ශ්‍රී ලංකාවේ ස්නායු රෝගී ප්‍රතිකාර සඳහා “ස්නායු රෝග විද්‍යා ආයතනය” (Institute of Neurology) ජනතා අයිතියට
ශ්‍රී ලංකා ජාතික රෝහලේ (NHSL) රුපියල් මිලියන 99ක් වැය කර පූර්ණ ප්රතිසංස්කරණයකින් පසු පිහිටුවන ලද “ස්නායු රෝග විද්‍යා ආයතනය” (Institute of Neurology) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ සහභාගිත්වයෙන් (ජුනි 01) දින පෙරවරුවේ ජනතා අයිතියට පත් කරන ලදී.
ස්නායු රෝගී ප්‍රතිකාර සේවාවන් (Neurology Services) මඟින් මොළය, සුෂුම්නාව, ස්නායු සහ පේශි පද්ධතිය ආශ්‍රිතව ඇතිවන රෝගී තත්ත්වයන් හඳුනා ගැනීම සහ ප්‍රතිකාර කිරීම සිදු කරනු ලබන අතර, මෙම ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකාවේ ස්නායු රෝගී ප්‍රතිකාර සේවාවන් අතිශය පුළුල් හා කාර්යක්ෂම වනු ඇත.
මෙම විවෘත කිරීමට සමගාමීව ස්නායු රෝග විද්‍යා ආයතනයේ නිර්මාතෘ, දේශමාන්‍ය විද්‍යා ජෝති විශේෂඥ වෛද්‍ය ඡේ.බී පීරිස් මහතාගේ ඡායාරූපයක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අතින් නිරාවරණය කළ අතර, එම අවස්ථාවට විශේෂඥ වෛද්‍ය ඡේ.බී පීරිස් මහතා ද එක්ව සිටීම විශේෂත්වය කි. මෙහි දී ස්නායු රෝග විද්‍යා ආයතනයේ අංක 62/63 වාට්ටු ද (Neurology unit ward 62/63) නිල වශයෙන් විවෘත කළ අතර ප්‍රථම රෝගියා ලියාපදිංචි කිරීම ද සිදුවිය.
මෙම ඒකකයට ඇතුළත් වාට්ටු දෙකෙ හි රෝගී ඇඳන් 22 බැගින් පවතින අතර එම වාට්ටු කාන්තා හා පිරිමි වශයෙන් වෙන් කර ඇත.

