ඉන්දියානු ආයෝජකයින්ට, චිත්‍රපටි නිෂ්පාදනයට හා සංචාරක ව්‍යාපෘතිවලට අයෝජන කරන ලෙස අමාත්‍ය විජිත හේරත්ගෙන් ඉල්ලීමක්
ඉන්දියානු ආයෝජකයන්ට සහ චිත්‍රපටි නිෂ්පාදකයන්ට ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපෘති ආරම්භ කිරීමට සහ චිත්‍රපටි නිෂ්පාදනය කිරීමට පැමිණෙන ලෙස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ආරාධනා කළේ ය. ඒ ඉන්දියානු මහකොමසාරිස් කාර්‍යාලය විසින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සංචාරක සබඳතා ශක්තිමත් කිරීම උදෙසා සංවිධානත්වය කර තිබූ (19) දින වැඩසටහනේ ආරම්භ දේශනය සිදු කරමිනි.
Continue Reading
ශ්‍රී ලංකාවේ සාධාරණ වෙළඳ නිෂ්පාදන මිලදී ගැනීමට යුරෝපීය සංගමයේ වෙළඳ දූත පිරිසක් මෙරට සංචාරයක
-
Editor
-
November 18, 2025
-
ආයෝජන, පුවත්
-
edbsrilanka
-
0 Comments
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) බ්‍රසල්ස් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ එක්ව ශ්‍රී ලංකාවේ සාධාරණ වෙළඳ නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම සහ ශ්‍රී ලංකාව සහ යුරෝපීය සංගමය අතර ද්විපාර්ශ්වික වෙළඳ සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් 2025 නොවැම්බර් 17 සිට 22 දක්වා යුරෝපීය සංගමයේ සාධාරණ වෙළඳ නිෂ්පාදන ආනයනකරුවන් සහ නියෝජිතයින් 12 දෙනෙකුගෙන් සමන්විත වෙළඳ දූත පිරිසකගේ හමුවක් සාර්ථකව සංවිධානය කරන ලදී.
Continue Reading
රාජ්‍ය ඔසුසලක් මඩකලපුවට
-
Editor
-
October 31, 2025
-
ආයෝජන, ව්‍යාපාරික පුවත්
-
spc
-
0 Comments
ගුණාත්මක ඖෂධ ජනතාවට දැරිය හැකි, සාධාරණ මිලකට ලබාදීමේ උදාර පරමාර්ථය පෙරදැරිව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) රාජ්‍ය ඔසුසල – මඩකලපුව ශාඛාව එළඹෙන ඔක්තෝබර් 31 දින ජනතාව වෙනුවෙන් විවෘත කෙරේ.
Continue Reading
ජනාධිපති අපනයන සම්මාන උළෙල දෙසැම්බර් 11 වනදා BMICH හිදී
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් 27 වැනි වරට සංවිධානය කරනු ලබන ජනාධිපති අපනයන සම්මාන උළෙල 2025 දෙසැම්බර් මස 11 වැනි දා (බ්‍රහස්පතින්දා) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
Continue Reading
“VOYAGE SRI LANKA 2025” සමුද්‍රීය සමුළුව කොළඹදී සාර්ථකව අවසන් කරයි
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ප්‍රධාන පාර්ශවකරුවන් සමඟ සහයෝගයෙන් දෙවන වරට පවත්වනු ලබන සමුද්‍රීය සමුළුව “VOYAGE SRI LANKA 2025”, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතාගේ සහභාගිත්වයෙන් 2025 ඔක්තෝබර් 16 වන දින කොළඹ කිංග්ස්බරි හෝටලයේදී සාර්ථකව පවත්වන ලදී.
Continue Reading
වයඹ හා උතුරු මැද පළාත් අපනයනකරුවන්ගේ සම්බන්ධතා ගොඩනැගීමේ සමුළුව කුරුණෑගලදී
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් වයඹ හා උතුරු මැද පළාත් අපනයනකරුවන්ගේ සම්බන්ධතා ගොඩනැගීමේ සමුළුවක් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (03) දින කුරුණෑගල කැන්ඩියන් රිච් හෝටලයේදී සාර්ථකව පවත්වන ලදී.
Continue Reading
හේමාස් සමාගම රුපියල් බිලියන 10 ක ප්‍රාග්ධන වියදමකින් සිය නවීනතම රෝහලකට මුල්ගල තබයි
මෙරට සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා කැපවෙමින් හේමාස් සමාගම තලවතුගොඩදී සිය නවීනතම අංගසම්පූර්ණ තෘතීයික සත්කාර පහසුකම් සහිත රෝහල ඉදිකිරීම් ආරම්භ කිරීම සඳහා මුල්ගල තැබීම පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
Continue Reading
කහටගහ පතලෙහි මිනිරන් සඳහා රාජ්‍ය‑පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය
-
Editor
-
September 17, 2025
-
ආයෝජන, ව්‍යාපාරික පුවත්
-
0 Comments
අක්කර 102 ක පමණ භූමි ප්‍රමාණයක පිහිටා ඇති කහටගහ පතල ශ්‍රී ලංකාවේ ගැඹුරුම මිනිරන් පතල වේ. පූර්ණ වශයෙන් රජය සතු සමාගමක් වන කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ් යටතේ මේ වන විට කහටගහ පතල ක්‍රියාත්මක වන අතර, එමඟින්, උසස්ම තත්ත්වයේ මිනිරන් නිෂ්පාදනය කර, අපනයනය කිරීම සිදු කරනු ලබයි. පසුගිය රජය යටතේ කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ් ප්‍රතිව්‍යූහගත කිරීමට තීරණය කර තිබූ අතර, ඒ …
Continue Reading
ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ බේරුම්කරණ (ICC Sri Lanka Arbitration and Mediation Hearing Center) දකුණු ආසියානු මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කරයි
අවුරුදු එකසිය දෙකක් පැරැණි ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ දකුණු ආසියානු කලාපයේ ප්‍රථම (Arbitration and Mediation Hearing Center ) බේරුම්කරන වාණිජ බේරුම් කරණ හා සමතකරණ මධ්‍යස්ථානය විවෘත කිරීම ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ආසියානු කලාපයේ අධ්‍යක්ෂ Tojus Chauawan මහතාගේ ප්‍රධානත්වයෙන් (සැප්.10) දින කොළඹ 03 ICC ශ්‍රී ලංකා ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී සිදු කෙරින.
Continue Reading
කර්මාන්තය, දේශගුණය සහ සෞඛ්‍යයේ වැදගත්කම පිළිබඳ ඒකාබද්ධ සම්මන්ත්‍රණයක්
-
Editor
-
September 1, 2025
-
ආයෝජන, පුවත්
-
0 Comments
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය (SLMA), ශ්‍රී ලංකා විද්වත් වෘත්තීය සංගම් සංවිධානය (OPA) සමඟ සහයෝගයෙන්, පවත්වන්ට යෙදුන තිරසාර අනාගතයක් සඳහා කර්මාන්ත, දේශගුණය සහ සෞඛ්‍ය යන ත්‍රිත්ත්ව සම්බන්ධතාවයේ වැදගත්කම පිළිබඳ ඒකාබද්ධ සම්මන්ත්‍රණය පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සංගම් ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
Continue Reading