ගාල්ල ජාතික රෝහලේ ලීනියර් ඇක්සලරේටර් විකිරණ යන්ත්‍රය හැදුවත් වැඩ නෑ

පසුගිය ජුනි මස 05 වැනිදා ගාල්ල ජාතික රෝහලේ තිබෙන ලීනියර් ඇක්සලරේට විකිරණ ප්‍රතිකාර යන්ත්‍රය බිඳවැටීම සිදුවූ අතර එම යන්ත්‍රයට අදාළ සේවා ගිවිසුම් ගතවීම සිදු නොවීම නිසා යන්ත්‍රය නැවත යථා තත්ත්වයට පත් කිරීම ප්‍රමාද වෙමින් පැවතිණන බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

Continue Reading

උතුරේ දූපත්වල ජනතාවගේ සෞඛ්‍ය සේවාවන්  ශක්තිමත් කිරීමට විශේෂ වැඩපිළිවෙළක්

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා, උතුරු පළාතේ දූපත් වෙසෙන ජනතාවට ගුණාත්මක, උසස් හා සමීප සෞඛ්‍ය සේවාවන් සැපයීමට අදාල කටයුතු සොයැබැලීමේ අරමුණින් ඩෙල්ෆ් සහ අනලයිතිව්  යන  දූපත් සහ ඒ ආශ්‍රිත  ප්‍රදේශවල (28) දින විශේෂ නිරීක්ෂණ සංචාරයක නිරත විය.

Continue Reading

​”ජාතිවාදය වැපිරූ යුගය අවසන්; සියලු ජාතීන් එකමුතු විය යුතුයි” – විදේශ ඇමති විජිත හේරත්

​පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ජාතිවාදය සහ ආගම්වාදය නිර්මාණය කර රට අසමගියට පත් කළ අතීත යුගය දැන් නිමා වී ඇති බවත්, සියලු ජාතීන්ට එකට ජීවත් විය හැකි විනයගරුක හා ශිෂ්ට සම්පන්න සමාජයක් ගොඩනැගීමට නව රජය කැපවී සිටින බවත් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය ගරු විජිත හේරත් මහතා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ (28) දින කොළඹ නෙලුම් කුළුණ …

Continue Reading

ප්‍රාදේශීය අපනයනකරුවන්ගේ සම්බන්ධතා ගොඩනැගීමේ සමුළුවක් හලාවත දී

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් සංවිධානය කරන ලද වයඹ හා උතුරු මැද පළාත් අපනයනකරුවන්ගේ සම්බන්ධතා ගොඩනැගීමේ සමුළුව පසුගියදා හලාවත Nilawin Hotel & Resort පරිශ්‍රයේදී පවත්වන ලදී. කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සමුළුව සඳහා වයඹ හා උතුරු මැද පළාත් නියෝජනය කරමින් අපනයනකරුවන් විශාල පිරිසක් සහභාගී වූහ.

Continue Reading

“ශ්‍රී ලංකාවේ සිවිල් සමාජයේ ගමන් මඟ” ප්‍රදර්ශනයක් හා සාකච්ඡාවක්

ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම උදෙසා ශ්‍රී ලංකාවේ සිවිල් සමාජය විසින් ඉටු කළ ඓතිහාසික සමාජ හා දේශපාලන මැදිහත්වීම් අගයමින්, සියලු සිවිල් සංවිධාන එක් වේදිකාවක් වෙත එක් කරන මෙම විශේෂ අවස්ථාව සඳහා ඔබට ගෞරවයෙන් ආරාධනා කරමු.

Continue Reading

මාධ්‍ය ප්‍රතිසංස්කරණ සඳහා යොමුවීමට පෙර ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය තහවුරු කරන්න – NMSJ

ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර මාධ්‍ය කේෂ්ත්‍රයට සම්බන්ධ සියළු සංවිධාන සමග සාකච්ඡා කර ඔවුන්ගේ අදහස් හා යෝජනා සැලකිල්ලට ගන්නා ලෙස මෙන්ම ශ්‍රී ලංකාවේ මාධ්‍ය ප්‍රතිසංස්කරණ සඳහා යොමුවීමට පෙර ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය තහවුරු කරන ලෙස සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය රජයෙන් ඉල්ලා සිටිමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

Continue Reading

ශ්‍රී ලංකා වෛද්‍ය උපකරණ කර්මාන්ත මණ්ඩලයේ 11වන වාර්ෂික මභා සැසිය

මෙරට ජනතාවට අවශ්‍යකරන ප්‍රතිකාර සේවාවන් කාර්යක්ෂමව, විධිමත්ව හා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රය හා සම්බන්ධව කටයුතු කරන පෞද්ගලික අංශය  සැපයුම්කරුවන් ලෙස නොව ජාතික සෞඛ්‍ය සේවා සංවර්ධන වැඩපිළිවෙලේ  හවුල්කරුවන් ලෙස සැමවිටම සලකන බව සෞඛ්‍ය නියෝජ්‍ය  අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණ මහතා අවධාරණය කරනු ලැබීය.

Continue Reading

යාපනය දූපත්වාසීන්ටත් අඛණ්ඩ, ගුණාත්මක හා ස්ථාවර විදුලි සැපයුමක් තහවුරු කරනවා – බලශක්ති අමාත්‍ය අමාත්‍ය අනුර කරුණාතිලක

“ඩීසල් බලාගාරවලින් විදුලිය ජනනය කිරීමේදී වැය වන පිරිවැය අධිකයි. ඒ වගේම මෙම දූපත් සදහා ඩීසල් ප්‍රවාහණයේදී විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ පාන්න සිදුවෙනවා. ස්වාභාවික ආපදා අවස්ථාලදී දුෂ්කරතා මැද තමයි ජනතාවගේ විදුලිය සැපයුම දැනට පවත්වාගෙන යන්නේ . නමුත් මෙම නව විදුලිය පද්ධතිය එකතු කිරීම මගින් නයිනතිව් (නාගදීපය), අනලතිව් සහ ඩෙල්ෆ් දූපත්වාසීන්ට අඛණ්ඩ විදුලිය සැපයුමක් තහුවරු කරන්න අපට හැකිවෙනවා…” යැයි බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක …

Continue Reading