2026 වර්ෂයේ මේ දක්වා ලාංකිකයන්ට කොරියානු රැකියා දහසක්
- Editor
- May 14, 2026
- දේශපාලන, පුවත්
- migrant-workers
- 0 Comments
2026 වර්ෂයේ ජනවාරි මාසයේ සිට අද දින (5/13) දක්වා ගතවූ කාලය තුළ දකුණු කොරියානු රැකියා දහසකට (999) ආසන්න ප්රමාණයක් ශ්රී ලාංකිකයන්ට හිමි ව තිබේ.
පිරිමි පුද්ගලයන් 923 ක් සහ කාන්තාවන් 76 දෙනෙකු සඳහා දකුණු කොරියාවේ නිශ්පාදන, ධීවර, සේවා අංශ මෙන්ම ඉදිකිරීම් යන ක්ෂේත්ර සදහා මෙලෙස රැකියා අවස්ථාවන් හිමි වී ඇති බව ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්රකාශ කරයි.
එසේම දකුණු කොරියාවේ නිශ්පාදන අංශයේ රැකියා හිමි කරගත් 926 වැනි කණ්ඩායමට අයත් 90 දෙනෙකු සදහා පසුගියදා අවසන් දැනුවත් කිරිමේ වැඩසටහන හා ගුවන් ප්රවේෂපත්ර ලබා දීම ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේදී සිදුකෙරිණි. එම රැකියාලාභීන් පිරිස UL 470 ගුවන් යානයෙන් පසුගියදා කොරියාව බලා පිටත් විය.
ගුවන් ප්රවේෂපත්ර ලබාදීම සඳහා එක්වූ කාර්යාංශ සභාපති කෝශල වික්රමසිංහ මහතා, ලෝකයේ රැකියා ඉල්ලුම රදා පවතින්නේ ලංකාවේ තරුණ තරුණියන්ගේ කාර්යක්ෂමතාව, විනිවිදභාවය සහ දක්ශතාවය මත බවත් මීළඟ පරම්පරාවේ දහස් ගණනකගේ රැකියාවන් තීරණය වන්නේ අද ඔබ රැකියාවේ නියැලෙන ආකාරයෙන් බවත්, ප්රකාශ කළේය. එසේම රැකියාලාභීන්ට පහසුවෙන් හා ලාභදායීව විදේශ ගත වීමට ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පහසුව සලසා දී ඇති බවද සභාපතිවරයා වැඩිදුරටත් ප්රකාශ කළේය.
2026 වර්ෂයේ ගතවූ කාලය තුළ මෙරටින් දකුණු කොරියාවේ නිශ්පාදන අංශයේ රැකියා සඳහා 725 ක් ද, ධීවර අංශයේ රැකියා සඳහා 214 දෙනෙකුද, ඉදිකිරීම් ක්ෂේත්රයේ රැකියා සඳහා 53 ක් හා සේවා අංශයට පුද්ගලයන් 7ක් වශයෙන් පිටත්ව ගොස් ඇත.

