ජාතික අපනයන සංවර්ධන සැලැස්ම ( 2026–2030) ජූනි 16 දා එළිදැක්වේ
ශ්‍රී ලංකා ආර්ථිකයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ඉදිරි වසර පහ සඳහා වන 2026–2030 ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) නිල වශයෙන් එළිදැක්වීමේ උත්සවය 2026 ජූනි 16 වන දින කොළඹදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. රජයේ “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ජාතික දැක්මට සමගාමීව සකස් කරන ලද මෙම සැලැස්මේ ප්‍රධාන අරමුණ වන්නේ 2030 වසර වන විට ඇමරිකානු ඩොලර් බිලියන 36 ක අපනයන ආදායම් …
Continue Reading
2026 මුල් මාස හතර තුළ ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 5.7 ඉක්මවයි
2026 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන 2025 අප්‍රේල් මාසයට සාපේක්ෂව 6% ක වර්ධනයක් 2026 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ භාණ්ඩ හා සේවා යන අංශ දෙකෙහිම සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,380.93ක් දක්වා ඉහළ ගිය අතර, එය 2025 අප්‍රේල් මාසයට සාපේක්ෂව 6% ක වර්ධනයක් සනිටුහන් කරයි. මෙම කාලය තුළ භාණ්ඩ අපනයන ආදායම 9.87% කින් ඉහළ ගොස් ඇමරිකානු ඩොලර් මිලියන 1,063.77ක් …
Continue Reading
ශ්‍රී ලංකා එක්ස්පෝ ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය 2027 ජනවාරියේ දී පැවැත්වීමට සැලසුම්
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් සංවිධානය කරනු ලබන මෙරට ප්‍රමුඛතම ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය වන “ශ්‍රී ලංකා එක්ස්පෝ” (Sri Lanka Expo), 2027 වසරේ ජනවාරි 14 සිට 17 දක්වා පැවැත්වීමට තීරණය කර ඇත. මුලින් 2026 වසරේ පැවැත්වීමට සැලසුම් කර තිබූ මෙම ප්‍රදර්ශනය, ගෝලීය දේශපාලනික අවිනිශ්චිතතාවන් හමුවේ ජාත්‍යන්තර වෙළඳාමට සහ සංචාරක ක්ෂේත්‍රයට එල්ල වී ඇති බලපෑම් හේතුවෙන් 2027 ජනවාරියේ දී පැවැත්වීමට …
Continue Reading
හරිත කෘෂි අපනයන ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ Janathakshan GTE Ltd අතර උපායමාර්ගික සහයෝගීතාවයක්
ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වයට හිතකාමී කෘෂි අපනයන වටිනාකම් දාමයන් ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ GEF-07 ව්‍යාපෘතියේ ප්‍රධාන ක්‍රියාකාරී සහකරු වන Janathakshan GTE Ltd. ආයතනය අතර උපායමාර්ගික සහයෝගීතාවයක් සඳහා වන අවබෝධතා ගිවිසුමක් (MoU) පසුගියදා අත්සන් කරන ලදී.
Continue Reading
ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ආර්ථික සබඳතා ශක්තිමත් කරමින් වෙළඳ, ආයෝජන සහ සංචාරක සහයෝගිතා සංසදයක්
ජනාධිපති සහ වියට්නාම කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ටෝ ලම් මහතාගේ ශ්‍රී ලංකා රාජ්‍ය සංචාරයට සමගාමීව, ශ්‍රී ලංකා – වියට්නාම වෙළඳ, ආයෝජන සහ සංචාරක සහයෝගිතා සංසදය 2026 මැයි 8 වන දින කොළඹ හිල්ටන් හෝටලයේදී සාර්ථකව පවත්වන ලදී. වියට්නාම වාණිජ හා කර්මාන්ත මණ්ඩලය (VCCI) සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් මෙම සංසදය ඒකාබද්ධව සංවිධානය කරන ලදී.
Continue Reading
ජාතික අපනයන සංවර්ධන සැලැස්ම සමාලෝචනයා සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයින් ශ්‍රී ලංකාවේ සංචාරයක
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ ආසියානු සංවර්ධන බැංකුව (ADB) එක්ව 2026–2030 කාලසීමාව සඳහා වන ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) සකස් කිරීමේ කටයුතු සාර්ථකව සිදු කරමින් පවතී. රජයේ “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන ජාතික දැක්මට අනුකූලව, අපනයන මත පදනම් වූ තිරසාර ආර්ථික වර්ධනයක් කරා ශ්‍රී ලංකාව යොමු කිරීම මෙම උපායමාර්ගික වැඩපිළිවෙළේ අරමුණයි.
Continue Reading
අපනයන ක්ෂේත්‍රයේ අඛණ්ඩ පැවැත්ම උදෙසා ඉන්ධන සැපයුම තහවුරු කිරීමට EDB සහ CPC අතර විශේෂ සාකච්ඡාවක්
ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට බලපාන ඉන්ධන බෙදා හැරීමේ ක්‍රියාවලිය සහ එහි පවතින ගැටලු පිළිබඳව සොයා බැලීම සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) අතර විශේෂ සාකච්ඡාවක් පසුගියදා පවත්වා ඇත.
Continue Reading
දකුණු පළාත් අපනයනකරුවන්ගේ ගැටලු විසඳීම පෙබ; 24 මාතර දී
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් සංවිධානය කරනු ලබන දකුණු පළාත් ප්‍රාදේශීය අපනයනකරුවන්ගේ ජාලකරණ සමුළුව 2026 පෙබරවාරි 24 වන අඟහරුවාදා දින මාතරදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. ප්‍රාදේශීය අපනයනකරුවන් මුහුණ දෙන අභියෝග හඳුනා ගනිමින් ඔවුන් සවිබල ගැන්වීම සහ නව අවස්ථා ගවේෂණය කිරීම මෙම සමුළුවේ මූලික අරමුණයි.
Continue Reading
වෙළඳාම සහ ආයෝජන ශක්තිමත් කිරීමට එක්සත් ජනපද තානාපති කාර්යාල නිලධාරීන් අපනයන සංවර්ධන මණ්ඩලය සමඟ සාකච්ඡාවක
ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ නිලධාරී ඩැනියෙල් ජැක්සන් මහතා සහ වාණිජ හා ආර්ථික සහකාර තිලෝමා අබේනායක මහත්මියගේ සහභාගිත්වයෙන් අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති මංගල විජේසිංහ මහතා සමග සාකච්ඡාවක් පැවැත්විණ.
Continue Reading
කජු කර්මාන්තය අර්බුදයක !
වර්තමාන රජය විසින් 2025 වර්ශයේ කජු අවාරය සඳහා ලෙලි කජු ආනයනය කිරීම සදහා ආනයනය බලපත්‍ර ලබාදීම දිගින් දිගටම කල් දැමීමත්, ලෙලිකජු ආනයනය දැඩි ලෙස සීමා කර ආනයනය බලපත්‍ර සදහා කෙටි කාලයක් ලබාදීම නිසා රට තුළ ලෙලි කජු වල විශාල හිඟයක් පවතින බව අද දිනයේදී බෝහෝ මාධ්‍ය මගින් වාර්තා කර තිබුනි.
Continue Reading