දිවංගත ඉරානයේ හිටපු ජනාධිපති සහ විදේශ ඇමති ස්මරණය කෙරේ
2024 මැයි 19 වැනි දින ප්‍රාණ පරිත්‍යාගශීලීන් ලෙස අනපේක්ෂිත ගුවන් අනතුරකින් දිවියෙන් සමු ගත් ඉරාන ජනරජයේ ජනාධිපති අයතුල්ලා ඊබ්‍රාහිම් රයිසි (Ayatollah Ebrshim Rsisi) සහ විදේශ ඇමති ආචාර්ය අමීර්-අබ්දුල්ලාහියන් (Dr.Hossein Amir-Abdollahian) දෙවර්ෂ සැමරුම ඊයේ (21) කොළඹ ඉරාන සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වුණි.
ශ්‍රී ලංකාවේ සහ මාල දිවයිනේ ඉරාන තානාපති ආචාර්ය අලිරේසා ඩෙල්ක්හෝෂ් (Dr.Alireza Delkhosh) මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සමරු උත්සවයට ,හිටපු විදේශ අමාත්‍ය නීතිඥ අලි සබ්රි මහතා, පර්යේෂකයින් , විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, ජනමාධ්‍යවේදීන්, ආගමික නියෝජිතයන් ඇතුළු පිරිසක් එක් වූහ.
මෙහිදී විශේෂ සමරු දේශන පවත්වනු ලැබූයේ ,හිටපු විදේශ අමාත්‍ය නීතිඥ අලි සබ්රි මහතා සහ පර්යේෂක සහ දේශපාලන ආර්ථික විද්‍යාඥ ෂිරාන් ඉලේපෙරුම යන මහත්වරුන් විසිනි.

2024 මැයි 19 වන දින, අසර්බයිජාන්-ඉරාන දේශසීමාවේ වර්සෙක්වාන් නගරය අසල දී ජනාධිපතිවරයා සහ විදේශ ඇමතිවරයා රැගෙන ගමන් කරමින් තිබූ හෙලිකොප්ටර් යානය අයහපත් කාලගුණය හේතුවෙන් කඩා වැටී ඔවුන් සහ එහි ගමන් ගත් සියලු දෙනා ජීවිතක්ෂයට පත් වූහ.
අනතුරට ගොදුරු වූ අනෙකුත් අය සමඟ ඒකාබද්ධ අවමංගල්‍ය උත්සවයකින් පසුව, මැයි 23 වන දින ටෙහෙරානයේ රේ හි ෂා අබ්දුල්-අසිම් සිද්ධස්ථානයේ මෙම දේහ තැන්පත් කරනු ලැබීය.

