ශ්‍රී ලංකාවේ අනාගත මැතිවරණකදී මිනිසා තුළ පවත්නා ආවේනික බය අවියක් සේ හැසිරවීමේ නවතම භාවිතාව

කෘතීම බුද්ධිය පාදක දුස්තොරතුරු ශ්‍රී ලංකාවේ අනාගත මැතිවරණ ක්‍රියාවලිය වෙත කළහැකි බලපෑම පිළිබඳ කෙටි විග්‍රහයක් ”Enemy of the State” යනු වසර  1998 දී නිෂ්පාදනය වූ කදිම චිත්‍රපටයකි. මේ එහි එන ප්‍රකට දෙබසක්. ‘The only privacy left is inside of your head’ මෙහි වරනගන අදහස් ගොන්නක් තිබෙනවා. ප්‍රමුඛතම අදහස තමයි දැනට ලෝකයේ විවිධ අයුරින් ප්‍රතිෂ්ඨාපිත ආවේක්ෂණ (surveillance) ක්‍රමවේද නිසා අපි අනාරක්ෂිත …

Continue Reading

පළාත් සභා ක්‍රමයේ ආරම්භය, විකාශනය හා අද තත්ත්වය – සුජීව සෙනරත්

උතුරු නැගෙනහිර දෙමළ කැරළිකරුවන් විසින් වෙනම රාජ්‍යයක් සඳහා ආරම්භ කරන ලද සන්නද්ධ අරගලය නිමා කිරීම සඳහා 1987 වසරේ ජූලි 29 වැනිදා ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා  සහ රජිව් ගාන්ධි අග්‍රාමාත්‍යවරයා අත්සන් කළ ඉන්දු-ලංකා ගිවිසුම මගින් පළාත් සභා ක්‍රමයට මඟ පැදීමට හේතු විය. ඒ අනුව 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, බලය විමධ්‍යගත කිරීමෙහි ප්‍රතිඵලයක් ලෙස …

Continue Reading

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදීමේ යෝජනාව සාර්ථක වෙයිද?

හැඳින්වීම ‘විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදීමේ යෝජනාව යතාර්ථයක් කළ හැකිද?’ යන මාතෘකාව දීර්ඝ කාලයක් තිස්සේ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන, දේශපාලන පක්ෂ සහ බලපෑම් කණ්ඩායම් අතර සංවාදයට ලක් වූවකි. විශේෂයෙන්ම මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සහ මැතිවරණ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන සංවිධාන සියල්ලම පාහේ විදෙස් ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදීම යෝජනා කළේය.

Continue Reading

දුස් තොරතුරු පතුරවමින් හා චේතනාන්විතව මගහැරීම් කරමින් අනාථ කර ඇති රටේ ප්‍රජාතන්ත්‍රවාදය – සුනිල් ජයසේකර

සෑම පළාතකටම අදාළව පළාත් සභා ස්ථාපිත කරමින්  මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීමට හැකි වන පරිදි වරින් වර මැතිවරණ පැවැත්වීම අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් තහවුරු කර තිබේ. අතීතයේ අවස්ථා ගණනාවක් සැලකිල්ලට ගතහොත් බිහිසුණු යුද ගැටුම් මැද හා වෙනත් ආකාරයේ අතිශය දුෂ්කර වාතාවරණයන් තුළ පවා ශ්‍රී ලංකාව තුළ පළාත් සභා මැතිවරණ පවත්වා තිබේ.

Continue Reading

වර්ගික, ආගමික පදනමින් දේශපාලන පක්ෂ ලියාපදිංචි නොකිරීම ගැන සාධාරණ සමාජයක් අගය කරයි

වාර්ගික හා ආගමික පදනමින් දේශපාලන පක්ෂ ලියාපංදිචි නොකිරීමට මැතිවරණ කොමිසමේ අවධානය යොමුවීම අගය කරන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

