අපේ විදේශ ප්‍රතිපත්තිය මධ්‍යස්ථ, මිත්‍රශීලී, හා ප්‍රගතිශීලී විදේශ ප්‍රතිපත්තියයි – විදේශ අමාත්‍ය විජිත හේරත්

දකුණු ආසියානු රටවල් සමඟ ගිවිසුම් විස්සක්, නැගෙනහිර ආසියානු රටවල් සමඟ ගිවිසුම් දහනවයක්, අග්නිදිග හා මධ්‍යම ආසියානු රටවල් සමඟ ගිවිසුම් අටක්, යුරෝපා හා උතුරු ඇමෙරිකානු රටවල් සමඟ ගිවිසුම් පහලොවක්, මැද පෙරදිග රටවල් සමඟ ගිවිසුම් හතරක්, ලතින් ඇමෙරිකා සහ කැරිබියන් රටවල් සමඟ ගිවිසුම් හතරක් ඔක්කොම එකතු කළාම මේ කෙටි කාලය තුළ අප මේ රාජ්‍යන් සමඟ නව ගිවිසුම් හැත්තෑවක් අත්සන් කර එකඟතාවයන් ඇතිකරගෙන …

Continue Reading

ශ්‍රී ලංකාවේ සාධාරණ වෙළඳ නිෂ්පාදන මිලදී ගැනීමට යුරෝපීය සංගමයේ වෙළඳ දූත පිරිසක් මෙරට සංචාරයක

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) බ්‍රසල්ස් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ එක්ව ශ්‍රී ලංකාවේ සාධාරණ වෙළඳ නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම සහ ශ්‍රී ලංකාව සහ යුරෝපීය සංගමය අතර ද්විපාර්ශ්වික වෙළඳ සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් 2025 නොවැම්බර් 17 සිට 22 දක්වා යුරෝපීය සංගමයේ සාධාරණ වෙළඳ නිෂ්පාදන ආනයනකරුවන් සහ නියෝජිතයින් 12 දෙනෙකුගෙන් සමන්විත  වෙළඳ දූත පිරිසකගේ හමුවක් සාර්ථකව සංවිධානය කරන ලදී.

Continue Reading

ඖෂධ වර්ග තුන්සිය පනහක මිල අඩුකිරීමට පියවර

ළමා රෝග, පිළිකා, දියවැඩියාව, අධි රුධිර පීඩනය ඇතුළු විවිධ රෝග රැසක් සඳහා ලබාදෙන ඖෂධ වර්ග තුන්සිය පනහක මිල අඩුකර ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා අවධාරණය කරයි.

Continue Reading

වතු කම්කරු වැටුප් වැඩිවීම;  හාම්පුතුන්ගෙන් විෂම සැලකිල්ලක්,ආණ්ඩුවෙන් සහනයක්, විපක්ෂයෙන් විරෝධයක්

බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයන්ගෙන් නිදහස ලබා ගත් පසු සිංහල, දෙමළ හා මුස්ලිම් නායකයන් එකතුව වතු කම්කරු මලෛයහ ජනයාගේ පුරවැසිබව අහිමිකර නොවැම්බර් 15 වැනිදාට වසර 77 කි. වතු කම්කරු ජනයා නිරන්තරයෙන්ම සිය නියෝජිතයන්ට හෝ වාමාංශිකයන්ට සහාය දැක්වීම නොරුස්සු එක්සත් ජාතික පක්ෂ  නායකයෝ ඔවුන්ගේ ජන්ද අයිතිය කප්පාදු කළේ  නිදහස ලබා වසරක් ගත වීමටත් පෙරාතුවය. මෙවර අයවැයෙන් කිසියම් මුදලක් ලබා දෙමින් වතු කම්කරුවන්ගේ …

Continue Reading

2026 අයවැය කොහොමද ? මේ ගැන විද්වතුන් කියන්නේ කුමක් ද ?

