පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ සේවාවන් සඳහා උපාධිධාරින් බඳවා ගැනීමේ ගැටලුව තවදුරටත් සංකීර්ණ කරනු එපා

මෙම ගැටලුව දීර්ඝ කාලයක් තිස්සේ විසඳා ගැනීමට වෘත්තිකයන් වශයෙන් උත්සාහ කලද ඒ සඳහා කිසිදු සාකච්ඡාමය අවස්ථාවක් සෞඛ්‍ය ඇමතිවරයාගෙන් හෝ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් මේවන තෙක් නොලැබීම බරපතල කාරණාවක් වී ඇත.

විශේෂයෙන්ම මෙම ගැටලුව මේ තරම් බරපතල නොවී විසඳා ගැනීමට තිබූ සියලු අවස්ථාවන් සෞඛ්‍ය ඇමතිවරයාට නිලධාරීන් විසින් ලබා දුන් වැරදි තොරතුරු නිසා මගහැරී ඇති බව කණගාටුවෙන් වුවද පෙන්වා දියයුතුවේ.

බඳවා ගැනීම් වලට අදාලව ලැබුණු ඉල්ලුම් ඉල්ලුම්පත් ප්‍රමාණය සහ පවතින නිවැරදි පුරප්පාඩු ගණන පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් විසින් ඇමතිවරයාට ලබා දී ඇතිතොරතුරු නිවැරදි නොවන බව සංගමය පෙන්වා දෙයි.එසේම විභාගයක් පැවැත්වීමට පෙර එම අයදුම්පත් වල ප්‍රතික්ෂේප කල හැකි යම් ප්‍රමාණයක් සහ සම්මුඛ පරීක්ෂණ කැඳවූයේ නම් ඉල්ලුම් කළ සියලු දෙනා නොපැමිණෙන තත්ත්වයක් මත මෙම ගැටලුව විසඳා ගැනීමට හැකියාව ලැබෙන බව අවස්ථා ගණනාවකදීම අප ප්‍රකාශ කරන ලදී.එම ගැසට් පත්‍රයේම ශ්‍රවණවේදී කාර්මික ශිල්පී තනතුර සඳහා බඳවා ගැනීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන් එම ක්‍රමය අනුගමනය කිරීමත් වෛද්‍ය රසානාගාර විද්‍යාඥය සහ  භෞචිකිත්සක වෘත්තිකයන් සඳහා එම ක්‍රියාමාර්ගය ආනුගමනය නොකිරීම මත සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන් මෙම ගැටලුව හිතාමතා ඇති කළ කාරණාවක් බවපැහැදිලි වෙයි.

කෙසේ වෙතත් මේ වන විට සෞඛ්‍ය ඇමතිවරයා නැවතත් ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට උත්සාහ කලහොත් මෙම ගැටලුව තවත් සංකීර්ණ වන බව පරිපූරක වෛද්‍ය වෘත්තීන් පෙන්වා දෙයි. එයට හේතු වන්නේ මේ වන විට ගරු අධිකරණය හමුවේ පවතින නඩු කටයුත්ත අවසන් වී නොමැති අතර එහි තීන්දුව ලැබෙන තෙක් මෙවැනි බඳවා ගැනීමක් සිදුකිරීම අදාල උපාධිධාරීන්ට සිදු කරන බරපතල ගැටලුවක්බව පෙන්වා දිය යුතුවෙයි.

එසේම මේ වන විට සෞඛ්‍ය අමාත්‍යවරයා හෝ සෞඛ්‍ය ලේකම්වරයා ඇතුළු නිලධාරීන් සෞඛ්‍ය සේවාවේ සිටින වෘත්තිකයන්ගේ ගැටලු විසඳා ගැනීම සඳහා අවශ්‍යය සාකච්ඡාමය මැදිහත්වීම සිදුවූ නොකිරීම බරපතළ ගැටළුවක් වී ඇත. මේ වන විට සෞඛ්‍ය ඇමතිවරයා ඇතුළු නිලධාරීන් සාකච්ඡා ලබා දෙන්නේ පවතින රජයට අනුබද්ධ වෘත්තීය සංගම් වලට පමණක් වීම බරපතල කාරණාවක් වී ඇත. සෞඛ්‍ය සේවාව තුළ සිටින බහුතරයක් නිලධාරීන් අයත් වන්නේ නිර්දේශපාලනික ස්වාධීන වෘත්තීය සංගම්වලට වීම හේතුවෙන් බහුතරයක් වූ සෞඛ්‍ය වෘත්තිකයන්ගේ ගැටළු විසඳා ගැනීම මේ වන විට ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දී ඇත.

| චානක ධර්මවික්‍රම

ලේකම්

පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය

Leave A Comment