Continue Reading

මැතිවරණ වලදී ව්‍යාජ තොරතුරු භාවිතය ; ඊයේ අද සහ හෙට – සී. දොඩවත්ත

මැතිවරණ වලදී ව්යාජ තොරතුරු භාවිතයේ “ඊයේ දවස”කෙරෙහි අවධානය යොමු කරන විට නිතැතින්ම මෙරට මැතිවරණ ව්යාපාරයේ ඉතිහාසය වෙත යොමුවීමට සිදුවේ. යටත් විජිත යුගය දක්වා දිවෙන එම ඉතිහාසය මුල් වරට කොළඹ මහ නගර සභා  මැතිවරණය පැවැත්වූ 1850 වසර දක්වා දිවයයි. මධ්යම ආණ්ඩුවට මහජන නියෝජිතයන් කිහිප දෙනෙකු පත්කර ගැනීමට 1910 වර්ෂයේ ගෙන ආ ව්යවස්ථා ප්රතිසංස්කරණ මගින් ඉඩ සැලසුන ද එය සීමිත බලයක් විය. …

Continue Reading

සභිකයකු, මන්ත්‍රීවරයයකු හෝ ජනාධිපති ලෙස තේරී පත්වීමට ඡන්ද හිමි නාමලේඛනයේ නම තිබිය යුතුද?

– ලසන්ත රුහුණුගේ පළාත් පාලන ආයතනයක සභික ධුරයට පත්වීමට, පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීමට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වීමට හෝ රටේ ජනාධිපතිවරයා ලෙස පත්වීමට ඔහුගේ හෝ ඇයගේ නම එම ඡන්ද විමසීමට අදාළ ඡන්ද හිමි නාමලේඛනයේ තිබිය යුතුද? එසේ ඡන්ද හිමි නාමලේඛනයේ ඔහුගේ හෝ ඇයගේ නම නැත්නම් ජනතාව විසින් තෝරාපත් කළත් ඔහුගේ හෝ ඇයගේ සභිකත්වය, මන්ත්‍රී ධුරය හෝ ජනාධිපති ධුරය අහිමි වන්නේද?

Continue Reading

සමාජ මාධ්‍ය දුස් තොරතුරු,වෛරී ප්‍රකාශ කුණාටු මැද පුංචි ඡන්දයේදී නොරැවටී සිටීමේ අභියෝගය ජයගැනීම

– ආනන්ද ධර්මප්‍රිය ජයසේකර රටපුරා මහ නගර සභා 28 ක්, නගර සභා 36 ක්,ප්‍රාදේශීය සභා 275 ක් ඇතුළුව පුංචි ආණ්ඩු 339 ක්  වෙනුවෙන් මහජන නියෝජිතයින් 8297 දෙනෙකු තෝරා පත්කරගැනීම  සඳහා පැවැත්වෙන පළාත් පාලන ඡන්ද විමසීමට  තව ඇත්තේ දෙදිනක්  පමණි.එම නියෝජිත ධූර 8297සඳහා දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් නියෝජනය කරමින් අපේක්ෂක අපේක්ෂිකාවෝ 71,000 ක් මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව සිටිති.මිශ්‍ර සමානුපාතික …

Continue Reading

මැතිවරණ සුපිලිපන් බවට අභියෝගයක් වූ දුස් තොරතුරු

වසර 2018 පසු පැවැත්වෙන පළමු පළාත් පාලන මැතිවරණයේදී මිලියන 17කට වැඩි ඡන්දදායකයන් පිරිසක් සභිකයන් 8771 ක් තෝරා පත් කර ගැනීම සඳහා සුදුසුකම් ලබා සිටින අතර මෙවර මැතිවරණය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට මෙන්ම පාර්ලිමේන්තුවේ අති බහුතරයකින් සමන්විත ජාතික ජන බලවේග ආණ්ඩුවටද තීරණාත්මක හා ඔවුන් මුහුණ දෙන පළමු මහජන පරීක්ෂාවද වනු ඇත. (මෑතකදී මැතිවරණය පැවැත්වුණු ඇල්පිටිය පළාත් පාලන ආයතනය සහ කල්මුණේ …

Continue Reading

දුබල නෛතික ප්‍රතිපාදන මැතිවරණ කොමිෂන් සභාව අවදානමේ හෙළනු ඇත !

ඉතිහාසයේ විසූ ඉතා ප්‍රකට ඉන්දීය අර්ථ ශාස්ත්‍රාචාර්යවරයෙක් වූ කෞටිල්‍ය හෙවත් චානක්‍ය ලියූ ලෝකයේ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු පිළිබඳ විස්මිත උපදේශන ග්‍රන්ථයේ තැනක මෙසේ ලියා ඇත.

Continue Reading