ස්වභාවික ව්‍යසන, දේශගුණ විපර්යාසයන්ට ඍජුව වගකිව යුත්තේ බටහිර රටවල් වුණත් ඔවුන් ඒ ගැන කිසිම අවධානයක් යොමු කරන්නේ නැහැ. – හිටපු කතානායක කරු ජයසූරිය

“මම මුලින් සඳහන් කළ ආකාරයට මේ ආකාරයේ ස්වභාවික ව්‍යසන සිදුවීමට සහ එහි විනාශකාරී බව ඉහළ යාමට දේශගුණ විපර්යාස ඍජුව දායක වී තිබෙනවා. මේවට වගකිව යුත්තේ බටහිර රටවල් වුණත් ඔවුන් ඒ ගැන කිසිම අවධානයක් යොමු කරන්නේ නැහැ. අනෙක් අතින් අපි අපේ පරිසරය, වනාන්තර, ජල පෝෂක ආදි ස්වභාවික පරිසරයේ සමතුලිතතාවය විනාශ කිරීමත් ප්‍රධාන හේතුවක්.“

Continue Reading

බානගල නා හිමි 76 වන ජන්ම දිනය සැමරේ

ජපානයේ ප්‍රධාන සංඝනායක, ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ සභාපති, දඹදිව සාංචි චේතියගිරි විහාරය, බානගල උපතිස්ස පිරිවෙන, සපුගස්කන්ද අබේසේකරාරාමය සහ මාලිගා කන්ද අග්‍රශ්‍රාවක මහාබෝධි විහාරය යන සිව් මහා විහාරයන් හි විහාරාධිපති අතිපූජ්‍ය බානගල  උපතිස්ස නා හිමියන්ගේ හැත්තෑ හයවන ජන්ම දින සමරුව අදට (05) යෙදී ඇත.

Continue Reading

ජනමාධ්‍ය නියාමනය සඳහා වන ස්වාධීන  කොමිසමක් වහා ස්ථාපිත කිරීම ක්ෂේත්‍රයට අදාළ ගැටලු රැසකට විසඳුමයි –  FMMTU

අසත්‍ය පුවත් විකාශනය කරන ලදැයි චෝදනා එල්ල වී ඇති විද්‍යුත් මාධ්‍ය ආයතන කිහිපයක විකාශන බලපත්‍ර ආපසු කැඳවීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවට හෝ එසේ කළ යුතු බවට  සමාජය තුළ ගොඩනැගී ඇති කතිකාව සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ මෙන්ම එහි වෘත්තීය සමිතියේද දැඩි අවධානය යොමුව තිබේ.

Continue Reading

බාල ඖෂධ මගින් රෝගීන් මියයෑමට වග කිව යුත්තේ කවුද?

ඖෂධ නියාමනය නාට්‍යයක් වෙද්දී – රෝගියා පරීක්ෂණයක් වෙන්නේ ඇයි? (උක්ත ගැටලුව පිළිබඳව මතුවන ප්‍රධාන ප්‍රශ්න කිහිපයකට ලබා දියහැකි  විද්‍යාත්මක පැහැදිලි කිරීමක්) ඉකුත් දින කිහිපය තුළ, එන්නත් 10ක් ඖෂධ නියාමන අධිකාරිය විසින් අත්හිටුවීම සම්බන්ධයෙන් රට පුරා දැඩි කතාබහක් ඇතිව තිබේ. මෙම තීරණයට හේතුව ලෙස මහනුවර ජාතික රෝහලේ සිදු කළ පරීක්ෂණයකදී හමුවූ බව කියන බැක්ටීරියාවක් සඳහන් කළද, එය සම්බන්ධයෙන් සාමාන්‍ය ජනතාවටත් තේරුම් …

Continue Reading

විදුලියෙන් ජීවිත දල්වන රාජාංගණේ සමරනායක – අසේල කුරුළුවංශ

විශ්වවිද්‍යාලයක් කියන්නේ උගතුන්ගේ තෝතැන්නක්. එහෙම නැත්නම් විධිමත් අධ්‍යාපන ක්‍රියාවලිය කියන ඉණිමග දිගේ ඉහළටම නැත්නම් සැලකිය යුතු දුරක් ගිය පිරිසක් ඉන්න තැනක්. ගංවතුරින් විශ්වවිද්‍යාලයට වෙලා තිබුණු හානි නැවත යථා තත්ත්වයට පත් කරගෙන තනියම නැගී සිටින්න මේ අයට විතරක් පුළුවන් කමක් නැහැ. ඒ සඳහා හැමෝගෙම සහය අවශ්‍යයයි. හානියේ තරම ඒ තරම්ම විශාලයි. පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ජලයෙන් යටවුණු ගොඩනැගිලිවල විදුලි පද්ධතියට ලොකු හානියක් …

Continue Reading

ශ්‍රී ලංකාවේ අනාගත මැතිවරණකදී මිනිසා තුළ පවත්නා ආවේනික බය අවියක් සේ හැසිරවීමේ නවතම භාවිතාව

