නවසීලන්තයෙන් ලංකාවේ අධ්‍යාපනය පුළුල් කිරීමට එකඟතාවයක්
- Editor
- May 28, 2026
- අධ්‍යාපන
- wijitha-hearth
- 0 Comments
නවසීලන්තයේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ නවසීලන්ත තෘතීයික අධ්‍යාපන අමාත්‍ය (Minister of Tertiary Education) පෙනී සිමන්ඩ්ස් (Penny Simmonds) මහත්මිය අතර විශේෂ හමුවක් පවත්වා තිබේ.
එහිදී ශ්‍රී ලාංකික සිසුන් වෙනුවෙන් නවසීලන්තයේ පවතින උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම, නව ශිෂ්‍යත්ව ක්‍රමවේද හඳුන්වා දීම සහ මෙරට වෘත්තීය පුහුණු ක්ෂේත්රයේ ධාරිතාව වර්ධනය කිරීම (Capacity building for vocational training) සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර ඉතා සාර්ථක හා ඵලදායී සාකච්ඡාවක් සිදුවූ බව අමාත්‍යවරයා සඳහන් කරයි.

