ඇපලෝ රෝහල් සමූහය සෞඛ්‍ය ක්ෂේත්රයේ ආයෝජන අවස්ථා සොයයි
ඇපලෝ රෝහල් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී වී. නවීන් මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා හමුවිය.
මෙම හමුවේදී ශ්‍රී ලංකාව තුළ රෝහල් පිහිටුවීමට සහ මෙරට සෞඛ්‍ය ක්ෂේත්රයේ ආයෝජනය කිරීමට ඇපලෝ රෝහල් නියෝජිත පිරිස සිය කැමැත්ත ප්‍රකාශ කරන ලදී.
එමෙන්ම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්රයේ ආයෝජන සහ සහයෝගීතාව සඳහා වන අවස්ථා පිළිබඳව ද මෙහිදී වැඩිදුරටත් අවධානය යොමු විය.