කඩුල්ල රැක ගන්න නම් ආණ්ඩුව ඉවසීමකින් සහ මනා විනයකින් කටයුතු කළ යුතුයි – චාරුක පීරිස්, පර්යේෂණ නිලධාරී, ‘අරුත’ සංවිධානය 2026 අයවැය ලේඛනය සම්බන්ධයෙන් යම් විචාරයක් කිරීමට පෙර ලංකාවේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් යම් අවබෝධයක් ලබාගත යුතුය. ජාතික ජන බලවේගය ආණ්ඩුව විසින් සිය දෙවැනි අයවැය ලේඛනය ඉදිරිපත් කරන්නේ ආර්ථික අර්බුදයෙන් පසුව ගත වන තෙවැනි වර්ෂයේ දී වන අතර ආර්ථික අර්බුදයෙන් පසු ඉදිරිපත් …

Continue Reading

නව කැනඩා තානාපති ශ්‍රී ලංකාව සමඟ රාජතාන්ත්‍රික සබඳතා තර කිරීමට පොරොන්දු වෙයි

පසුගිය 13 වන දා ජනාධිපති වෙත අක්තපත්‍ර භාර දීමෙන් අනතුරුව කැනඩාව, නෙදර්ලන්තය, ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් 05ක නව, මහකොමසාරිස්වරු සහ තානාපතිවරු විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අමාත්‍යාංශයේ දී මුණ ගැසී සාකච්ඡා කළහ.

Continue Reading

ශ්‍රී ලංකා එක්ස්පෝ 2026 සඳහා EDB සහ SLIM අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) අතර ප්‍රමුඛ ජාත්‍යන්තර වෙළඳ හා ආයෝජන වේදිකාවක් වන ශ්‍රී ලංකා එක්ස්පෝ 2026 සංවිධානය කිරීම සඳහා අවබෝධතා ගිවිසුමක් අපනයන සංවර්ධන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේදී පසුගියදා අත්සන් කරන ලදී.

Continue Reading

තාරුණ්‍ය වෙනුවෙන් වැඩිම මුදල වෙන්කලේ මෙවර අයවැයෙන් – මහේෂ් අඹේපිටිය

මෙරට තාරුණ්‍ය වෙනුවෙන් වැඩිම මුදල වෙන් කළ අයවැය ලෙස මෙම අයවැය හැදින්විය හැකි බවත්, වත්මන් ආණ්ඩුවේ 2026 අයවැය ජනතාවාදී අයවැයක් බවත් සමාජවාදී තරුණ සංගමයේ අධ්‍යාපන ලේකම් මහේෂ් අඹේපිටිය මහතා පැවසීය.

Continue Reading

බලශක්ති ක්ෂේත්‍රය,බලශක්ති ක්ෂේත්‍රය, ඩිජිටල් ක්ෂේත්‍රය එකට බැඳුණු Data Centers ඇති කිරීමේ මූලික අරමුණුයි – බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි

2025.11.11 දින ගරු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා විසින් පාර්ලිමේන්තුවේදී සිදු කළ කතාව විශේෂයෙන්ම 2026 වසර සඳහා වූ අයවැය යෝජනා පිළිබඳ විවාදයට මා වෙත අවස්ථාව ලබා දීම ගැන ස්තූතිවන්ත වෙනවා.

Continue Reading

ජනාධිපතිවරයාගේ අලි-මිනිස් ගැටුම් කළමනාකරණ අයවැය යෝජනා යථාර්තවාදී ද???

මුදල් විෂයභාර අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය 07 දින පස්වරුවේ 2026 වසර සඳහා වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එහිදී ශ්‍රී ලංකාවේ දැනට බලපවත්නා ඉතා බරපතලම සමාජාර්ථික, පාරිසරික හා දේශපාලන ගැටළුවක් බවට පත්ව ඇති අලි-මිනිස් ගැටුම අවම කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත්කළ අයවැය යෝජනා පිළිබඳව විමසා බැලීම වැදගත් වන්නේ අප රටේ මුළු බිම් ප්‍රමාණයෙන් සියයට හතළිහක පමණ ජීවත්වන ජනතාව මෙන්ම …

Continue Reading