මෙරට ප්‍රමුඛතම රෙදි පිළි සහ ඇඟලුම් කර්මාන්ත ප්‍රදර්ශනය  මාර්තු 05 සිට 07 දක්වා කොළඹ දී

ශ්‍රී ලංකාවේ අපනයන ආදායමෙන් 35% ප්‍රතිශතයක් නියෝජනය කරන ඇඟලුම් හා රෙදි පිළි ආශ්‍රිත කර්මාන්ත ක්ෂේත්‍රයට අදාල මෙරට පවත්වන විශාලතම සහ ප්‍රමුඛතම ප්‍රදර්ශනය වන Textile Series 15 වන වරටත් මාර්තු 05  සිට 07 දක්වා කොළඹ SLECC හිදී පැවැත් වේ.

Continue Reading

දකුණු පළාත් අපනයනකරුවන්ගේ ගැටලු විසඳීම පෙබ; 24 මාතර දී

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් සංවිධානය කරනු ලබන දකුණු පළාත් ප්‍රාදේශීය අපනයනකරුවන්ගේ ජාලකරණ සමුළුව 2026 පෙබරවාරි 24 වන අඟහරුවාදා දින මාතරදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. ප්‍රාදේශීය අපනයනකරුවන් මුහුණ දෙන අභියෝග හඳුනා ගනිමින් ඔවුන් සවිබල ගැන්වීම සහ නව අවස්ථා ගවේෂණය කිරීම මෙම සමුළුවේ මූලික අරමුණයි.

Continue Reading

පිළිකා හඳුනාගැනීමට මූලිකවම භාවිතා කෙරෙන FDG (Fluoro Deoxy Glucose) ඖෂධය ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කිරීම ආරම්භ කරයි

Access Engineering PLC සහ Access Medical Tracers (Pvt) Ltd මගින් ඉදිකළ සයික්ලොට්‍රෝන් පාදක විකිරණශීලී ඖෂධ නිෂ්පාදන විද්‍යාගාරය (Cyclotron Based Radiopharmaceutical Manutacturing Facility) විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ සභාපතිනිය මහාචාර්ය තුෂාරා රත්නායක, ඇක්සස් ඉන්ටර්නැෂනල් පී.එල්.සී. සමාගමේ සහ ඇක්සස් ඉන්ජිනියරින්ග් පී.එල්.සී සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ …

Continue Reading

කජු කර්මාන්තය අර්බුදයක !

වර්තමාන රජය විසින් 2025 වර්ශයේ කජු අවාරය සඳහා ලෙලි කජු ආනයනය කිරීම සදහා ආනයනය බලපත්‍ර ලබාදීම දිගින් දිගටම කල් දැමීමත්, ලෙලිකජු ආනයනය දැඩි ලෙස සීමා කර ආනයනය බලපත්‍ර සදහා කෙටි කාලයක් ලබාදීම නිසා රට තුළ ලෙලි කජු වල විශාල හිඟයක් පවතින බව අද දිනයේදී බෝහෝ මාධ්‍ය මගින් වාර්තා කර තිබුනි.

Continue Reading

Gulfood 2026 හරහා ශ්‍රී ලංකාවේ ආහාර සහ පාන වර්ග ලෝක වෙළඳපොළට රැගෙන යාමට අපනයන සංවර්ධන මණ්ඩලයෙන් දැවැන්ත පියවරක්

ලොව විශාලතම සහ කීර්තිමත් ආහාර හා පාන වර්ග ප්‍රදර්ශනයක් වන ‘ගල්ෆුඩ් (Gulfood) 2026’ සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (SLEDB) මෙවර ඉතා සුවිශේෂී සූදානමක් සිදුකර ඇත. ශ්‍රී ලංකාවේ නිෂ්පාදන සහ සේවාවන් සඳහා ප්‍රමුඛතම අපනයන මධ්‍යස්ථානයක් ලෙස ස්ථානගත කිරීමේ දැක්ම ඇතිව ක්‍රියා කරන අපනයන සංවර්ධන මණ්ඩලය, වාර්ෂිකව ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශන 20කට අධික ප්‍රමාණයක් සංවිධානය කරයි. ඒ අතරින් Anuga (ජර්මනිය), SIAL (ප්‍රංශය) …

Continue Reading

2025 වසරේ දී ශ්‍රී ලංකාවේ අපනයනය ඇමරිකානු ඩොලර් බිලියන 17.2 ඉක්මවයි

2025 දී ශ්‍රී ලංකාවේ අපනයන අංශය ශක්තිමත්ව සිය වර්ධන වේගය අඛණ්ඩව පවත්වාගෙන ගිය අතර, එය 5.6% ක වාර්ෂික වර්ධනයක් වාර්තා කර ඇත. ශ්‍රී ලංකා රේගුවේ තාවකාලික දත්තවලට අනුව සහ අපනයන සංඛ්‍යා ලේඛන මත පදනම්ව ඇස්තමේන්තුගත මැණික් හා ස්වර්ණාභරණ සහ ඛණිජ තෙල් නිශ්පාදන එක්ව මුළු අපනයන ආදායම ඩොලර් මිලියන 17,252.15 ක් විය. එය තිරසාර වර්ධනයක් සහ වැඩි දියුණු වන බාහිර වෙළඳ …

Continue Reading

Sri Lanka Expo 2026 ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ

ශ්‍රී ලංකාවේ අපනයන හැකියාවන් සහ ආයෝජන අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් “Sri Lanka Expo 2026″ නමින් ජාත්‍යන්තර ප්‍රදර්ශනයක් දියත් කරන බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය අද ( ජනවාරි 9 ) නිල වශයෙන් දැනුම් දෙන ලදී. ප්‍රදර්ශනයට අදාළ නිල වෙබ් අඩවිය වන www.srilankaexpo.lk දියත් කිරීමද මෙහිදී සිදු කළ අතර දේශීය ප්‍රදර්ශකයින් සහ විදේශීය ගැනුම්කරුවන්ට අන්තර්ජාලය හරහා ලියාපදිංචි වීමට පහසුකම් සලසා ඇත.

Continue Reading

බුද්ධිමත් ව්‍යවසායකයින් පවා නිරන්තරයෙන් කරන ඉහළම වැරදි 5 කුමක්දැයි ඔබ දැන සිටියාද ?

වඩාත්ම පළපුරුදු ව්‍යවසායකයින් පවා මෙම උගුල්වලට හසු වේ. ඒ ඔවුන් බුද්ධිමත් නොවන නිසා නොව, බුද්ධිය පමණක් ඔබව එකම මිල අධික වැරදි කිරීමෙන් බේරා නොගන්නා බැවිනි.

Continue Reading

අවම පොළිය 5%ක් වූ රුපියල් බිලියන 95ක් කර්මාන්තකරණයට විවෘත කරයි – සියලු විස්තර මෙන්න

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට 5%ක් වැනි අවම පොළියට රුපියල් බිලියන 95ක් කර්මාන්තකරණයට විවෘත කර තිබෙන බව කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි.

Continue Reading

ශ්‍රී ලංකාවේ රෙදිපිළි හා ඇඟලුම් අංශයේ තිරසාර ව්‍යාපාර ශක්තිමත් කිරීමට විධිමත් වැඩපිළිවෙලක්

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ ප්‍රධාන ජාත්‍යන්තර හවුල්කරුවන් මෙරට රෙදිපිළි හා ඇඟලුම් අංශය තුළ තිරසාර භාවිතයන් ශක්තිමත් කිරීම සඳහා ප්‍රධාන වැඩසටහනක් පසුගියදා සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවැත්විණි.

Continue Reading