ජනාධිපති අනුරට කරු ජයසූරිය ප්‍රසංශා කරයි

ඉරානයට එක් නෞකාවක තුවාල ලත් පුද්ගලයින්ට වෛද්‍ය ප්‍රතාකාර ලබාදීමත්, අනෙක් නෞකාවේ නාවිකයින් ආරක්ෂිතව ශ්‍රී ලංකාව තුළට කැඳවා අවශ්‍ය ආරක්ෂාව ලබා දිමට ගත් පියවර මහත් සේ අගය කරමින් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ නායක ශ්‍රී ලංකාභිමානි කරු ජයසූරිය මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය ප්‍රශංසාව පුදකරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

Continue Reading

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය වෙනුවෙන් විශේෂ “ආරෝග්‍යා” ජංගම සුව සායනයක්

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් රාජ්‍ය ආයතනවල  කාර්ය මණ්ඩල සුවතාවය වෙනුවෙන් පවත්වනු ලබන “ආරෝග්‍යා” ජංගම සුව සායන වැඩසටහනේ තවත් එක් වැඩසටහනක්  බත්තරමුල්ල සෙත්සිරිපාය පරිපාලන සංකීර්ණයේ (දෙවන අදියර)  ස්ථාපිත කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ  කාර්ය මණ්ඩලය වෙනුවෙන්  පසුගිය (25) දින පවත්වන ලදි.

Continue Reading

ලක්විජය බලාගාරයට ගල් අඟුරු සැපයීම ඇගයීමට විශේෂඥ කමිටුවක්

ලක්විජය බලාගාරයට ගල් අඟුරු සැපයීමේ වත්මන් ක්‍රමවේදය ඇගයීම සඳහා පහත විශේෂඥයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇත.

Continue Reading

රුමේනියාව පෙන්නන්න ගිහින් කුඩුවෙන් නතර වෙයි

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් එක් කෝටි හැට ලක්ෂයකට ආසන්න මුදලක් වංචාකර, සැගවී සිටි කාන්තාවක් කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබේ.

Continue Reading

මොන අභියෝග ආවත් අපේ රටේ බලශක්ති ක්ෂේත්‍රය ස්ථාවර හා සුබදායි අයුරින් ගොඩ නංවනවා – ඉංජිනේරු කුමාර ජයකොඩි

“ගෙවි ගිය කාලයේ තිබුණු ජරාජීර්ණ තත්වයන් තුළ විවිධ දුෂණ හරහා අයථා ඉපයීම්වල යෙදුණු විවිධ බලවේගවල මරලතෝනිය අපට එරෙහි මඩ අවලාද හැටියට දැන් එළි දකිමින් තිබෙනවා. එසේ වුණත් ඒ මඩ අවලාද වලට අපව බය කරන්න බෑ.

Continue Reading

වික්ටර් අයිවන් අනුස්මරණ දෙසුම 24 දා පදනම් ආයතනයේ දී

රාවය පුවත්පතේ සමාරම්භක කර්තෘ  ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී  වික්ටර් අයිවන් මහතා අභාවප්‍රාප්ත වී වසරක් ගතවීම නිමිති කරගෙන “මහජන බුද්ධිමතෙකුගේ පටිසෝතගාමී අභිචාරිකාව” යන තේමාව යටතේ  ඔහුගේ මාධ්‍ය, දේශපාලන හා සමාජ මැදිහත්වීම අවලෝකනය කිරීමේ විශේෂ වැඩසටහනක් සංවිධානය කර තිබේ.

Continue Reading

වනසතුන් වෙනුවෙන් අභයභූමි තනාදී පඩි පතත් අහිමි කරගත් වනජීවී අඩවි ආරක්ෂකයා

දිවයිනේ වැව් රක්‍ෂිතවල අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම මීට කලකට පෙර රටේ ප්‍රධාන මාතෘකාවක් විය. කුමන බාධක පැමිණියත් එය සිදු කරන බව ආණ්ඩුවේ ඇමතිවරු එකල පාරම්බෑවෝය. නමුත් ඒ නරි වාදම් රෙද්ද පල්ලෙන් බේරෙන්නට වැඩි කලක් ගතවුණේ නැත. ඒ හක්වටුණාව වැව් රක්ෂිතයේ ඉඩම් අනවසරයෙන් අත්පත්කරගෙන සිටි පුද්ගලයින් නෙරපා කහල්ල-පල්ලෙකැලේ අභයභූමියට අයත්වතිබූ එම භූමිය අලි ඇතුන් වෙනුවෙන් නිදහස්කර දීමට කැපවූ වනජීවී සංරක්ෂණ නිලධාරියෙකුට …

Continue Reading

බංග්ලාදේශයේ නව අග්‍රාමාත්‍යවරයාගේ දිවුරුම් දීමේ නිල උත්සවයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා එක්වෙයි

බංග්ලාදේශයේ නව අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමේ නිල උත්සවයට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා (17) දින  සහභාගිවිය.

Continue Reading

පලස්තීන විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ සංචාරයකට සූදානමකින්

පලස්තීන ජනතාව මුහුණ දෙන අර්බුද හමුවේ ශ්‍රී ලංකා රජය දක්වන අඛණ්ඩ සහයෝගය වෙනුවෙන් කෘතඥතාව පළ කිරීම සඳහා ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ඉහාබ් අයි. එම්. කලීල් මහතා විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා විදේශ අමාත්‍යාංශයේදී මුණ ගැසුණේ ය.

Continue Reading

යුද හමුදා නිලධාරීන්ට දෙන්න ගිය දුම්රිය රියදුරු පුහුණුව ‘තාවකාලිකව’ නවතී

යුද හමුදා නිලධාරීන් 20 දෙනෙකු සඳහා දුම්රිය රියදුරු පුහුණුව ලබා දීමට ගෙන තිබූ තීරණය තාවකාලිකව අත්හිටුවීමට රජය පියවර ගෙන තිබේ. ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන අද (18) මේ බව ප්‍රකාශ කර සිටියා.

Continue Reading