පල්ලේගම විජිත හිමියන්ගේ “සත්කාරය” සිසු තිළිණ ප්‍රදානය 14 වන වරටත්

ඉන්දියාවේ  රජගහනුවර ලංකාරාම විහාරාධිපති ඉන්දීය ආනන්ද බෝධි  සංගමයේ උපසභාපති පල්ලේගම විජිත හිමිපාණන් 14 වන වරටත් පවත්වන දෙනියාය පල්ලේගම ද්විතීයික  විද්‍යාලයේ සිසු දරුවන්ට,ගුරු හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයට සහ ආදි ගුරුවරුන්ට ප්‍රසාද තිළිණ ප්‍රදානය  කිරීමේ  “සත්කාරය”  අධ්‍යාපන තිළිණ  ප්‍රදානය මෙවරත් ජනවාරි 27  වැනි දින පෙරවරු 9.00 ට  පල්ලේගම ද්විතීයික  විද්‍යාලයේ දී පැවත් වේ.

Continue Reading

යුක්තිය උදෙසා ගත යුතු මඟ – කලු ජනවාරි සැමරුම –  නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන කලු ජනවාරි සැමරුම මෙම මස 19 වැනිදා උදෑසන දහයට ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේදී සිදු වේ.  නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසන්නේ “යුක්තිය උදෙසා ගත යුතු මඟ” මෙවර සැමරුමෙහි තේමාව බවයි.

Continue Reading

මහනුවර ජාතික රෝහල අවට පුද්ගලික සුව සේවා ජාවාරමක් – උදේනි ලියනආරච්චි

මහනුවර ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන ඇතැම් රෝගීන්ට උපස්ථාන කිරීම සඳහා ලඟ රඳවා තැබීම සඳහා දෛනිකව රුපියල් 4500 ක් අය කරමින් ක්‍රියාත්මක රෝගී සහන සේවා මධ්‍යස්ථාන මහනුවර ක්‍රියාත්මක වන බව  මහනුවර මහ නගර සභාවේ ජාතික ජනබලවේගයේ සභික මහත්මිය පවසයි.

Continue Reading

ස්වභවික ව්‍යවසනයකදී කාන්තාවන්ට මුහුණ පෑමට සිදුවන අභියෝග – නිර්මලා දමයන්ති

එක් කලාපයකට පමණක් සීමා නොවන ස්වභාවික ආපදා  ලෝකයටම පොදු වූූ තත්ත්වයකි. මිනිස් ජීවිත වලට, දේපළවලට හා පරිසරයට හානි කරන මෙම ස්වභාවික ආපදා සුළි කුණාටු, ගංවතුර, නාය යෑම්, ගිනිකඳු පිපිරීම, ලැව් ගිනි ඇතිවීම, සුනාමි යනාදි වශයෙන් විවිධ ස්වරූපයන්ගෙන් හඳුනාගත හැකිය. මේවායින් එල්ල කෙරෙන බලපෑම කිසිදු භේදයකින් තොරව සැමට එක  සේ  අත්විඳින්නට සිදුවේ. මිනිසාටත්,සතුන්ටත්, පරිසරයටත් එය එසේම ය. 

Continue Reading

හරිණි, සමලිංගිකත්වය, රනිල් සහ චන්ද්‍රිකා 

මේ සටහන ලියන්න හිටියේ ආණ්ඩුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කල් දැමීමේ තීන්දුව ගන්න කාලෙකට කලින්. අනික මේක කෙලින්ම අධ්‍යාපනයට සම්බන්ධ කතාවකුත් නෙවෙයි. ඒ නිසා මේක දැනුත් වලංගුයි. කසාවත් ඇඳගත්ත අන්තවාදී සහ පසුගාමී පුරුෂයින් පිරිසකගේ හෝ පාදිලිවරුන් ගේ හඬට බයවෙලා ප්‍රතිපත්ති වෙනස් කිරීම ගැන මම විරුද්ධ වුණත් සමාජය තුළ කිසිම සංවාදයකින් තොරව ක්‍රියාත්මක කරන්න උත්සාහ කරපු රනිල් ගෙනාපු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ – ගොඩක් ප්‍රමාද …

Continue Reading

රතු කුරුසයෙන් කොළඹ ළිං පිරිසිඳු කරයි

පසුගිය දිනවල ඇති වූ අධික වර්ෂාවෙන් හටගත්  ගංවතුර නිසා ජල දූෂණයට සහ අපිරිසිදුතාවයට පත් වූ කොළඹ දිස්ත්‍රික්කයේ පානීය ජල ලිං 2150 පිරිසුදු කරදීමේ  ව්‍යාපෘතියක්  ශ්‍රී ලංකා රතුකුරුස සමාජයේ කොළඹ ශාඛාව ක්‍රියාත්මක කරයි.

Continue Reading

විනය විරෝධී නිලධාරින් රකින නිසා වර්ජනයකට සූදානම් – රජයේ විකිරණ විද්‍යා තාක්ෂණිකවේදීන්ගේ සංගමය

විනය විරෝධී සහ විෂමචාරී ලෙස කටයුතු කරන මාලිගාවත්ත රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාට (රා. ආ.) එරෙහිව ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණිකවේදීන්ගේ සංගමය සෞඛ්‍ය ලේකම්වරයා වෙත ලිපියක් යවමින් අවධාරණය කර ඇත.

Continue Reading

ඉන්දියාවෙන් බානගල පිරිවෙනට ආධාර

කොළඹ ස්වාමි විවේකානන්ද ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානය විසින් ගාල්ල බානගල උපතිස්ස පිරිවෙනේ අධ්‍යාපනය ලබන සාමණේර භික්ෂූන් වහන්සේලාට නව වසරේ අධ්‍යාපන උපකරණ හා පොත්පත් පිරිනැමීමේ උත්සවය (10) දින බානගල උපතිස්ස පිරිවෙනේ දී පැවැත්වුණි.

Continue Reading

රෝහල් පද්ධතියේ ගැටලු සඳහා උපායමාර්ගික සැලැස්ම ක්‍රියාත්මක කිරීම රජය නොසලකා හරිමින් සිටිනවා – GMOA

රජයේ සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ වත්මන් හැසිරීම තුල, වත්මන් පාලනයේ නිදහස් සෞඛ්‍ය සේවාව සුරක්ෂිත කිරීමේ සටන් පාඨයේ සහ ප්‍රතිපත්තියේ සද්භාවය පිළිබඳ බරපතල අවිනිශ්චිතතාවයක් මතු වී ඇති අතර රෝහල් පද්ධතියේ මානව සම්පත් අර්බුදය, ඖෂධ අර්බුදය ඇතුලු ගැටලු සඳහා කාල රාමුවක් සහිත උපායමාර්ගික සැලැස්මක් ක්‍රියාත්මක කිරීමේ ජාතික අවශ්‍යතාවයන් නොසලකා හරිමින් ඒවායෙන් පැන යාමට ආණ්ඩුව කටයුතු කරන්නේ නම්, නිදහස් සෞඛ්‍ය සුරක්ෂිත කිරීම උදෙසා අවශ්‍ය …

Continue Reading