සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා හා ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් අතර විශේෂ හමුවක්
- Editor
- December 9, 2025
- දේශපාලන, පුවත්
- health, india-srilanka
- 0 Comments
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා අතර විශේෂ හමුවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය.
මෙරටට බලපෑ හදිසි ආපදා තත්ත්වයෙන් පසු පශ්චාත් ආපදා තත්ත්වයට මුහුණ දෙන ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂණය උදෙසා සෞඛ්‍ය පද්ධතිය ශක්තිමක් කිරීමත්, හදිසි ආපදාවට පත් පළාත්වල රෝහල් පද්ධතියේ වර්තමාන ක්‍රියාකාරීත්වය සහ එම රෝහල් වලින් මේ වන විට ලබාදෙන ප්‍රතිකාර සේවාවන් පිළිබඳවත් මෙහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡා විය.
එමෙන්ම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය අපදා තත්ත්වයෙන් පසු රෝගී ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීමට ගෙන යන වැඩපිළිවෙලට මෙරට ප්‍රමුඛතම ඉන්දන සැපයුම් ආයතනයක් වන Lanka IOC PLC “WE CARE CSR Initiative” යටතේ “Rebuilding Sri Lanka” අරමුදලට රුපියල් මිලියන 50 ක් (Rs.50,000,000.00), CEAT OHT Lanka (Private) Limited රුපියල් මිලියන 08 ක් (Rs. 8,000,000) සහ CEAT Kelani International Tyres (Pvt) Ltd රුපියල් මිලියන 04 ක් (Rs.4,000,000.00) වශයෙන් මුල්‍ය පරිත්‍යාග සිදු කිරීම ද මෙහිදී සිදු විය.
රාජ්‍ය අංශයේ සෞඛ්‍ය සේවා ආයතන හරහා අඛණ්ඩ රෝගී සත්කාර පවත්වාගෙන යාමේ දී අවශ්‍ය කරනු ලබන අත්‍යවශ්‍ය ඖෂධ ද පරිත්‍යාග කරන ලෙස මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉන්දියානු මහකොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටි අතර, පවතින පාරිසරික ව්‍යසනය අතරතුර මෙම ඖෂධ හෘද රෝගී ප්‍රතිකාර සේවා, දියවැඩියාව සහ ඒ ආශ්‍රිත සංකූලතා කළමනාකරණයට සැලකිය යුතු ලෙස බලපාන බව ද අවධාරණය කරන ලදි.
අමාත්‍යවරයා ඊට අදාළ ඖෂධ ලේඛණයක් ද ඉන්දියානු මහකොමසාරිස්වරයාට මෙහිදී ලබාදෙන ලද අතර, ආපදාවට ලක් වූ මෙන්ම මෙරට දහස් සංඛ්‍යාත රෝගීන්ගේ සෞඛ්‍යය ආරක්ෂා කිරීම සඳහා මෙම සැපයුම් ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇති බැවින් ඉන්දියානු මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා ඒ පිළිබඳ දැඩි අවධානයක් යොමු කරමින් ඒ සඳහා කඩිනම් පියවර ගන්නා බව දැනුවත් කරන ලදි.
ආපදාවෙන් විපතට පත් මෙරට ජනතාවට සහන සැලසීමේ වැඩපිළිවෙළට අඛණ්ඩව ඉන්දීය රජය සහාය පළ කරන බව ඉන්දියානු මහකොමසාරිස්වරයා මෙහිදී තවදුරටත් අවධාරණය කළ අතර, ආපදා තත්ත්වය හේතුවෙන් ජලයෙන් යට වූ හලාවත දිස්ත්‍රික් මුලික රෝහල, මහියංගණය රෝහල නැවත සක්‍රීයව සෞඛ්‍ය සේවා සැපයීම සඳහා අවතීර්ණවීම පිළිබඳව ද කරුණු විමසා බැලීය. එමෙන්ම පෞද්ගලික රෝහල් පද්ධතියේ වත්මන් ක්‍රියාකාරීත්වය පිළිබඳව ද මෙහිදී කරුණු සාකච්ඡා විය.
මෙම හමුව අසල්වැසි රටවල් දෙක අතර දිගුකාලීන මිත්‍රත්ත්වය සහ උපායමාර්ගික හවුල්කාරීත්වය ද තහවුරු කරන්නක් විය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය නියෝජනය කරමින් පළමු ලේකම්වරුන් ලෙස Devika Lal සහ Navya Singla, Lanka IOC PLC ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂ දීපක් දාස්, ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් වන අවිනාශ් සිංහාල්, ජිතේන්ද්‍ර ෂර්මා යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

