනපද ඩොලර් මිලියන 2,746.03ක් වේ.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT)/ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ (BPM), ඉදිකිරීම්, මූල්‍ය සේවා සහ ප්‍රවාහන හා සැපයුම් යන අංශයන්ගෙන් සමන්විත සේවා අපනයන අංශය, ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂ්‍රේත්‍ර‍ය විවිධාංගීකරණය කරමින් දිවයින පුරා ඉහළ වටිනාකමක් ඇති රැකියා අවස්ථා නිර්මාණය කිරීම අඛණ්ඩව සිදු කරයි.

නිෂ්පාදන අනුව වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනයේ සංසන්දනය(ඇ.ඩො.මි.)

භාණ්ඩ හා සේවා අපනයනය 2024
ජනසැප්
2025
ජනසැප්

% වර්ධනය
(24-25)

2024
සැප්තැම්බර්
2025
සැප්තැම්බර්
% වර්ධනය
(24-25)
ඇඟලුම් සහ රෙදිපිළි 3,776.72 4,011.66 6.22 418.68 425.07 1.53
තේ 1,059.29 1,163.05 9.80 117.03 137.00 17.06
රබර්  ආශ්‍රිත නිෂ්පාදන 758.91 713.62 -5.97 79.50 74.29 -6.55
පොල් ආශ්‍රිත නිෂ්පාදන 640.97 909.09 41.83 71.19 122.47 72.03
දියමන්ති, මැණික් සහ ස්වර්ණාභරණ 306.74 310.52 1.23 24.60 43.53 76.95
ඉලෙක්ට්‍රොනික සහ ඉලෙක්ට්‍රොනික සංරචක 310.45 315.96 1.77 28.10 36.39 29.50
කුළුබඩු සහ සාන්ද්‍රිත නිෂ්පාදන 322.09 329.84 2.41 48.04 43.15 -10.18
සැකසූ ආහාර පාන වර්ග 348.95 435.31 24.75 33.21 49.85 50.11
මුහුදු ආහාර 179.38 184.56 2.89 14.83 22.70 53.07
විසිතුරු මසුන් 18.71 17.97 -3.96 2.17 2.39 10.14
එළවළු 21.33 27.62 29.49 1.95 4.26 118.46
පළතුරු 30.50 37.39 22.59 3.42 5.49 60.53
වෙනත් අපනයන බෝග 49.82 70.67 41.85 3.42 11.69 241.81
මල් සහ ශාක පත්‍ර 10.32 11.12 7.75 1.09 1.53 40.37
බෝට්ටු නිෂ්පාදන 25.75 36.70 42.52 0.84 0.03 -96.43
ඛනිජ තෙල් නිෂ්පාදන 784.06 734.08 6.81 74.36 79.42 6.81
වෙනත් 874.05 931.36 6.56 89.28 104.40 16.95
මුළු වෙළඳ භාණ්ඩ අපනයනය 9,518.04 10,240.52 7.59 1,011.70 1,163.66 15.02
තොරතුරු තාක්ෂණය/ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණය 1,099.26 1,201.20 9.27 124.18 157.76 27.05
ඉදිකිරීම් 168.90 103.97 -38.44 19.72 14.09 -28.55
මූල්‍යමය සේවා 44.93 37.86 -15.74 1.76 5.80 229.50
ප්‍රවාහන සහ කාර්යෝපාය සේවා 1,315.22 1,403.00 6.67 151.02 128.44 -14.95
සම්පූර්ණ සේවා අපනයන 2,628.30 2,746.03 4.48 296.67 306.09 3.18
මුළු අපනයන 12,146.34 12,986.55 6.92 1,308.37 1,469.75 12.33

 

ඉහළම අපනයන ගමනාන්ත 15 හි වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය සංසන්දනය කිරීම (ඇ.ඩො.මි.)

රට 2024
ජනසැප්
2025
ජනසැප්

% වර්ධනය
(24-25)

2024
සැප්තැම්බර්
2025
සැප්තැම්බර්
% වර්ධනය
(24-25)
1 එක්සත් ජනපදය 2,185.45 2,251.85 3.04 245.69 238.72 -2.84
2 ඉන්දියාව 643.78 792.41 23.09 66.31 87.33 31.70
3 එක්සත් රාජධානිය 691.31 721.73 4.40 77.75 74.06 -4.75
4 ජර්මනිය 477.33 535.94 12.28 47.32 58.38 23.37
5 ඉතාලිය 441.88 506.77 14.68 46.19 59.66 29.16
6 නෙදර්ලන්තය 285.57 346.66 21.39 32.29 41.47 28.43
7 එක්සත් අරාබි එමීර් රාජ්‍යය 256.24 259.29 1.19 22.37 40.95 83.06
8 කැනඩාව 243.17 244.87 0.70 24.04 30.51 26.91
9 ප්‍රංශය 199.24 212.69 6.75 20.75 24.59 18.51
10 චීනය 186.52 201.27 7.91 16.66 23.30 39.86
11 ඕස්ට්‍රේලියාව 180.71 194.26 7.50 18.94 22.25 17.48
12 බෙල්ජියම 174.08 187.50 7.71 19.50 21.93 12.46
13 හොංකොං 97.92 155.40 58.70 12.90 32.99 155.74
14 ස්විට්සර්ලන්තය 126.77 146.85 15.84 9.85 13.64 38.48
15 ඉරාකය 111.83 146.41 30.92 14.23 19.44 36.61
16 වෙනත් වෙළදපල 3,216.24 3,336.62 3.74 336.91 374.44 11.14
එකතුව 9,518.04 10,240.52 7.59 1,011.70 1,163.66 15.02

කලාපය අනුව වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය සංසන්දනය කිරීම (ඇ.ඩො.මි.)

කලාපය 2024
ජනසැප්
2025
ජනසැප්
% වර්ධනය
(24-25)

2024
සැප්තැම්බර්

2025
සැප්තැම්බර්
% වර්ධනය
(24-25)
NAFTA රටවල් 2,559.92 2,629.72 2.73 283.90 287.24 1.18
යුරෝපා සංගමය (EU)

(එක්සත් රාජධානිය හැර)

2,031.68 2,329.60 14.66 216.19 273.43 26.48
දකුණු ආසියාව 962.97 1,052.32 9.28 90.49 118.50 30.95
මැද පෙරදිග රටවල් (සයිප්‍රසය සහ ඊජිප්තුව හැර) 732.61 792.93 8.23 68.59 99.94 45.71
අප්‍රිකානු රටවල් 229.79 314.19 36.73 26.17 44.88 71.49
අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමය (ASEAN) 265.41 322.23 21.41 23.55 37.69 60.04
CIS රටවල් 210.34 204.82 -2.62 23.89 20.08 -15.95
වෙනත් 2,525.32 2,594.71 2.75 278.92 281.90 1.07
මුළු වෙළඳ භාණ්ඩ අපනයනය 9,518.04 10,240.52 7.59 1,011.70 1,163.66 15.02

 

මූලාශ්‍ර:

මෙම දත්ත ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවෙන් ලබා ගන්නා ලදී.

2025 සැප්තැම්බර් මාසය සඳහා සේවා අපනයන, මැණික් ස්වර්ණාභරණ සහ ඛනිජ තෙල් නිෂ්පාදන අපනයන සංඛ්‍යා අපනයන සංවර්ධන මණ්ඩලයේ ප්‍රතිපත්ති හා උපායමාර්ගික සැලසුම් අංශය මගින් ඇස්තමේන්තු කරන ලදී.

23.10.2025

 

Leave A Comment