විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමට විරුද්ධ විය යුතුයි – USP

අධිකරණයේ ස්වාධීනත්වය හා ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමට පෙළ ගැසෙන ලෙස එක්සත් සමාජවාදි පක්ෂය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, වර්තමාන ආණ්ඩුව උපරිමාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය වසර දෙකකින් දීර්ඝ කිරිමට කටයුතු කරණ බවට තොරතුරු ලැබෙමින් පවතී. මෙය තවදුරටත් රහසක් නොවේ. මෙයට හේතු වශයෙන් ආණ්ඩුව පවසන්නේ අධිකරණය පද්ධතිය තුළ පවතින නඩු ගොඩගැසිමට පිළියමක් වශයෙන් මෙය සිදුකරණ බව ය.

එය විහිලු කතාව නඩුගොඩ ගැසිමට පිළියම් වශයෙන් කළයුතු ප්‍රතිසංස්කරණ බොහොමයක් ඇත. දැනට තිබෙන උසාවි ප්‍රමාණය වැඩි කරමින් ඊට සරිලන විනිශ්යකාරවරුන් බඳවා ගත යුතු ය. කාර්ය මණ්ඩල සේවකයින් වැඩි කිරිමට පියවර ගනිමින් අනුසාංඝික ආයතනවල මානව සම්පත් ප්‍රසාරණය කළ යුතු ය. එවානි දීර්ඝ කාලින පිවරයන් නොගෙන ඉහල අධිකරණවල විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරිම පය බරවායට පිටකර බෙහෙත් බඳිනවා වැනි ය. මේවා අන්දරේගේ විහිලුවලටත් වඩා හාස්‍ය ජනකය.

අපට හැඟී යන්නේ මෙම ක්‍රියාව අණ්ඩුවට අවශ්‍ය ලෙස විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරිම සඳහා සිදුකරණ උප්පරවැට්ටියක් ලෙස ය. මෙය ප්‍රජාතන්ත්‍රවාදි සම්ප්‍රදායන්ට පටහැනි වන අතර අධිකරණයේ ස්වාධීන පැවත්මට බරපතල හානිදායක ක්‍රියාවකි. ආණ්ඩුවේ මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රියාවට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු බලවේග පෙරට එන ලෙස අපි ආයාචනා කරන්නෙමු.

Leave A Comment