කෘතීම බුද්ධිය පාදක දුස්තොරතුරු ශ්‍රී ලංකාවේ අනාගත මැතිවරණ ක්‍රියාවලිය වෙත කළහැකි බලපෑම පිළිබඳ කෙටි විග්‍රහයක් ”Enemy of the State” යනු වසර  1998 දී නිෂ්පාදනය වූ කදිම චිත්‍රපටයකි. මේ එහි එන ප්‍රකට දෙබසක්. ‘The only privacy left is inside of your head’ මෙහි වරනගන අදහස් ගොන්නක් තිබෙනවා. ප්‍රමුඛතම අදහස තමයි දැනට ලෝකයේ විවිධ අයුරින් ප්‍රතිෂ්ඨාපිත ආවේක්ෂණ (surveillance) ක්‍රමවේද නිසා අපි අනාරක්ෂිත …

Continue Reading

ශ්‍රේෂ්ඨාධිකරණ සහ මහධිකරණ විනිසුරුවරු දඹදිව සාංචි වැඳ පුදා ගනිති

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මැතිතුමන් ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්    පසුගියදා ඉන්දියාවේ සාංචි මහා පුදබිමට පැමිණ අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලා සහ ධර්මාශෝක අගරජු ඉදිකළ සාංචි චෛත්‍ය සංකීර්ණය වැඳ පුදා ගත් බව සාංචි චේතියගිරි විහාරාධිකාරී  බානගල විමලතිස්ස හිමියෝ පවසති.

Continue Reading

මාධ්‍ය වාර්තා නිසා පෞද්ගලිකව මම ගොඩක් පීඩා විඳලා තියෙනවා – සකුණි මයාදුන්නේ

පොලීසිය අපිව අත්අඩංගුවට ගන්නේ හේතුවක් නැතුවයි. ජීප් එකේ යනකොට අපිව දැක්කොත් වෙලාවකට පොලීසියේ මහත්තුරු නොදැක්කා වගේ යනවා. ඒ වගේමයි හිටපු ඇඟට කඩා පැනලා අරන් ගිහින් කූඩුවට දානවා. සමහර වෙලාවට පොලීසියේ මහත්තුරු සතුටු කරන්න වෙනවා. තවත් වෙලාවට  රෑ එළිවෙනකල් කූඩුවේ තියන් ඉඳලා උදේ එළියට දානවා. පාදට ආඥා පනතෙන් උසාවියට ඉදිරිපත් කළොත් රුපියල් 50 ක දඩයක් ගහනවා. මෙයාව ඇයි ගෙනාවේ කියලා විනිසුරුවරු …

Continue Reading

දුම්කොළ හා මධ්‍යසාර පිළිබදව මීට වඩා දැඩි පාලනයක් අවශ්‍යයයි – අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි

දුම්කොළ හා මත්ද්‍රව්‍යවලට විරුද්ධ වීම අපේ සංස්කෘතියේ අංගයක් වුවත්, ඊට විරුද්ධව කෙතරම් සංවිධානාත්මකව ප්‍රචාරක ක්‍රම දියත්වුවත්, මත්ද්‍රව්‍ය, මත්වතුර  සහ දුම්වැටි සමාජ ගත කිරීම අතිශය මනෝ විද්‍යානුකූලව, සංවිධානාත්මකව සහ විශාල මුදලක් ආයෝජනය කර අඳාළ සමාගම් සිදුකරන බැවින් ඒ පිළිබඳව දැඩි අවධානයක් යොමුකර දුම්කොළ හා මධ්‍යසාර පිළිබදව මීට වඩා දැඩි පාලනයක් අවශ්‍ය බව, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා අවධාරණය කරයි.

Continue Reading

සමාජයේ අඳුරු සෙවනැල්ලේ ජීවිතය සොයන ඔවුන්ගේ ලෝකයට ආලෝකයක් වෙමු

ලිංගික ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් සඳහා මාධ්‍ය ප්‍රතිපත්තිය එලිදැක්වීම. 2025 දෙසැම්බර් 14 වැනිදා කටුනායකදී – ශ්‍රී ලාංකික ලිංගික ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් සම්පාදනය කළ මාධ්‍ය ප්‍රතිපත්තිය ජනමාධ්‍යවේදීන් සහ සමාජ ක්‍රියාධරයන් වෙත පිළිගැන්වීමේ වැඩසටහන පිළිබඳව සමාජයේ බොහෝ පිරිසකගේ අවධානයට මෙන්ම පැසසුමට යොමුවිය. මෙම වැඩසටහනේ මූලික  අරමුණු වූයේ සමාජයේ අඳුරු සෙවණැල්ලේ සැඟවෙන, නමුත් සම්පූර්ණ ශ්‍රී ලාංකික ප්‍රජාවේම කොටසක් වන මෙම ලිංගික ශ්‍රමිකයන් මුහුණපාන ලිංගික ජාවාරම, …

Continue Reading