සාංචියේ ශ්‍රීමත් අනගාරික ධර්මපාල සමරුව මහ ඉහලින්

ඉන්දියාවේ සාංචි මහාබෝධි මධ්‍යස්ථානයේ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ 162 වන ජන්ම සමරු උත්සවය පසුගියදා ඉන්දියාවේ බොදු බැතිමතුන් විශාල පිරිසකගේ  සහභාගිත්වයෙන් පැවැත්වුණි.

ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති අති පූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන්ගේ උපදෙස් පරිදි සාංචි චේතියගිරි විහාරවාසී පණ්ඩිත උඩුගම තපස්සී හිමි, හිමියන්ගේ මෙහෙයවීමෙන් සාංචි වෙළඳ සංගමයේ උපසභාපති (Shetan Singh lodhi) සේතන් සිංග් ලෝඩි මහතාගේ සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ධර්මපාල සමරු පෙරහැර සාංචි නගරයේ සංචාරය කිරීමෙන් පසු ධර්මපාල පිළිරුවට පුෂ්පෝපහාර  පවත්වා මෙම උත්සවය පැවැත්වූ බව විහාරවාසී සූරියවැව සිරිරත්න හිමියෝ පවසා සිටියහ.

Leave A Comment