ජනාධිපති අපනයන සම්මාන උළෙල ‌දෙසැම්බර් 11 වනදා BMICH හිදී

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් 27 වැනි වරට සංවිධානය කරනු ලබන ජනාධිපති අපනයන සම්මාන උළෙල 2025 දෙසැම්බර් මස 11 වැනි දා (බ්‍රහස්පතින්දා) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ශ්‍රී ලංකා  ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

Continue Reading

ශ්‍රී ලංකාවේ අපනයන අංශය 2025 තුන්වන කාර්තුව වන විට ඩොලර් බිලියන 13 කට ආසන්න ආදායමක්

ශ්‍රී ලංකාවේ අපනයන අංශය 2025 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාල පරිච්ඡේදය තුළ ස්ථාවරත්වය සහ ක්‍රමවත් වර්ධනයක් දිගටම පෙන්නුම් කරමින් ඇමරිකානු ඩොලර් මිලියන 12,986.52ක සමස්ත ආදායමක් වාර්තා කරන ලදී. මෙය 2024 අදාල කාලය හා සසඳන විට 7% වැඩිවීමකි.

Continue Reading

“VOYAGE SRI LANKA 2025” සමුද්‍රීය සමුළුව කොළඹදී සාර්ථකව අවසන් කරයි

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ප්‍රධාන පාර්ශවකරුවන් සමඟ සහයෝගයෙන් දෙවන වරට පවත්වනු ලබන සමුද්‍රීය සමුළුව “VOYAGE SRI LANKA 2025”, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතාගේ සහභාගිත්වයෙන් 2025 ඔක්තෝබර් 16 වන දින කොළඹ කිංග්ස්බරි හෝටලයේදී සාර්ථකව පවත්වන ලදී.

Continue Reading

අත්කම්, තෑගි, විසිතුරු සහ සෙල්ලම් භාණ්ඩ ව්‍යවසායකයින්ගේ ධාරිතා සංවර්ධනයට වැඩසටහනක්

ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින්  අත්කම්, තෑගි, විසිතුරු සහ සෙල්ලම් භාණ්ඩ කර්මාන්ත අංශයේ අපනයනකරුවන් බවට පත්වීමට හැකියාව ඇති ව්‍යවසායකයින් සඳහා විශේෂිත වැඩසටහනක් පසුගියදා කොළඹ දී සාර්ථකව පවත්වන ලදි.

Continue Reading