රැකියා සඳහා විදෙස් ගතවූ ප්‍රමාණය ලක්ෂ 3 ඉක්මවයි

2025 වර්ෂයේ ගතවූ කාලය තුළ රැකියා සඳහා විදේශ ගතවූ ශ්‍රි ලාංකිකයින් ප්‍රමාණය ලක්ෂ 3 ඉක්මවා ඇති අතර, (2025.12.19) දින වන විට එම ප්‍රමාණය 300,191 ක් වේ.

Continue Reading

2026 වසරට 5000ක ජපන් රැකියා පුහුණු සංචිතයක් ඇති කිරිමට සැලසුම්

2026 වර්ෂය තුළදී ජපන් භාෂා පුහුණුව සම්පූර්ණ කළ ශ්‍රි ලාංකිකයින් 5000ක ගේ සංචිතයක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා පවසයි. ජපානයේ රැකියා සඳහා ශ්‍රි ලාංකිකයින් බඳවාගෙන ඇති සමාගම්වල ප්‍රධානීන් පිරිසක් අද දින (11/19) ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී එහි ඉහළ කළමනාකාරීත්වය හමුවූ අතර, එහිදී වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේය. …

Continue Reading

මිලියන තුනක සංචාරක ඉලක්කය සිහිනයක් ද? – සේන සූරියප්පෙරුම

සංචාරක කර්මාන්තයට ශ්‍රී ලංකා රජය සෘජුවම සහභාගී නොවූව ද සංචාරක කර්මාන්තයෙන් බදු එකතු කිරීම, අධීක්ෂණය සහ නියාමනය සිදුවන්නේ සංචාරක අමාත්‍යාංශය යටතේ ඇති ආයතන කිහිපයක් ඔස්සේ ය.

Continue Reading

කොරියානු භාෂා පරීක්ෂණයට නවීන විභාග මධ්‍යස්ථානයක්

දකුණු කොරියාවේ රැකියා සදහා අවශ්‍ය භාෂා ප්‍රවිනතාවය උදෙසා, ටැබ්ලට් වැනි ස්මාර්ට් උපාංග භාවිතා කරමින් පවත්වන විභාග සඳහා නවීන පහසුකම්වලින් සමන්විත ඉලෙක්ට්‍රොනික විභාග මධ්‍යස්ථානය (Korean Language Examination Center Ubiquitous-based Test (UBT) ) අද දින (10/22) විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන්, 553/1, නව නුවර පාර, තලාහේන (සම්පත් බැංකුව අසල) යන ස්ථානයේදී විවෘත කරන ලදී.    

Continue Reading

ක්‍රීඩා සංචාරකයන් ඇදගන්න රජයෙන් ක්‍රමෝපායික සැලැස්මක්

ක්‍රීඩා සංචාරකත්වය දියුණු කිරීම සඳහා අවශ්‍ය කඩිනම් පියවර ගැනීමට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ නිලධාරීන්ගෙන් සමන්විත මෙහෙයුම් කමිටුවක් පිහිටුවීමට අමාත්‍ය විජිත හේරත් මහතා අද (16) උපදෙස් දුන්නේ ය. ඒ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශය, ශ්‍රී ලංකා ක්‍රිකට් හා ක්‍රීඩා සම්මේලන කිහිපයක නියෝජිතයන් ඇතුළු රාජ්‍ය නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ දී පැවැති විශේෂ රැස්වීමක දී ය.

Continue Reading

ජපානයේ සවරා ලංකාජී විහාරයේ කඨින  පුණ්‍ය මහෝත්සවය උත්කර්ෂවත් අන්දමින් පැවැත් වේ

හතළිස් දෙවැනි වරටත් සංවිධානය කරන ලද ජපානයේ  ප්‍රථම ථෙරවාදී බෞද්ධ විහාරස්ථානය වූ සවරා ලංකාජී විහාරයේ වාර්ෂික කඨින පුණ්‍ය මහෝත්සවය පසුගියදා, ජපානයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සහ ජපානයේ  ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ මහතාගේ සහභාගිත්වයෙන් පැවැත් වුණි.

Continue Reading

දකුණු කොරියාවේ රැකියා සඳහා ගිය පිරිස 3000 ඉක්මවයි

මේ වසරේ ඔක්තෝම්බර් මාසය අවසානය වන විට දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගිය ශ්‍රි ලාංකිකයින් ප්‍රමාණය 3000 ඉක්මවන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

Continue Reading

ඊශ්‍රායල් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා ලියාපදිංචිය ඇරඹයි

ඊශ්‍රායල් රාජ්‍යයේ ඉදිකිරීම් ක්ෂේත්‍රය යටතේ ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ උප ක්ෂේත්‍රයට අදාළව රැකියා සඳහා සුදුසුකම් ලත් ශ්‍රමිකයින් ලියාපදිංචි කරගැනීම සඳහා අමතර දින දෙකක් ලබාදීමට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබේ.

Continue Reading

විදේශ රැකියා සම්බන්ධයෙන් පැමිණිලි විමර්ෂණයට පොලිස් ඒකකයක්

කාර්යාංශයේ පනත සංශෝධනය කිරිමට හෝ අවශ්‍යනම් නව පනතකට ද ඉදිරි පියවර විදේශ රැකියා සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සොයා බැලීම් සහ ඒවාට කඩිනමින් විසඳුම් ලබාදීම සඳහා පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ විමර්ශන ඒකකයක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලයේ දි ඊයේ දින (2025.09.18)  දින ආරම්භ කෙරුණි. මෙම ඒකකය සඳහා ප්‍රධාන පොලිස් පරීක්ෂකයෙකුගෙන් සමන්විත පොලිස් නිලධාරීන් 16 දෙනෙකු අනුයුක්ත කොට තිබේ.

Continue Reading

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්දය දෙන්න නීති හදන්න කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3වන ව්‍යවස්ථාව අනුව, ජනතාව කෙරෙහි පිහිටා ඇති පරමාධිපත්‍ය බලය මහජනතාව විසින් 4වන ව්‍යවස්ථාවේ විධිවිධාන පරිදි ඡන්දයේදී ක්‍රියාත්මක කරනු ලැබේ.

Continue Reading